පුරා මාස ගානක් තිස්සෙ තිබුනු මහාපතරංග විභාගෙ ඉවර කරලා පැය 24 ඒවගෙන් තුන් වෙලක් එකදිගට නිදාගන්නවා කියලා මටම පොරොන්දු වෙවී හිටපු මට විභාගෙ ඉවර උනු දවසෙම පහුවදා අක්කලාගෙ ගෙදර යන්න උනේ රෝස කැලෙන් අහුලන් ආව කීව කෙල්ල බලාගන්න. මීට මාස හතකට කලින් ඔය කෙල්ල ගේන්න මාත් රෝස කැලේට ගිහින් රෝසපාටට එලපු කොට්ශීට් එකක් උඩ උන්නු ලස්සන කෙල්ලක්ව අතට ගත්තා මතකයි.. එදා උදේම කෝල් කරා හොස්පිට්ල් එකෙන්. මගේ අක්කා හෙදියක් නිසාත් එයාට ගොඩක් අමාරු වෙලා සිහියක් නැතුව හිටිය නිසාත් ගෙදරට කොල් එකක් ආවා පාන්දරම අක්කා ලගට ඉක්මනටම කෙනෙක් එවන්න කියලා. ඒ අනුව උතුරා යන සහොදර සෙනහසකින් අවශ්‍යම වෙලාවෙ හයියක් වෙන්න මට අවස්තාව ලැබුනා. ඊටත් වඩා මාස ගනන් බලාගෙන හිටපු අපේ අමුත්තිය සියැසින්ම බලාගන්න තිබුනු අප්‍රමාන උනන්දුව තවදුරටත් තදකරගෙන ඉන්න බැරි උනා. අපෙ අක්කට හොදටම නින්ද ගිහින් අමාරුවට මූනත් කොට්ටෙ යටට ගහගෙන.. ඇදන් දෙකක් මැද්දෙන් තියලා තිබුනු පොඩි ඇදේ අපේ කෙල්ල නිදි. අක්කයි අයියයි දෙන්නම කලුයි. ඒ උනාට මේ කෙල්ල සුදුයි ලස්සනයි. එයාගෙ පුංචි වගේමයි. අනේ… ඉතින් මගේම අක්කගෙ දරුවව අතට ගන්න නංගි කෙනෙක්ට දැනෙන හැගීම විස්තර කරන්න නම් මන් දන්නෙ නෑ. මුලු හදවතම හරි බරයි ආදරෙන්. ඒ එක්කම අපිටත් නොදැනිම හිතට දැනෙන වගකීම තමන්ගෙකම.. ආදරය හරි බැරෑරුම්.. තවත් මොහොතක් බලා ඉන්න බැරිම තැන මට මතකයි වෙව්ලන ඇස් දෙකෙන් කදුලු පුරවගෙන දෝතින්ම මගේ කෙල්ලව මන් වඩාගත්තා හරි පරිස්සමට. ඒ තරම් සෙනෙහෙබර කදුලු මගෙ ඇස්වලට බර වැඩි උනත් බොද උනු ඇස් වලින් තවමත් බලන් ඉන්නෙ කෙල්ලගෙ මූන දිහා.. සෙහෙහසකට අරුතක් පුරවන්න කියලා ඇහැට කදුලු ආවට මොකද පිටගැස්මට එන්නතක් විද්දා වගේ දුවගෙන දුවගෙන ආව ගෑනු කෙනෙක් පිටට ගහලා ළමයා තියාපන් කීවා. මංගල රනිල් දිහා බලනවා වගේ මාත් ඇන්ටි දිහා හරි අහිංසක බැල්මක් දාලා යන්තන් ඇගිලි කොනින් කදුලු පිහගන්නකොට අර නැන්දා මගේ අතින් ළමයා අරන් ආයෙත් ඇදෙන් තිබ්බා. ඔයා කවුද කියලා නැන්දා මගෙන් ඇහුවට මොකෝ මගෙ නම කීවා කියලා එයා මාව දන්නවද.. ඔන්න මන් සමිතා මුදුන්කොටුවවත් උනා නම් එයාට කියන්න තිබුනා මන් සමිතා කියලා. එහෙනම් එයා මාව දන්නවනෙ. මන් ඉතින් ටිකක් වටපිට බලලා මන් අපේ අක්කව පෙන්නලා කීවා. මේ අපේ අක්කා කියලා. එතකොටම ඔන්න අක්කගෙ යාලු නර්ස් අක්කා කෙනෙක් ආවා මාව අදුරගෙන.. ආනේ මේ නංගි නේද.. අක්කට නම් හොදටම නින්ද ගිහින් නංගි… බබාව දැක්කද කියලා ඇහුවා. මාත් ඉතින් ඔව් අක්කේ බබාව නම් දැක්කා.. කියලා යන්තන් ඇස් කොනින් අර නැන්දවත් පෙන්නුවා. ආ නෑ නෑ නංගි ඒ මේ ඇදේ අම්මගෙ බබා.. අක්කගෙ බබා අක්කගෙ ඇද එහා පැත්තේ කියලා ඇදවල් දෙක මැදින් මාව එහා පැත්තට එක්කන් ගියා. අනේ ඉතින් දැන් ආයෙත් අර මුල්ම ෆීලින්ග් එක ගනින්කො මුල උදන්.. මගුල! දැන් ඇඩෙන්නෙත් නෑ. ඒ ඔක්කොටම වඩා සතුටුයි තව දසමයයි තුන්කාලෙන් ළමයි ජාවාරාම් නඩුවකට පැටලෙන්න තිබුනු චාන්ස් එකෙන් බේරුන නිසා.
ඔන්න ඕක අතීත කතාව වෙච්චි කොට මේ වෙනකොට මාස හතක් ගිහින් දැන් ඉස් ඉස්සරලම අක්කගෙ අදික කාර්යාබහුල ජීවිතේට උදව් වෙන්න වෙලා තියෙන්නේ මට. අපේ අක්කත් මේ ටිකේම ෆේස්බුක් එකේ නංගිගෙ අගේ කිය කියා ආදරේයි කිය කියා මාව ටැග් කර කර පෝස්ට් දානවා. හාවෙක් කියලා කැරට් කන්නම ඕනයැ මලවිකාර! මේ වෙලාවෙත් මේ පොස්ට් එක ලියන්නෙ කෙල්ල ඔඩොක්කුවෙ නිදිකරවන ගමන්.
මායි තව මගෙ තනියට අවුරුදු 26ක අක්කා කෙනෙකුයි අපි දෙන්නා තමයි බබා බලාගන්නෙ. අපි ඉන්නෙ අපේ අක්කලාගෙ ගෙදර. තවම ඒ තැන අපිට වගේම ඒ දෙන්නටත් අලුත්. එයාලා අලුතින් තමයි පදිංචියට ආවේ. මේ ගෙදර ලගම එහාපැත්තේ තව අලුත් ගෙයක් හදනවා. ඉතින් ඕකේ බාස් අයියලා බාස් මල්ලිලා බාස් මාමලා පදිංචි වෙලා ඉන්නවා. දැන් අක්කයි අයියයි වැඩට ගියාම මායි අර අනිත් අක්කයි තමයි බබා බලාගන්නේ. අපිත් ඒ දවස්වල සෑහෙන්න බෝනික්කෝ අරන් ක්ලින්ක් ගියාට මොකද මේ වෙනකන් ළමයෙක් බලාගෙන තිබුනෙ නෑනේ. උදේ පාන්දර 4 වෙනකොට සද්ද පූජාවත් එක්ක ඇහෙරෙන ළමයා පාන්දර 5 හමාරෙ ඉදන් හවස 7 වගේ වෙනකන්ම ළමයගෙ චූටි අම්මට භාරයි. ඒක නිකන් හරියට මහාමේරු පර්වතේ උඩින් සිමෙන්ති කොට්ට දෙකක් තියලා ඊටත් උඩින් ගල්බාගයක් තියලා මගේ ඔලුව උඩින් තියලා යනවා වගේ. අපේ කෙල්ල ලේසියකට නිදාගන්න ළමයෙකුත් නෙවෙයි.
කොහොමහරි ඔන්න කෑමජාති තුනක් විතර කවලා නාවලා ළමයා නිදිකරවන්න කියලා ගත්තා. මොන නිදි කරවනවද.. එකටම මහ දවාලේ බජව්වක් දාගෙන.. බාස් අයියලා.. ඒ මිනිස්සුත් වැඩ කරන්න එපැයි දෙයියනේ කියලා ජනෙල් දොරවල් සේරම අක්කට වහන්න කියලා ළමයත් අරන් කාමරේට වෙලා දැන් ඉතින් නලවනවා.. යාන්තන් ඇස් දෙක පියවෙනකොටම මොකෙක්දෝ වාසුදේවයෙක් හයියෙන් හුවක් කීවා ආතල් එක වැඩි වෙලා. අනිත් අතට හිත හදාගෙන ආයෙ පටන් ගත්තා.
අතට වෙරළු ඇහිද ගෙනේ… ඉනට පලා නෙලා ගෙනෙ…බරටම දර… ආහ් අහ්හ් අහ්හ ජිහි ජිගිතා…
ආයෙ පටන් අරන් අර මගුල.. මේ කට්ට දවාලේ බාස් පීපල්ස් බොන්න පටන් අරන්.. බෝතල් වලට ගගගා බජව් දානවා. මායි කමනියි මූනෙන් මූන බලාගෙන ටිකක් වෙලා ඉන්නකොට ළමයා අඩන්න ගත්තා ආයෙත්.
අනේ ඉතින් ආයෙත් හෙනරාජ මන්තරේ එකසිය විසිඅට පාරක් කියවනවා වගේ ගලින් ගලට පනින ඇතින්නට කලන්තෙ දානකන්ම ඇතින්නියෝ ගල් වලින් පන්නා පන්නා.. කොක්කුන්ව කඩේ යව යවා.. කිරි එරන්න ගිය අම්මව 119 ගහලාවත් හොයාගෙන එන්න බැරි තරමටම නැලවිලි ගී කීවට ඊටවඩා බැක්ගරවුන්ඩ් මියිසික් එකේ බේස් වදිනවා සද්දෙට. කොහොමින් කොහමහරි මුහුදු පතුලෙන් හොයාගෙන ආපු පබලු මුතු සේරම අරන් සමනල කන්දත් වැදගෙන බෝධිපූජා කවිත් කියාගෙන මේ අවුරුදු 23ට දන්න නැලවෙන කවි සේරමත් කියාගෙන ළමයා නිදිකරවා ගත්තා.. ඒ කියපු ටික රෙකෝඩ් කරගත්තා නම් නැලවිලි ගී සමග බෝධිපූජා කවි කියලා පීස් එකක් විකුනගන්නත් තිබුනා. අන්තිමට පූජා කරන්නම් මලක් ඔයා නමින් අනේ හාද.. නිදියනවද.. කියලා ළමයත් වැඩේට එකග වෙලා නිදාගත්තා.
පැයක් විතර අතයි කකුලයි දෙකම ළමයා එක්ක හොලවලා හොලවලා පරණ මොරිස්මයිනරයක හුළං බැහලා වගේ යාන්තන් ඇදෙන් නැගිටලා ටක්ගාලා ගියා රෙදි ටික හෝදලා දාන්න කියලා. එක රෙද්දක් හෝදනවා ඇවිත් එබිලා බලනවා.. තව රෙදි කෑලක් හෝදනවා ආයෙ ඇවිත් බලනවා.. රෙදි කෑලි තුනකට වගේ කෙල්ල ඉන්න විදිය මාරු වෙලා.. තුනට එක අනුපාතේ ගානට තියාගෙන බැලන්ස් එකේ අපි වැඩ කරගෙන යනකොට..
අරහෙ බාස් පීපල්ස් නොනවත්වා බෝට්ටුවෙන් ඉතාලියට යන්න අඩගානවා. මට ඉතින් සෙනෝරීටාගෙ අම්මාව සිහිවෙලා බලන් ඉදලා බැරම තැන ගියා ඉස්සරහට. ගිහින් බැල්කනියෙ ඉදලා එහා ගෙදර දිහා අපේ අම්මා මට ඈත ඉදන් හරි ලස්සනට සෙනගක් ඉස්සරහා උනත් හිග් ගෑවිලා යන්න බලන පිච්චෙන ඇස් දෙකත් මතක් කරගෙන ඒ තාලෙටම මූනත් හදාගෙනම් ඇස් දෙකත් ඉර එලියට හරවලා බැලුවා… බැරි වෙලාවත් ඉර එලියත් වැදිලා ඇස් දෙක ගිනිබෝල දෙකක් වගේ උනොත් වැඩේ ගොඩනෙ කියලා කටයි මූනයි ඇසුයි හදාගෙන වීනස් දෙවගනට මකරියක් වැහිලා බලන් ඉන්න වෙලාවක වටේටම හෙන ගහනවා වගේ ෆීලින් එකකකින් බාස් පීපල්ස් දිහා බලන් හිටියා. දැන් මාත් අපේ අම්මා වගේම ඇති කියලා හිතුවත් මන් නිකන් කුමාරි අක්කා බැල්කනියේ ඉදන් අත වනන ගානට තමයි බලන් ඉදලා තියෙන්නෙ කියලා තේරුනේ බාස් අයියලාගේ විසිල් පාරෙ සැර මගෙ ඉස්සරහා දත් දෙක අස්සෙන් යන්කොටයි.. මොකද මන් රවනවා කීවට කටත් ඇරන් තමයි ඉදලා තියෙන්නෙ. ඒකෙන් තව ටිකක් ෆෝම් උනු මුන්ටික ඈත ඉදන් මගේ පැත්තට අතදික් කරගෙන “” ඉතින් කෝ…කියන්නකෝ….”” ලු..
කියන්නනෙ කීවේ මාත් මේ පැත්තෙ ඉදන්..
අනේ රෝසා පොල්ල ගනින් බල්ලා මරන්න…කියලා කියන්න වගේ බලාගෙන හිටියට කීවේ නෑ. මන් වෙනුවට කමනි කට ඇරලා කිවා පොඩි ළමයෙක් නිදාගෙන ඉන්නවා සද්දෙ පොඩ්ඩක් අඩු කරන්න පුළුවන් ද කියලා. එතකොටම මුන් ටික.. ලස්සනයි බලන්න ඔයාගෙ මල් සිනා කියලා ආයෙත් පටන් ගත්තා උන්ගේ ආතල් එක. ඒ අස්සෙ එකෙක් මට කියනවා අසල්වැසියාට ප්‍රේම කරන්න ඉගෙන ගන්නලු. ප්‍රේමතී ජායති සෝකෝ බැරි වෙලා හරි කෙල්ල ඇහැරුනොත් තමයි මන් උබලට ජාතිය අමතලා මෙතන සෝක කරලා දේසේ පාලු කරන්නෙ කියලා හිතනකොටම,
අපේ කෙල්ල ඇහැරලා උල්ලැයි උල්ලැයි ඌ ටෝන් එකෙන් යටිගිරියේ නෙට් එකේ වදින්න හූ තියනවා ඇහුනා.. අයියලාගේ ෂෝ එක මැද්දෙන් දොරින් දොර ඇරගෙන දුවගෙන දේව්දාස්ගේ පහන ගන්න දුවන පාර්වතී වගෙ මමත් බාස්කට් බාල්දි මුට්ටි පෙරලගෙන ළමයා ගන්න ඇදට දිව්වා. දැන් ඉතින් ඩිස්නිලන්තේ සාලෙ මැද්දට අරන් ඇවිත් කොරහක් මැද්දෙන් කිරි කෝප්පයක් තියලා ඒක වටේට ඉදගෙන වැහි නැටුම නැටුවත් අපේ කෙල්ලව සැලෙන්ඩර් කරන එක අමාරු දෙයක් නෙවෙයි කරන්න බැරි වැඩක්. නිදිමත විකාරෙන් අඩන කෙල්ලව අතට ගත්තම හදිස්සියකට දෙන්න කියලා කිරිත් නැති කොට මට නිකන් දැනුමේ සහරාව මැද්දේ රතිඤ්ඤායක් අතේ තියාගෙන බඩගින්නට පොල් බෑයක් හොයන මීයෙක්ට එන ෆීලින්ග් එකක්. මහා සද්ද පූජාවක් වගේ කන්දෙක අස්සේ හොරණෑ ගහනකොට ඊටවඩා හයියෙන් මාත් හා හා හා හෝ හෝ හෝ ගෑවට කෙල්ලට තියා මටවත් මගේ කටේ සද්දෙ ඇහෙන්නෙනෑ. කරන්නම දෙයක් නැති තැන බෙලෙක් පිගන් දෙකක් අරන් ගැම්මට නිල්වන් මුහුදු තීරේ බීට් එකට ගහගෙන ගහගෙන ගියා.. මොන පිස්සුද ඒකටම හරියන්න තාලෙ අල්ලන කෙල්ල ඇස් දෙකත් පොඩි කරගෙන හුස්ම අල්ලන්නෙ නැතුව අඩනවා. කොයි විදියකින්වත් දැන්නම් නවත්තන්න බෑ කියලා තේරුම් යනකොට මගෙ ඇගේ මාලු ගගේ ඉදන් බල්ටි ගහන්න ගත්තා. දැන් ඉතින් ගාසා තීරෙට ඇදන් ගිහින් රත් කරලා බලන් ඉන්න මිසයිලයක් වගේ මාත් කෙල්ලව වඩාගෙනම ගියා බැල්කනියට. ගිහින් ඉස්සරලම අහු වෙන එකෙක්ගෙ බෙල්ලෙන් අල්ලලා බෙල්ල වටේට කකුලක් ගැටගහලා කකුල වටේට බඩවැඩලක් ඔතලා දකුනු පැත්තෙ සාකුකුව ගාවින් ඒකගෙ අක්මාව එල්ලන්න පුළුවන් තරම් සුන්දර සාම කාමී හැගීමකින් බලන් ඉදලා ඇති අතරම් ළමයටත් අඩන්න දුන්නා අරුන්ට ඇහෙන්න. ඒ ගිහින් මාත් හයියෙන් අයියෝ… ඕඕඕඕ.. හෝ… හෝ.. හෝ… කියලා මහා හයියෙන් ළමයා නලවන්න පටන් ගත්තා.
දැන් ළමයත් අඩනව ඒ මැද්දෙන් මාත් හු තියලම ළමයා නලවනවා. දෙල්ගොඩ පොලයි පිටකොටුවයි කතරගං යනවා වගේ තකට තක වෙන්න මාත් අතාරින්නෙ නැතුව සද්දෙ දැම්මා. මෙහෙන් කතරගං යද්දි එහෙන් අයියලාගේ උච්ච “” ස””.. දකුනෙන් රී… කියාගෙන වයඹට එනකොට ..”” ග”” ම “” එක්ක “”ස”” පාගා පාගා කොළඹට යනවා වගෙ උතුරු දකුණ ලෙවල් නැතුව අස්තාවර වෙන සෘති උඩින් යනවා.
ඒ කරලා එකපිට එකපිට වැටෙන සිම්බල් සාගරයක් මැද්දකට ගල් වලින් ගහනවා වගේ මන් ගිහින් ටීවි එකයි රේඩියෝ එකයි දෙකම දැම්මා දාන්න පුළුවන් උපරිම සද්දෙට.. එතකොට නම් ඒ සද්දෙට රුහුණු කුමාරිට හැච්චිමක් ගියා වගේ එකපාරම සද්දෙ වැඩිවෙලා කෙල්ල අඩන එක නතර කරා. ළමයට සද්දෙ හොද නැති හින්දා ආයෙත් ටීවි රේඩියො ඕෆ් කරලා ගියා බලන්න බැල්කනියට.
එකපාරම එකම මොහොතක එක සැනින් මහා හයියෙන් පිපිරලා සුන්නද් දූලිවෙලා ගිය අවිගබඩාවක් මැද්දෙන් හුලං ගිය බැලුං අටක් වගේ ක්සනිකව වෙරි හිදගෙන බලන් ඉන්න චීන චිම්පන්සි වගේ බාස් අයියලා අපේ ගෙදර දිහා බලන් ඉන්නකොට මට දැනුනු සතුට කොරලයින් ජූරිට එලිසබත් රැජිනගෙ ඔලුවෙන් ඔටුන්න ඇදලා ගන්න කොට දැනෙන සතුටටවත් ගන්න බෑ කියලා අම්මපා මට තේරුම් ගියා. ඒත් ඉතින් අපේ කෙලගෙ ගිය නිනිද ආයෙ මාදැල් දාලවත් අල්ලලා දෙන්න බැරි බව දන්නවා උනත් අද දවසම ළමයා අඩන අඩන හූ තියෙන සැරයක් ගානේ ටක්ගලා බැල්කනියට අරන් දුවන් අමතක කරේ නෑ මන්. වෙනදා හවස් වෙනකොට හීනියට පොඩි රේඩියෝවක් දාන බාස් අයියලස්ගෙ අද රේඩියෝවත් නෑ. හිතන්නෙ ඒත් මන් නවත්තයි කියලා ද. නෑ හෙටත් ළමයා පාන්දර ඇහැරලා අඩනකොටත් බැල්කනියට අරන් යන්න පුළුවන් විදියට බැලකනිය හදලා තමයි අද නින්දට යන්නෙ.
* ඉල්ලංකනසිංහ *
නැනීගේ දවස (වැල් වටාරම්)
Share With Friends
Facebook
WhatsApp
Telegram
LinkedIn
Email