චැලෙන්ජර් ඛේදවාචකය සිදුවුණේ NASA ආයතනය මඟින් චැලෙන්ජර් අභ්යාවකාශ යානාවේ 10 වෙනි දියත් කිරීම සිදුකර තත්පර 73 කට පසුයි . එහි සිටි සාමාජිකයන් හත් දෙනාම මරුමුවට පත් කරමින් යානාව පිපිරී ගියා. 1986 ජනවාරි 28 වන දින අත්ලාන්තික් මුහුදට ඉහළදීයි මෙම පිපිරීයාම සිදුවුනේ. දකුණු පස ඝන රොකට් බුස්ටරය (Solid Rocket Booster/SRB) නිසි පරිදි ක්රියාත්මක නොවීම නිසා හටගත් ගින්න බාහිර ඉන්ධන ටැංකිය වෙත පැතිරුණා. ක්රම ක්රමයෙන් යානාව විනාශ වන්නට පටන් ගත් අතර යානාව තුල සිටි සියල්ලෝම මරණයට පත්වුණා . යානාවේ මගීන් සිටින කොටස සහ වෙනත් කොටස් දීර්ඝ වෑයමකින් පසුව අත්ලාන්තික් මුහුදු පතුලෙන් සොයා ගැනුණා .
STS-51-L
STL-51 L යනු චැලේන්ජර් අභ්යවකාශ ෂටලයේ 10 වැනි සහ අවසාන පියාසැරිය යි. එය ඇමරිකානු ෂටල ව්යාපෘතියේ 25 වැනි දියත් කිරීමද වුණා. මෙය දියත් කිරීම 1985 ජුලි මාසයේ යෙදී තිබූ නමුත්, පසුව 1986 ජනවාරි මාසය දක්වා ප්රමාද කරවන්න සිදුවුණා. මෙහෙයුමේ සමාජිකයන් 1985 ජනවාරි 27 වැනිදා දැනුම් දුන් අතර, අණ දෙන නිලදාරියා වුණේ ගගනගාමී ෆ්රැන්සිස් ස්කොබී ය. මයිකල් ස්මිත් යානයේ නියමුවා ලෙස ද, එලිසන් ඔනිසුකා, ජුඩිත් රෙස්නික් සහ රොනල්ඩ් මැක්’නෙයා මෙහෙයුම් විශේෂඥයන් ලෙසද, ග්රෙගරි ජාවිස් සහ ක්රිස්ටා මැක්’ඔලිෆ් ගුවන් භාණ්ඩ විශේෂඥවරු ලෙස ද මෙහෙයුමට සහභාගි වුණා. ක්රිස්ටා මැක්’ඔලිෆ් මෙහෙයුමට එක්වුණේ ගුරුවරයින් අභ්යවකාශයට යැවීමේ ව්යාතියේ (Teacher in Space) කොටසක් ලෙසයි.
මෙහෙයුම දියත් කිරීමට නියමිතව තිබුනේ නැගෙනහිර සම්මත වේලාවෙන් උදාසන 9:38 වූ නමුත්, අයිස් දියවීම සඳහා කාලය ලබාදීමට, එය පැය දෙකක් කල් දැමුණා. උදෑසන 11:00 ට STS-51-L මෙහෙයුම සඳහාචැලේන්ජර් ෂටලය කෙනඩි අභ්යවකාශ මධ්යස්ථානයේ LC-39B පීඨිකාවෙන් දියත් වුණා.
දියත් කිරීම සහ අනතුර
T=0 යනු දියත් කිරීමේ මොහොතයි. (තත්පර වලින් )
දියත් කිරීම සහ ආරම්භක ආරෝහණය
T-6 ට ප්රධාන එන්ජින දහනය ආරම්භ කරන අතර ෂටලයේ ප්රධාන එන්ජීන දියර ඉන්ධන දහනයෙන් ක්රියාත්මක වුණා. දියත් කිරීමට පෙර මෙහෙයුම අවලංගු කළහොත් ක්ෂණිකව සහ ආරක්ෂිතව ක්රියා විරහිත කරන්න පුළුවන් . නමුත් ඝන රොකට් බූස්ටර ක්රියාත්මක වුණේ ඝන ඉන්ධන වලින් බැවින් ක්රියාත්මක කළපසු ඒවා ඉන්ධන අවසන් වන තෙක් දහනය වෙනවා. ඒ හේතුව නිසා ඝන රොකට් බූස්ටර ක්රියාත්මක කරන්නේ යානය දියත්වන අවස්තාවේදි (T=0 හෙවත් උදෑසන 11:00 ට) ම ය. T=0 වන විට රොකට්ටුව දියත් කිරීමේ පීඨීකාවට සම්බන්ධ කර ඇති ආධාරකයන් ඉවත් කරා.
යානය පීඨිකාව පසු කරනාවත් සමග ම යානයේ පාලනය කෙනඩි දියත් කිරීමේ මධ්යස්ථානයෙන් ජොහ්න්සන් අභ්යවකාශ මධ්යස්ථානයේ පිහිටි මෙහෙයුම් පාලක මැදිරියට යොමු වුණා. වායුගතික බලයන් මගින් යානයට හානි කිරීම වැලැක්වීම සඳහා සාමන්ය ක්රියාපටිපාටියට අනුව T+28 ට ප්රධාන එන්ජින ත්වරණය වීම අඩු කරනු ලැබුවා. T+40 වන විට යානය අඩි 19 000 ක් (මීටර් 5 800 ක්) ඉහළට ගමන් කර තිබුණු අතර ඒ වනවිට එහි වේගය ශබ්දයේ වේගය (පැයට සැතපුම් 761) ඉක්මවා ගොස් තිබුණා.
යානය බිඳ වැටීම
T+72 ට දකුනු පස ඝන රොකට් බූස්ටරය, එය භාහිර ඉන්ධන ටැංකියට සම්බන්ධ කර ඇති මුක්කුවෙන් ඉවතට තල්ලු වුණා. පසුව නිරීක්ෂනය කරන ලද ටෙලිමිතික දත්තයන්ට අනුව එම මොහොතේ යානය දකුනු පසට පාර්ශ්වික ත්වරණය වීමක් ඇති වූ බවට හෙලිවුණා. ගගනගාමින්ට එය දැනෙන්නට ඇති බවට සැලකෙනවා.කාර්ය මණ්ඩල කැබිනයේ තිබූ පටිගත කිරීමේ යන්ත්රයට පටිගත වූ යානයේ ගගනගාමින්ගේ අවසාන වචනය පිටවුණේ නියමු මයිකල් ස්මිත් ගෙනි. ඒ “අහ්, ඕහ්” යනුවෙනි. ඒ ප්රධාන එන්ජින කාර්ය සාධනය සහ පිටත ඉන්ධන ටැංකියේ පීඩනය වේගයෙන් අඩු වන බව දුටු ඔහු ඊට ප්රතිචාර දැක්වූ විදිහ වෙන්න පුළුවන්.
T+73 ට ද්රව හයිඩ්රජන් ටැංකියේ පසුපස භාගය අසමත් වූ අතර එයින් ඇතිවූ ප්රචාලන බලයෙන් හයිඩ්රජන් ටැංකිය, භාහිර ඉන්ධන ටැංකියේ ඉදිරිපස කොටසේ තිබූ ද්රව ඔක්සිජන් ටැංකියේ ගැටුණා. එම මොහොතේම දකුනු පස ඝන රොකට් බූස්ටරය ඉදිරිපස මුක්කුව වටා භ්රමනය වී බාහිර ඉන්ධන ටැංකි සම්බන්ධ කරන ව්යූහයේ සිරවුණා. මේ මොහොතේ භාහිර ඉන්ධන ටැංකිය සම්පූර්ණ ව්යූහාත්මක බිඳ වැටීමකට ලක්වුණු අතර ද්රව හයිඩ්රජන් සහ ද්රව ඔක්සිජන් ටැංකි කැඩී ගොස් ද්රව ඔක්සිජන් සහ ද්රව හයිඩ්රජන් මිශ්ර වී, ජ්වලනය වී විශාල ගිනි ජාලාවක් ඇති වුණු අතර ක්ෂණයකින් එය මුලු යානයම ආවරණය කරනු ලැබුවා.
යානය විනාශ වීම ආරම්භ වුණේ T+73.162 ට, අඩි 48 000 ක උන්නතාංශයකදී ය. භාහිර ටැංකිය කොටස් වලට කැඩී යද්දී චැලේන්ජර් එහි නියමිත ඉරියව්වෙන් වෙන්වී වායු ගතිකයට අනුව වේගයෙන් දිශාව වෙනස් වන්නට ගත්තා. (මේ අතර නිසි පාලනයක් නොමැති ඝන රොකට් බූස්ටර දිගින් දිගටම දහනය වෙමින් ත්වරණයක් ඇති කළා.) මේ සියල්ල හේතුවෙන් ඇති වූ 20 g ක පමණ ගුරුත්ව බලය 5 g ක් පමනක් දරාගත හැකි යානය ක්ෂනයකින් කඩා විනාශ කර දැමුණා. නමුත්, ඊට වඩාපීඩනයක් දරාගත හැකි ඝන රොකට් බූස්ටර දෙක පමණක් විනාශ වූ යානයේ සුන්බුන් අතරින් ඉවතට ඇදී, පාලනය-නොකළ බල ගැන්වූ පියාසැරියක යෙදෙන්නට වුණා. ඝන රොකට් බූස්ටර වල පිටත ආවරණය අඟල් භාගයක් පමණ ඝනකමක් ඇතිව වානේ වලින් නිපදවා තිබුණු නිසා ඒවා යානයට සහ භාහිර ඉන්ධන ටැංකියට වඩා ශක්තිමත් වුණා.
මෙහෙයුම් පාලන මැදිරියේ ප්රතිචාරය
යානය විනාශ වී යාම ගැන මෙහෙයුම් පාලක මැදිරියට මුලින්ම ලැබුනු ඉඟිය යානය සමග තිබූ රේඩියෝ සම්බන්ධය අහිමි වීමයි. මීට අමතරව රූපවාහිනි තිරවල දුම් සහ ජල වාෂ්ප (හයිඩ්රජන් සහ ඔක්සිජන් දහනයේ ප්රතිපලය) වළාවක් ද, කුඩා සුන්බුන් කැබලි පහළට වැටෙන අයුරුද දක්නට ලැබුණා. T+89 ට පියාසැරි අධ්යක්ෂ ජේ ග්රීන් ඔහුගේ පියාසැරි ගතික නිලධාරියාගෙන් තොරතුරු ඉල්ලා සිටියා. පියාසැරි ගතික නිළධාරියා පවසා සිටියේ රේඩාරයට මූලාශ්ර කිහිපයක් නීරීක්ෂණය වෙන බවයි. එයින් ද සනාථ වුණේ යානය කොටස් ගණනාවකට කැඩි ඇති බවයි. සුලු මොහොතකට පසු බිම්ගත පාලක නිලධාරිය පැවසුයේ රේඩියෝ සහ ටෙලිමිතික දත්ත සම්බන්ධය අහිමි වූ බවයි. ග්රීන් සිය කන්ඩායමට උපදෙස් දුන්නේ ඔවුන්ගෙ දත්ත හොඳින් නිරීක්ෂනය කරන ලෙසට යි.
T+110 ට කේප් කැනරවල් ගුවන් හමුදා මූලස්ථානයේ සිටි දුරස්ථ ආරක්ෂක නිළධාරියා විසින් දුරස්ථ ආරක්ෂක පද්ධතියේ තිබූ “විනාශ කිරීමේ” පැකේජ ක්රියාත්මක කළේ ඝන රොකට් බූස්ටර් ගුවනේදිම විනාශ කර දැමීමටයි. ඒ ඒවා තවදුරටත් පාලනයකින් තොරව ගමන් කිරීමෙන් ගොඩබිමට හෝ මුහුදට තර්ජනයක් වෙන්න පුළුවන්කම තිබුණු නිසයි. ගගනගාමින් මරණයට පත්වීම.
ගගනගාමින් සිටි යානයේ කැබිනය නිමවා තිබුනේ ශක්තිමත් ඇලුමිනියම් වලින්. එය රොකට්ටුවේ පිපිරීමේදි ඇතිවු 20 g ක පමණ ගුරුත්ව බලය දරාගන්නට සමත්වුණා. කැබිනය යානයෙන් වෙන්වී බැලැස්ටික කවයක ගමන් කරන්නට විය. තත්පර දහයක් තුල කැබිනය යටත්ව සිටි ගුරුත්ව බලය බින්දුව දක්වාම අඩුවෙලා පොලොව දෙසට වැටෙන්නට වුණා. මෙම කාලය තුල ඇතිවූ කිසිම බලයක් ගගනගාමීන් මරණයට පත් කිරීමට තරම් ප්රමානවත් නැත. එම නිසා ගගනගාමින් සියලුදෙනාම මේ අවස්ථාවෙදී ජීවතුන් අතර සිටි බවට සැළකෙනවා.
අධික ගුරුත්ව බලය ඔවුන් මරණයට පත් නොකළත් ඔවුන්ගෙන් කිහිප දෙනෙක්වම සිහිසුන් කරන්නට සමත් වුණා. ගගනගාමින් තුන් දෙනෙකු (ස්මිත්, සහ හඳුනා නොගත් දෙදෙනෙකු) ඔවුන්ගේ පුද්ගලික වායු සැපයුම් ඇසුරුම් ක්රියාත්මක කර තිබූ බවට පසුව හෙලිවුණා. එයින් පැහැදිලි වූයේ ඔවුන් තිදෙනා ඒ වනවිට මරණයට පත් වී හෝ සිහිසුන්ව නොසිටි බවයි. මීට අමතරව ස්මිත් ගේ දකුනු පස පිහිටි විදුලි පද්ධති ස්විචය පෙර තිබූ ස්ථානයෙන් ඉවත් කර ඇති බව සොයා ගැනුණා. එය තිබෙන තැනින් ඉවත් කිරීමට නම් එයට උඩින් ඇති ලීවර අගුල අදින්න උවමනායි. පසුව කළ පරීක්ෂණ වලින් හෙලිවුණේ මෙලෙස ලීවර අගුල ඉවත්වී ස්විචය තිබූ තැනින් ඉවත් වූයේ පිපිරීමෙන් හෝ ගැටීමෙන් ඇති වූ බලයකින් නොවන බවයි. එනම්, ස්මිත් විසින් ඒවා සිදු කර ඇති බවයි. යානයෙන් වෙන්වූ කැබිනයෙහි විදුලි බලය අහිමි වුණ නිසා එය නැවත ලබාගැනීමට ඔහු අසාර්ථක උත්සාහයක යෙදෙන්නට ඇති බවට සිතන්න පුළුවන්.
කෙසේ වුණත් කැබිනය සාගරයේ ගැටෙන මොහොතේ ගගනගාමින් සිහීසුන්ව සිටීම සැකසහිත වන්නේ පිපිරීමෙන් කැබිනයට හානි වී එය අවපීඩනය වූවා දැයි නිවැරදිව නොදන්න බැවිනි. පුද්ගලික වායු සැපයුමෙන් ආශ්වාසයට පමණක් වායුව ලබා දෙන නිසා, කැබිනය තුල වාතය හිස්වුණහොත්, අවපීඩනය නිසා ඔවුන් සිහිසුන් බවට පත්වෙන්න ඕන. (පුද්ගලික වායු සැපයුම ප්රයෝජනවත් වූයේ යානය පොලොවෙන් දියත් වීමට පෙර, පොලොව මතදී සිදුවන අවපීඩනයකදී භාවිතා කිරීමටයි. නමුත් යානය ඒ වනවිටත් 15 කි.මි. ක් පමණ අහසේ තිබූ බැවින් අවට වායුගෝලය ඉතා තුනී විය.)
ගගනගාමින් හත්දෙනා සිටි කැබිනය, චැලේන්ජර් විනාශ වී මිනිත්තු දෙකයි තත්පර 45 කට පමන පසුව පැයට කිලෝමීටර 333 ක (207 පැ.සැ.) වේගයෙන් අත්ලාන්තික සාගරයේ ගැටුණා. එයින් ඇතිවූ 200 g ක බලය කැබිනයටවත්, එහි සිටි ගගනගාමින්ටවත් දරා ගත හැකි බලයක් වුණේ නැහැ.
ගගනගාමින්ගෙ සිරුරු ගොඩ ගැනීමේ මෙහෙයුම් ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ නාසා ආයතනය එකාබද්ධව සති කිහිපයක් තිස්සෙ සිදු කළා.එයට වෙරළාරක්ෂක නිළධාරින්ගෙන්ද සහය ලබා ගත්තා. මාර්තු 9 වෙනිදා වන විට අධික ලෙස හානිවි විනාශ වී තිබුණු කැබිනය සහ එහි සුන්බුන් අතර සිරවී, මුහුදු ජලයෙන් සහ මුහුදු ජීවින්ගේ බලපෑමට ලක්ව විකෘති තිබූ ගගනගාමින්ගේ සිරුරුද සොයාගත්තා.
මරණයට පත්වූවන්
● ෆ්රැන්සිස් ඩික් ස්කෝබි, අණ දෙන නිලාධාරි
● මයිකල් ජේ. ස්මිත්, නියමු
● රොනල්ඩ් මැක්’නෙයාර්, මෙහෙයුම් විශේෂඥ
● එලිසන් ඔනිසුකා, මෙහෙයුම් විශේෂඥ
● ජුඩිත් රෙස්නික්, මෙහෙයුම් විශේෂඥ
● ග්රෙගරි ජාර්විස්, ගුවන් භාන්ඩ විශේෂඥ
● ක්රිස්ටා මැක්’ඔනිෆ්, ගුවන් භාන්ඩ විශේෂඥ, ගුරුවරිය● චැලෙන්ජර් ගගනගාමීන්ගේ පවුල්වල සාමාජිකයින් “අභ්යවකාශ විද්යා අධ්යාපනය සඳහා චැලේන්ජර් මධ්යස්ථානය” යනුවෙන් ලාභ-නොලබන සංවිධානයක් බිහි කළා. ඉගෙනීමේ මධ්යස්ථාන 43 ක් සහ එක් මූලස්ථාන කාර්යලයක් මෙම සංවිධානය විසින් ඉදි කළා.
● ● ඔවුන් සත් දෙනාගේ නම් කෙනඩි අභ්යවකාශ මධ්යස්ථානයේ නැරඹුම් සංකීර්ණයේ ඉදි කර ඇති “අභ්යවකාශ කැඩපත” නමින් හැඳින්වූ, රාජකාරියේදි මියගිය අභ්යවකාශගාමින්ගේ නම් සඳහන් අනුස්මරණ සමරුවට ඇතුලත් කළා .
● ● අභ්යවකාශගාමින්ගේ නම් වලින් ග්රහක හතකුත්, හඳේ අදුරු පෙදෙසේ ඇති ආවාට 7 කුත් නම් කළා.

උපුටා ගැනීම: Anuththara S