අත්තම්මා හරි පුදුම කෙනෙක්. බණ්ඩිගේ වගේම බණ්ඩිගෙ අයියාගෙයි අක්කාගෙයි අත්තම්මා,ඒ කියන්නේ අපේ අම්මා,ආදරය හිතේ මහ ගොඩක් පුරවන් ඉන්න කෙනෙක්. අක්කයි මායි ගොඩක් වෙලාවට ගෙදර යන්නෙ නිදහසේ ඉන්න. නිදාගන්න. හැමදාම ලමයි එක්ක මැරිලා මැරිලා නිදහසක් ලැබෙන්නෙ අම්මා ලගට ගියහම. කොච්චර අමාරු උනත් මොන අසනීපෙ තිබුනත්
අම්මේ මන් අද ගෙදර එනවා
කිව්ව වෙලේ ඉදන් මග බලන් ඉන්න කෙනෙක් තමයි අපේ අම්මා.බණ්ඩි හම්බවෙන්න ඉන්න කාලේ මාස 6-7 වගේ මට එකදිගට හිටගෙන ඉන්න අමාරුයි. උයන්න බැහැ මහන්සී. සමහර දවස් තිබ්බා එක වේලක් උයන්න පැය 4-5ක් ගිය. අම්මා කලේ සෙනසුරාදා මම ගෙදර ගියහම සතියකට ඇතිවෙන්න කෑම උයලා බාස්කට් වල දාලා මට අරන් යන්න හදලා දුන්න එක.බණ්ඩි හම්බවෙලා මාස දෙකහමාරක් ගෙදර හිටිය කාලේ මම කලේ කාලා බීලා බණ්ඩිට කිරි පොවලා හිටිය එක විතරයි.අත්තම්මා මහ රෑ පුරා නිදිමරාගෙන දවල් දවසෙත් බණ්ඩිව බලාගත්තා. බණ්ඩිගෙ අම්මාට නිදාගන්න කියලා. මට මතකයි බණ්ඩිට සති දෙකක් තුනක් වගේ කාලේදි හවසක අඩන්න ගත්තා කිරි බොන්නෙත් නැතුව.මට එපාම වෙලා අම්මෙ මෙයාව බලාගන්න කියලා අම්මට බණ්ඩිව දීලා මන් නිදාගත්තා. මම නැගිටිනකොට බණ්ඩි හරි සැපට කොට් එකේ නිදි. අයියවත් කතාකරගෙන බණ්ඩිව නලවගෙන හවස හය වෙනකොට බණ්ඩිව හෝදවලා ස්ලීපින් සූට් අන්දලා නිදි කරලා. එදා පටන් ගත්ත පුරුද්ද තමා අදටත් බණ්ඩිට තියෙන්නෙ හවස 6-7 වෙනකොට වොශ් කරලා ස්ලීපින් සූට් එකක් ඇදලා නිදාගන්න කොට් එකට යන.
අවුරුදු දවසෙ අත්තම්මා බලන්න බණ්ඩියි බණ්ඩිගෙ අක්කයි අයියයිත් ගියා. දවස් දෙකක් ඉදලා ආපහු ගෙදර යන්න ලෑස්ති වෙනකොට බණ්ඩිගෙ අයියාටනම් අත්තම්මා දාලා ගෙදර යන්නම බෑ කිව්වා.බණ්ඩිත් අත්තම්මා බදාගෙන සෑහෙන්න දුක මූනක් හදාගෙන අත්තම්මා බදාගෙන හිටියා. මට දැනුනේ එකම එක දෙයයි,
“ආදරේ දෙන තැන ලමයෙක් උනත් රැදෙන්න හරි ආසයි”
උපුටා ගැනීම: Ovini Samaraweera