එදා අක්කගෙ පොඩි එකාව මොන්ටිසෝරි ඇරල එක්ක එන්න ගියේ මං. වැඩවල් ටික්කුත් වැඩිපුර තිවුනු නිසා මම කලින්ම ගියා.
ගිහින් ඔක්කොම වැඩවල්ටිකත් ටවුමෙන් කරගෙන, මම අන්තිමට තමයි මොන්ටිසෝරිය තියෙන තැනට ගියේ. ඒක ඇරෙන්නෙ 11.00ට උනත් මම 10.45වෙද්දි එතන.
මි.15ක් වැඩිපුර හිටං ඉන්න උනා. එපාම කරපු වැඩේ මොකද්ද කියනවනම්, ෆෝන් එකත් අමතක වෙලා ගෙදර තියල ඇවිත්. ඉතිං මක් කරන්නද 

පාර දෙපැත්තේ කට බල බලා මාත් ඉන්නව.
හරියටම හි.10ක් හෙම ගියාම ළමයින් ගන්න මිනිස්සු පොඩ්ඩ පොඩ්ඩ එතෙන්ට රොක් වෙන්න ගත්ත. එහෙම ඉද්දි එකෙක්කෙනා මා දිහා බලනව, සමහරු මනුස්සකමට හිනා වෙනව

අර එකෙක්කෙනා මා දිහා බලද්දි මම හිතුවෙ මාව අඳුරන්නැති හන්ද එහෙම බලනව ඇති කියල. නමුත් මම එයාල එක්ක කතාවට ගියෙ නැත්තෙ මට ඉතින් එයාල එක්ක පුරුදු වෙන්නෝන කියල උවමනාවක් තිවුනෙත් නෑ.
මෙහෙම්ම හිටං ඉද්දි කෙල්ලො දෙතුන් දෙනෙක්, (බොහෝ විට මට අක්කල ) මොකක් හරි කියන්න හදනව. නමුත් හංගන්න හදනවත් වගේ…….
මට ඒක එයාලගෙ හැසීරීමෙන් තේරුනා. මමත් ඉතින් මෙයාලා දිහා බලල ලස්සන හිනාවක් හෙම දැම්මෙ මාස්ක් එක ඇතුලෙන්මයි. මෙහෙම්ම ඉද්දි එක්කෙනෙක් ළඟට ආවා.
“නංගි ………” 
මට දෙලෝ රත් උනා, හෙමින් ෂේප් එකේ පල්ලෙහා බැළුවේ!!


“දෙයියෝ සාක්කි!!!! මම කලිසම දාන් ඇවිත් තියෙන්නෙ කණපිට”



(මගේ කතාව කියල හිතුවෙ නැති උනාට කමක් නෑ හොදේ………
)


උපුටා ගැනීම: Shãdhà Shirãàz