ඔබ ෆොරෙන්සික් (2020) නම් මලයාලම් චිත්‍රපට නරඹා තිබේද…? එම චිත්‍රපටයේ එක් තැනක ප්‍රධාන නළුවා විසින් තම සඟයන්ට දාම ඝාතකයකු පිළිබඳව විස්තර කරන අතර සත්‍ය වශයෙන්ම එහි විස්තර කර ලබන දරුවා ලොව ලාබාලතම දාම ඝාතකයා යි. ඒ ඉන්දියාවෙ බිහාර් ප්‍රාන්තයේ දී 2007 ජූනි මාසයේදී අත්අඩංගුවට ගනු ලබන අමර්ජීත් සාදා යි.
අමරජිත් සාදා උපත ලබන්නේ ඉන්දියාවේ දුෂ්කර ප්‍රදේශයක් වන බිහාර් ප්‍රාන්තයේ යි. ඔහුගේ උපන් වර්ෂය ලෙස සඳහන් ව ඇත්තේ 1998 වසරයි. ඔහු කුඩා කළදීම ඔහුගේ පවුල මුෂාහරි නම් ගමේ පදිංචියට ගිය අතර ඉතා දිළිඳු ගොවියෙක් වූ ඔහුගේ පියා උපයා සපයා ගත් දෙයින් යන්තම් ජීවිතය ගැටගසා ගන්නට ඔවුන්ට සිදුවී තිබුණි.
කෘෂිකාර්මික ගම්මානයක් වූ මුෂාහරි ඉතා සාමකාමී වටපිටාවක් සහිත එකක් වුවත් කිසිවෙකුටත් අදහාගත නොහැකි ආකාරයේ යමක් මෙම ගමේ සිදුවෙමින් පැවතුණා.
2007 ජූනි මාසයේදී භගවාන්පූර් පොලිසියේ මුල්ලක හිඳගෙන සිටියේ අවුරුදු අටක් පමණ වයසැති ලමයෙක්. ඒ මුෂාහරි ගම්මානයේ මිනීමැරුමක් සිදුව ඇති බව නන්නාඳුනන ගම්වැසියෙක් විසින් දැනුම් දී ගම්වැසියන් විසින් සැකකරු ලෙස මෙම දරුවා අල්ලාගෙන පොලිසියට භාරදීම නිසයි.
සැකකාර කොලුවා අත්අඩංගුවට ගැනීමට පෙර නැවත නැවතත් දරුවෙක් මෙවන් අපරාධ කරන්නේ කෙසේද යන්න පොලිසිය ගම්වැසියන්ගෙන් පුන පුනා අසා තිබූ අතර පොලිසියට තරු පෙනෙන්නේ ගම්වැසියන් මේ කොලුවාට නැගු චෝදනා සියල්ලක්ම ඔහු විසින් සිදු කළේ යැයි පිළිගෙන පාපොච්චාරණය කිරීමෙන් පසුවයි. ඉන් වඩාත්ම කණගාටුදායක පුවත වූයේ අමර්ජිත් විසින් අලුතින්ම මරා දමා තිබුනේ මාස හයක් වයසැති කුඩා දැරියක් වීමයි. එලෙස ඔහු කුඩා දැරියන් තිදෙනෙකු ඝාතනය කර තිබුනා.
ඔහුගේ ඝාතනයන් ගැන ලොවට හෙලි කරන විට එය මහත් කුතුහලයට ලක් වූ අතර ඔහුගේ බිහිසුණු ක්‍රියාවන් පිළිබඳ වාර්තා ඉක්මනින් පැතිරීම නිසා ඔහු ලොව පුරා ජනතාව කම්පනයට පත් කිරීමට සමත් වුනා. ඒ ඔහුගේ සියලු ඝාතනයන් ළදරුවන් විමත් ඉන් පලමු බිල්ල ඔහුගේ සහෝදරිය විමත් නිසා.
මොහුව අත්තඩංගුවට ගැනිමට වසරකට පමණ පෙර මොහු මෙම ඝාතන පෙල කිරීමට පටන් ගත් අතර වසරක කාල සීමාව තුල මොහු මිනීමැරුම් තුනක් කල බව පාපොච්චාරණ කර තිබුනා. තම දියනිය මරාදැමූ බව ඔහුගේ දෙමව්පියන් දැන සිටියත් දෙමාපියන් විසින් එය ලෝකයෙන් සැගවීම සහ වරදට දඩුවම් කිරිමට එදා බාරදී නොතිබීම නිසා එය මරණ තුනක් සිදුකිරීම දක්වා ඔහු හැසිරී තිබුනා.
ඔහුව පොලිසියෙන් අල්ලා ප්‍රශ්න කිරිම් කරන අවස්ථාවෙ බිස්කට් ඉල්ලා සිටි බවත් ඔහු එය සමච්චලයට ගත් බවත් කියවේ. ඉන් පැහැදිලි වන්නෙ ඔහු චෝදනා බැරෑරුම් ලෙස නොසැලකූ බවයි. ඔහු කළ ක්‍රියාව ගැන පසුතැවිලි නොවුනු අතරම ඔහුගේ පවුලේ අය ඔහුගේ වැරදි වසන් කිරීමට උත්සාහ කර ඇති බව පැහැදිලි විය. එනම් දෙමාපියන් විසින් නොදැන හෝ ඝාතකයකු නිර්මාණය කර තිබුනා.
පසුව අනාවරණය වූයේ පෙර මරණයකදීද මළ සිරුරක් සොයා ගැනීමට පවා ඔහු ගම්වැසියන්ට උදව් කර ඇති බවයි. ඉන් පැහැදිලි වන්නේ ඔහු එය එතරම් බැරැරුම් කර නොගත් බවයි.
මෙම නඩුව ජනමාධ්‍ය හා මනෝවිද්‍යා වරුන්ගෙ බොහො අවධානය දිනා ගත් අතර මනෝ විශ්ලේෂකයෙකු වන ෂම්ෂාඩ් හුසේන් වාර්තාකරුවන්ට පැවසුවේ අමර්ජිත් සාදා බොහෝ විට අනුන්ට තුවාල කර සතුටට පත්වන මානසික මට්ටමක් පැවති අයෙකු විය හැකි බවයි.
නඩු විභාගයෙන් ඔහුට වයස 18 වනතෙක් පරිවාස ගතකරන ලෙසත් මානසික රෝගයට ප්‍රතිකාර කරන ලෙසත් නියෝග කල අතර 2016 දී ඒ අනුව නිදහස හිමිවිය. එවිට ඔහුගෙ මානසික තත්ත්වය හොද අතට හැරි තිබු බව සදහන් වේ.
අද වන විට වයස 23ක් පමන වන මෙම තරුනයා මාධ්‍ය ආයතනයක සේවය කරන බව සදහන් වේ. ඉතින් ගුරුහරුකම් නොමැතිකම මත මෙවැනි සිදුවීම් තවද නිර්මාණය විය හැකි බව කිව යුතුය.
ඔහුගේ සත්‍ය චායාරූප පලකිරීම හරහා ඔහුගේ වර්තමාන තත්වය පහත හෙලීමට අදහස් නොකල බව සලකන්න.
උපුටා ගැනීම: රාම් වණා