දවසක් තරුණ මාපිය යුවලක් මා හමුවන්නට ආවා…
ඒ ඔවුන්ගේ දෙහැවිරිදි දරුවා නිසා ඇති වූ ගැටළුවක් විසඳා ගැනීමට …
මේ දරුවා යන්තමින් අත්පා හසුරුවා ගන්නට හැකි වූ වියේ සිට ලඟට එන සියල්ලන්ට පහර දෙනවාලු
අතට හසුවන දෙයින් දමා ගසනවාලු..
ඒ අවස්ථාවන්හිදී ඔහුගේ මුහුණ කෝපයෙන් පිරෙනවාලු…
බොහෝ උපදෙස් ,උපදේශන ආදී දේ තුලින් වත් පිළිසරණක් නොලැබූ කල..
දිනක් අහම්බෙන් මා ලියූ මනෝවිද්‍යා පොතක් දැක ඔවුන් මා වෙත ආ බවයි ඔවුන් මට පැවසුවේ…
බැලූ බැල්මට ඒ ජීවිත හුගාක් සශ්‍රීකයි..
තරුණ මාපියන් අතරත් තිබුණේ හොඳ ගැලපීමක්….
ඒ ජීවිත පිළිබඳව අනාවරණය කල ලෙසට
ඔවුන් දරුවා ලැබෙන්නට සිටින කාලයේ පවා ඉතා සමඟියෙන් සිටි යුවලක්..
දරුවෙකු ලැබෙන්න ඉන්න මවක් ලද යුතු සියළු සත්කාර ඈට ඈ අවට සිටි සියල්ලන්ගෙන් ලද බවයි සනාථ උනේ..
දරුවාගේ ප්රචණ්ඩ හැසිරීම් හැරුණ කොට දරුවාත් කායික නිරෝගී තාවය උපරිම බවත්
මනා ක්‍රියාකාරිත්වයක් ඇති බවත් වෛද්‍ය පරීක්ෂණ වලින් ඔප්පු වී තිබුනා ..
එහෙනම් වරද කොතැනද ????
ජීවිත පුහුණු කරුවෙකු ලෙස ඒ ජීවිත තවත් විශ්ලේෂණය කරද්දි …
අපූරු ඉඟියක් මට ලැබුණා …මේ මවගේ පූර්ව ගර්භ සමය ගැන ..
විධායක ශ්‍රේණියේ රැකියාවක් කල මේ තරුණ සැමියාගේ ප්‍රියතම ක්‍රීඩාව වූයේ ..
“රෙස්ලින් “
(පෞද්ගලිකව මං අකමැතිම ක්‍රීඩාවක්..
එකිනෙකා සමඟ පොරබදමින් පෙරලෙමින් කරන මේ ක්‍රීඩාව මටනම් දැනෙන්නෙ මිලේච්ඡ ක්‍රීඩාවක් කියලා )
සෑම දවසකම රාත්‍රියේ ඔහු නින්දට යනතුරු මේ මිනිස් පොර නැරඹුවා..
ඔහුගේ බිරිඳත් එයට ලොල් උනා..
ගැබිණි සමයේ පවා ඈ ඔහු සමඟ එක්ව රෙස්ලින් තරඟ නැරඹුවා ..
කාලය ගෙවී කුස ඔත් දරුවා ඉපදුනා..
මුවින් ගත් පෝෂණීය ආහාර නිසා එය වෛද්‍ය නිර්දේශය අනුව නම් එය
නිරෝගී දරුවෙකුගේ උපතක් ….
නමුත් ඔවුන්ගේ පොරකෑම් නැරඹීමේ සංස්කෘතිය ට අනුව …
අවකාශයෙන් ඊට ගැලපෙන විඥානයක් ආකර්ෂණය වී තිබුනා ..
අමතරව ඔවුන් එයට සාර්ථක රෙස්ලින් පුහුණුවක් ද ගර්භාෂයේ දී ලබා දී තිබුනා
අවසානයේ කුසින් එලියට ආවේ
රෙස්ලින් ශූරයෙක්…
ඉතින් කවර වරදක්ද????
ඔවුන් ඔවුන්ගේ සිතිවිලි අනුව අනාගතය තෝරාගෙන තිබුනා …
දරුවන්ට දෙස් දෙවොල් තියෙන ..ඔවුන්ගෙන් පීඩා විඳින දෙමාපියන් විසින් අමතක කර දමන තමන්ගේ සිතිවිලි වල ..
තමන්ගේ පුරුදු වල …ඇත්ත …ගැන ආයෙත් හිතන්න ඕනෙ ..
අපිනම් පොඩිකාලෙ ඔහොම නැහැ කියන්න පෙර….
ඔයා ලැබෙන්න පෙර අපි හැසුරුණේ මෙහෙමයි කියලා අවංකව හිතන්න ඕනෙ..
Super mind නවතම 4K 8D වීඩියෝවට මුල් උනේ මේ මාතෘකාව…
කැමතිනම් ඔබටත් එය නැරඹීමට හැකියි..
මෙයයි ලින්ක් එක
මතක තියාගන්න ඔබට ඔබේ අනාගතය නිර්මාණය කල හැකියි ..
ඔබේ සිතිවිලි තමයි එහි නිර්මාපක…
අනාගතයේ ඔබට වරදක් නොවන සේ සිතිවිලි හසුරවා ගැනීම ඔබේ වගකීමයි..
Super mind සමඟ