මේ පිංතුරය දින කිහිපයකට පෙර ෆේස්බුක් සමුහයක දුටු විට මට මීට වසර කිපයකට පෙර සිද්ධියක් මතක් උනා.
අපි දෙන්නෙක් පොන්ඩිචේරියේ සවාරියක යෙදුන අවස්තාවක, රාත්තිරයේ ඇවිදින අතරේ මගේ සෙරෙප්පුවේ පටිය කැඩුනා. පහුවදා හිමිදිරියේම 7 ට විතර අපි දෙන්නා පාරට බැස්සා සපත්තු කාරයෙක් හොයාගන්න. එතකොට අපිට හමඋනා උදේ තම ‘කඩේ’ අරින සපත්තු කාරයෙක්. කඩේ කිව්වට ඒක මේ පිංතුරෙ වගේම වීදියේ තාප්පයකට අටවපු කාඩ්බෝඩ් යාලත්තක් පමනයි. යාලත්ත කුඩයක් වාගේ ඉහට ඉහලින් ඇටෙව්වා. ප්ලාස්ටික් කොලයක් එලුවා බිමට. මලකඩ කාච්ච පෙට්ටියකින් ආයුද, මහන නුල් ඉදිකටු ,පරන හං කැලි, සපත්තු අඩි යනාදිය එලියට අරගත්තා. පොඩි ටින් එකකට සාම්බ්රානි දාලා දුම් ඇල්ලුවා කඩේට. හඳුන්කුරු දෙකක් පත්තු කරලා බිත්තියේ ගැහුවා. වෛවර්න , දෙවි දේවතාවුන් පේලියක් ඉන්න කාඩ්බෝඩ් පිංතුරයකුත් තාප්පේ එල්ලුවා. ස්තෝත්ර ගාථා කියලා දේවාශිර්වාද යාඥා කලා. මේ ව්යාපාරය විවෘත කිරීමේ ප්රොටොකෝල් එකට විනාඩි දහයක් පහලවක් ගතඋනා. අන්තිමේ බාස්උන්නැහේ ප්ලාස්ටික් කොලේ උඩ පද්මාසනයෙන් වාඩිවෙලා මගේ සෙරෙප්පුව මහන වැඩේට බැස්සා.
මෙි වෙනකොටම පුංචි සිලිසිලි බැගයක් අතින් ගත්, සපත්තු බාස්ගේ අත්වැඩකාරයා හෙවත් කා.කා.ස. මෙතැනට ආවා. බැගයෙන් පරනම පරන ටිකක් මලකඩ කාපු තර්මෝස් උනුවතුර බෝතලයක් එලියට ගත්තා. කට පලුදු වු අසෝක විදුරුවකට උනු වතුර වක්කලා. තර්මෝස් බොිතලේ පියනටත් උනු වතුර වක්කලා. සමහන් වගේ පුංචි පැකටි දෙකක් කඩලා, ගෝපාල් දත්බේත් පාට “තේ කොල’ කුඩු වර්ගයක් ඊට කලවමි කලා. වචනයක් වත් නොකියා අපට තේ දෙක පිරිනැමුවා. මෙික ප්රතික්ෂේප කරන්නට තරම් අකරුණාවක් නපුරුකමක් අපේ හදවත් තුල ජනිත කරගන්නට අපිට හැකි උනේ නැහැ. අපි දෙන්නත් ඉස්සරහින් වාඩිවෙලා ස්තුතියි කියලා ඒ කසාය තේ දෙක බිවිවා.
මේ හදවත උනුසුම් කරන ආගන්තුක සත්කාරයෙන්
Kindness from strangers කියමන අපට මතක් උනා.
උපුටා ගැනීම: Rupi Dias