වයිෆ් පාවිච්චි කලාට ගෙවීමක් කරන්නම් ගිණුම් අංකය එවන්න (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
මෑතකදි විවාහ වුනු ආකාශ්ගේ ගේ දුරකතනයට කෙටි පණිවිඩයක් ලැබුණ බවට ආ බීප් නාදය නිසා තමන්ගෙ වැඩ අස්සෙම බැලුව මොකක්ද කියල ! එම පණිවිඩයේ මෙසේ සඳහන් ව තිබුණි.
‘ ආකාශ් මහත්තයා මට සමාවෙන්න . මා ඔබගේ වයිෆ් ඔබට හොරෙන් සෑහෙන දවසක් පාවිච්චි කලා. දිවාරෑ දෙකේම. ඇත්තටම ඔබට වඩා මමයි පාවිච්චි කලේ. ඔබ බොහෝ වෙලාවට ගෙදර නැතිනිසා මට ඒක පහසුවුණා. ඔබ සමහරවිට මා දැක ඇති ඔබගේ ගෙදර අසල සිටිනවා ඔබ එනවිට
ඒත් දැන් මට මහා වරදකාරී හැඟීමක් ඒ ගැන තියෙන්නෙ . ඒක නිසා මා කැමතියි ඔබට ඒ වෙනුවෙන් ගෙවීමක් කරන්න. ඒ සඳහා මට කරුණාකර ඔබෙගේ ගිණුම් අංකය එවන්න. මා මෙතෙක් පාවිච්චි කල ප්රමාණයට ඔබට මුදල් ගෙවන්නම්. ‘
මේක දැකල මාරාවේස වූ ඔහු වහා නිවසට යාමට පිටත්වුණා . ඒ යන අතරතුරත් කල්පනාකලා මීට කලින් හිටිය තැනත් තමන්ගෙ කාර්යාල සගයෙක් එක්ක සම්බන්ධයක් තියෙන බවට තමන්ට මුලදිම සැක හිතුන නිසා ඒක දුරදිග නොයා නවත්තපු හැටි.
මෙහාට මාරුවක් අරන් ආවෙත් අලුතින් ජීවිතය පටන්ගන්නව කියල හිතාගෙන ! දැන් ඒ ඔක්කොම ඉවරයි!!
‘ ආයෙ දෙකක් නෑ මේකි අරූ ගෙට ගන්නව ඇති මන් නැතිවෙලාවෙ! උගේ තියෙන කුපාඩිකම මදිවට මාව නිකන් පිම්පියෙක්ගෙ ගානට දාල තව මැසේජ් එවන්නත් තරම් බල්ලෙක් ඌ!!’
මේ ගැන කල්පනා කරකර ගිහිල්ලම ගෙදර යනකොට හොඳ සිහිය අවුල්වෙලා. ගෙදර ගියගමන් ගෑනිගේ බෙල්ලෙන් අල්ලල දෙකතුනක් ඇනල ඇහුව ඒ කවුද කියල !ගෑනි ඒ කතාව පිලිගත්තේම නෑ!
අන්තිමට දුරකතනයෙන් තමාට ලැබුණ කෙටි පණිවිඩය පෙන්නන්න හදනකොට දැක්ක එම පණිවිඩය ලැබී සුලු වේලාවකින් එම අංකයෙන්ම තවත් පණිවිඩයක් ලැබිල බව.
ඒකෙ මෙහෙම තිබ්බ!
‘ සමාවෙන්න මහත්තයා . මගේ මැසේජ් එකේ වයිෆයි ( wifi)වෙනුවට වයිෆ් ( wife)කියල වැදිලා ‘
( කෙටි පණිවිඩ යැවීමට ප්රථම කියවා බලන්න )
උපුටා ගැනීම: Channa Witha

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!