ශ්‍රී ලංකාවේ පළමුවැනි සන්නද්ධ අරගලය (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
1971 අප්රේල් 5 වැනිදා අලුයම 5.30 ට ඌව පළාතට අයත් වැල්ලවාය පොලිස් ස්ථානයට ප්රහාරයක් එල්ල වුණේ, නිදහස් ශ්රී ලංකාවේ පළමුවැනි සන්නද්ධ අරගලය ආරම්භ වුණු බවට ශ්රී ලංකාවට පමණක් නොව සමස්ථ ලෝකයාටම පණිවුඩයක් ලබාදෙමින්.
අදින් හරියටම අවුරුදු 50 කට පෙර ක්රියාත්මක වූ මෙම සන්නද්ධ අරගලය මෙහෙයවනු ලැබුවේ රෝහණ විජේවීර නායකත්වයක් දෙනු ලැබූ ජනතා විමුක්ති පෙරමුණ. ශ්රී ලංකාවේ සාම්ප්රදායක දේශපාලනය උඩු යටිකුරු කරපු මේ පරාජිත කැරැල්ලට අදට හරියටම අවුරුදු 50 ක්. කැරැල්ල සංවිධානය කරපු ජනතා විමුක්ති පෙරමුණ ආරම්භ කළේ 1965 මැයි මාසේ 14 වැනිදා වෙසක් පෝය දවසක. එහෙම බැලුවාම දැන් ජනතා විමුක්ති පෙරමුණට වයස අවුරුදු 56 ක්.
ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් විසින් මේ කැරැල්ල ආරම්භ කරන්න සැළසුම් කරලා තිබ්වේ 1971 අප්රේල් 5 වැනිදා රෑ 11 ට. ඒ රට පුරාම පොලිස් ස්ථානවලට එකවර එල්ල කරන ප්රහාරයක් විදිහට. එහෙත් දැන් වගේ සන්නිවේදනය නොදියුණු ඒ කාලේ, මේ පණිවුඩය හරියට ප්රාදේශීය නායකයන්ට ගිහින් තිබ්බේ නැහැ. ඒ නිසා තමයි වැල්ලවාය ප්රදේශය කේන්ද්ර කරගත් කැරලිකාරයෝ එදා උදේ 5.30 ට පොලිසියට ප්රහාර එල්ල කළේ. ඒ නිසා වැල්ලවාය පොලිසියට පහර දුන්නා කියන ප්රවෘත්තිය ගුවන් විදුලියෙන් අහපු ජවිපේ නායකයෝ පවා පුදුම වුණාලු.
වැල්ලවාය පොලිසියට එල්ල වුණු ප්රහාරයෙන් පොලිස් භටයෝ දෙන්නෙක් ජීවිතක්ෂයට පත්වුණා.
කොහොම හරි සැළසුම් කරපු විදිහට සෙසු පොලිස් ස්ථානවලට ප්රහාර එල්ල වුණේ එදා රෑ එකොළහට. ජවිපේ කැරලිකරුවෝ එදා රෑ රටේ එක එක තැන්වල පොලිස් ස්ථාන 92 කට පහර දුන්නා. ඉන් පොලිසි ස්ථාන 57 කට බරපතළ හානි සිද්ධ වුණා. රාජාංගන්ය, ඌරගහ, කතරගම, දෙනියාය සහ වරකාපොල කියන පොලිස් ස්ථාන 5 යටත් කරගන්න කැරලිකාරයන්ට හැකියාවක් ලැබුණා.
ඇල්පිටිය ප්රදේශ දවස් කීපයක්ම තමන් යටතේ තබාගන්න කැරලිකරුවන්ට හැකියාවක් ලැබුණා. ප්රහාර එල්ල වුණු පොලිස් ස්ථාන කිහිපයක් අතහැර දැමීම නිසා තවත් ප්රදේශ කිහිපයක පාලනය බිඳ වැටුණා.
එතකොට ලංකාව පාලනය කළේ අගමැති සිරිමාවෝ බණ්ඩාරනායක. විපක්ෂයේ හිටියේ ජේ.ආර්. ජයවර්ධන. ජේ. ආර්.-සිරිමා ජන්මාන්තර වෛරක්කාරයෝ වුණත්, ජවිපේ කැරැල්ල මර්ධනය කරන්න ජේ.ආර්. එයාගේ පූර්ණ සහයෝගය සිරිමාවෝ ට දුන්නා. ඒ කාලෙත් එහෙම තමයි, පංතියට කෙළ වෙනකොට අනික් හැම නොගැළපීමක්ම පැත්තකින් තියලා උන්ට එකට හිට ගන්නාව.
ඉන්දියාව විතරක් නෙමෙයි, සමාජවාදී පාලනයක් තිබුණු සෝවියට් රුසියාව පවා කැරැල්ල මර්ධනය කරන්න සිරිමා රජයට යුද්ධ ආධාර දුන්නා.
අප්රේල් 6 වැනිදා වෙද්දි ආණ්ඩුව කැරැලිකාරයන්ට ප්රහාර එල්ල කරන්න ගත්තා. දවස් කීපයක් යද්දි නායකයන් ඇතුළු ජවිපේ කැරලිකරුවෝ 5000 ක් විතර පොලිස් අත්අඩංගුවට පත්වුණා. අනෙක් අයට භාර වෙන්න කියලා නිවේදනය කළා. කොහොම හරි මාසයක් යද්දි 1971 තරුණ නැගිටීම සම්පූර්ණයන්ම පරාජයට කරන්න රජයට හැකියාව ලැබුණා.
මේ කැරැල්ලෙදි ආණ්ඩුව කියපු විදිහට කැරලිකාරයෝ 5000 ක් විතර මැරුණා. ඒත් නිල නොවන වාර්තාවලට අනුව මියගිය පිරිස 20,000 ක් විතර වෙනවලු.
1971 අපේ්්රල් කැරැල්ල බොහෝ දෙනෙක් හඳුන්වලා දෙන්නේ “පරිණත” නොවූ තරුණයන් පිරිසක් විසින් දියත් කරපු අසාර්ථක වෑයමක් කියලා. ඒත් “පරිණත” මිනිස්සු කැරැලි ගහන්නේ හරිම අඩුවෙන්. 1971 කැරැල්ලට නායකත්වය දෙන් කොට ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීරගේ වයස අවුරුදු 28 යි. කියුබානු විප්ලවයට නායකත්වය දෙනකොට ෆිදෙල් ක්රැස්තෝගේ වයසත් අවුරුදු 28 යි. රුසියානු විප්ලවය කරද්දි නම් ලෙනින්ගේ වයස අවුරුදු 47 යි.
අඩ සියවසකට කලින් දියත් කරන ලද නිදහස් ශ්රී ලංකාවේ පළවැනි සන්නද්ධ අරගලය උපන් ගෙයිම පරාජය වුණා. එහෙත් එයින් දීපු පණිවුඩය අදටත් ලංකාවේ සමාජ, දේශපාලනය සහ ආර්ථිකය දෙදරවීමට සමත් වෙලා තියෙනවා.
71 තරුණ කැරැල්ල සාධාරණද? අසාධාරණද? කියන එක ගැන නොයෙක් දෙනා නොයෙක් දේවල් කියනවා.
ඒත් අදින් අඩ සියවසකට කලින් ජීවත් වුණු කොල්ලෝ කෙල්ලෝ දහස් ගාණක් කැමැත්තෙන්ම ආයුධ අතට අරගෙන තමන්ගේ ජීවිතය පූජා කළේ අද අපි ජීවත් වෙන ශ්රී ලංකාව වඩාත් යහපත් තැනක් කරන්න. ඒ කිසිම කෙනෙක් ජීවිතය දුන්නේ කිසිම පෞද්ගලික ලාභ අපේක්ෂාවක් ඇතිව නෙමෙයි.
එදා සාපේක්ෂව බැලුවාම අද වෙන විට එක කැරැල්ලට කැරැලි සිය ගාණක් ගහන්න තරම් හේතු කාරණා අපේ රටේ තියෙනවා. ඒත් “දෙවැනි ඉනිම” බලලා සනීපෙට නිදා ගන්න ජනතාවක් ඉන්න රටේ, සමාජ අසාධාරණය වෙනුවෙන් සහ අනාගත පරම්පරාවේ සුබ සිද්ධිය වෙනුවෙන් කතා කරන්න කැමැති පිරිසක් ඉන්නවද? කියන එක තමයි ප්රශ්නේ…
අවනීතියෙන් අසාධාරණයෙන් පීඩා විඳි සුවහසක් මිනිසුන් උදෙසා වඩාත් යහපත් හෙට දිනක් වෙනුවෙන් තම දිවිය පුද කළ ඒ අව්යාජ මිනිසුන්ගේ මතකය පිළිබඳ නන්දන වීරසිංහ විසින් රචනා කළ “කිරි සුවඳැති රාත්රිය” නම් ග්රන්ථයේ එන “බක්මහේ කටහඬ” නම් කවි පංතිය ඇසුරෙන් නන්දා මාලනී ය විසින් ගයපු ගීතයකින් මේ සටහන අවසන් කරන්නම්.
එරබදු අතු නැමී රෑ හුළඟේ හැපෙන
ගඟ බඩ නුඹේ උණු ලේ පුසුඹම දැනෙන
හිමිහිට පුංචි රතුමල් පෙති දිග හැරෙන
මේ බක්‌ මහෙත් ඉවුරෙන් අත වනනු මැන
ඒ බක්‌ මහේ රෑ හඳ දියවෙන කලට
නුඹේ සිරස පාවී ආවා තොටට
තියුණු නිවුණු සීතල දෑසෙහි රුවට
ඇවිළුනා පැතුම ගිනි දැල්ලක ලෙසට
අවියෙන් වනසන්න බෑ උතුම් අරමුණු
හඬගා කියන නුඹේ හඬ අහසේ හැපෙනු
ඇසුණා ඒ හඬේ නෑ මිය ගිය ලකුණු
මරණය සුන්දරයි සත්යය වෙත නැමුණු
ගායනය – ආචාර්ය නන්දා මාලනී
පද රචනය – නන්දන වීරසිංහ
සංගීතය – මහාචාර්ය රෝහණ වීරසිංහ
– අනිල් කරුණාරත්න –

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!