හරි පුදුම ඉස්කෝලේ (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
ඔබ කියවිය යුතුම කථාවක්
මා මේ පොත මුලින් කියවූයේ මීට දශක එක හමාරකට පෙරය. මගේ මතකයේ හැටියට මා විසින් එකල දහ වතාවකට වඩා මෙය කියවා ඇති බව මට විශ්වාසයෙන් කිවහැක. නූතනයේ දකින තරගකාරි අධ්යාපන රටාව සමග හුදෙක් පොත පතින් පමණක් දැනුම සම්ප්රේෂණය කරවන ගුරුවරු මිස කොබයාෂි වැනි පරමාදර්ශී ගුරුවරුන් අද නැත. සිටියත් ඔවුන් දුලභය.. කළු නික සෙවීම ඊට වඩා පහසු වනු ඇත.
මා පරිවර්ථක ලීලානන්ද ගමච්චි මහතාගේ හැදින්වීම මෙසේ උපුටා දක්වමි.. එකී හැදින්වීමම මේ පොත කියවා නැති අයෙකුට පොත පිළිබඳ අදහසක් ලබා ගැනීමට උපකාරි වනු ඇත..
“මේ පාසලේ දී සිසුවාට හිමි වූ නිදහස හා යොමු වූ පෞද්ගලික අවධානය ජපානයේ පමණක් නොව, මුළු ලොවේ ම ව්යාප්තව ඇති සමකාලීන අධ්යාපන ප්රවාහයට පටහැනිය. මේ ක්රමයේ වැදගත්කම හා සාර්ථකත්වය තම තමන් ලද මූලික අධ්යාපනය නැවත තක්සේරු කර බැලීමට කියවන්නන් පොලඹවයි. මේ කෘතිය නොවූ විරූ පාඨක ප්රසාදයක් ලැබීම අනුකාරවාදී අධ්යාපනඥයන්ට අනතුරු සංඥාවක් ලෙස සැලකීම සුදුසු ය.
ශ්රී ලංකාවේ අධ්යාපන කටයුතුවල නිරත සියල්ලන්ට ම ඒ අනතුරු සංඥාව ගැන සංවේදී භාවයක් ඇති වේවා යන්න අප ගේ පැතුමයි. ජීවිතයට අදාළ දේ ජීවිතයෙන් වෙන් කොට අමුර්ත විෂය කරුණු සම්භාරයක් බවට පත් කර, බාල පරපුරේ හිස් ගෙඩි තුළ ඒවා පිරවීම අධ්යාපනය යැයි වරදවා සිතන අධ්යාපන නියමුවන්ට සැබෑ අධ්යාපනය දැකීමට මේ පොත පර්යාලෝකයක් වේවා!
ඊනියා ගුරු අත්පොත් ඇතුළු පාඨමාලා ද්රව්ය පසුපස වැටී, නිර්මාණ බෙලහීනතාව තුළ අනුකාරක වත සපුරමින් අනාගත පරපුරද අනුකාරකයන් බවට පත් කිරිමේ මහා ව්යාපෘතියක නියැලී, විෂය කරුණු බෙදා හැරීමේ තැරැව්වන් වූ ගුරු පරපුරට, විශේෂයෙන් ම ප්රාථමික පාසලේ ගුරු සරණියට ඉදිරිමග පෙන්වීමට මේ පොත සහන් එළියක් වේවා!
අධ්යාපන ඉනිමග දිගේ, ඉහළ ස්ථරයට තම දරුවන් තල්ලු කිරීමට දැරෙන වෑයම තුළ මිනිස්කම වගා වනු වළකා, නොතිත් තරගය මගින් අසහනය, ගැටුම හා ඉච්ඡා භංගය වගා කොට සමාජ ව්යසනයට දායක වන මාපියන්ට, ළමයින් වීමට ළමයින්ට ඉඩ දීමේ නැණැස පෑදීම සදහා මෙ කෘතිය ආලෝක කදම්බයක් වේව!
ශ්රී ලංකාවේ පාසලින් පලා ගොස් ඇති නිදහස, ජීවන ආස්වාදය හා මානව ප්රේමය යළි එහි සැපත් වේවා!
උපුටා ගැනීම: Chathuranga Amarathunga

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!