එදා ටයිටැනික් ගිලුනේ නැත්නම් එහෙම (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
“අළුත් අළුත් දෑ නොතනන ජාතිය ලොව නොනඟී”
මෙහෙම ට්විටර් පණිවිඩයක් නිකුත් කලා නීල් ආම්ස්ට්රෝන් හඳට යන්න රොකටය පිටත් වුණාම,
නමුත් ඒ වහාම අමර්කාවල නාසා ආයතනයෙන් පණිව්ඩයක් ආවා,
“නීල් ෆෝන් එක වහාම ෆ්ලයිට් මූඩ් දාගන්න”
කියලා..
මම මේ උදේම මේම දෙයක් කීවේ අපි හැම වෙලේම දෙයක් දකින්න ඕනේ අවුට් ඔෆ් ෆ්රේම්,
එතකොට තමයි බිත්තියේ යන හූණෝ,
කැරපොත්තෝ,
පේයින්ට් පැචස් එහෙම පේන්නේ…
ඕව්කේයි…
මල්වඩම් අනවශ්යයයි…
මේකයි සිද්ධිය,
ආයෙත් ටයිටැනික් බැලුවා,
ඇත්තටම මට ඒක වෙනස් විදිහකට පෙනුනේ,
රෝස්ගේ අම්මලා කලින් රිච් ෆැමිලි එකක්,
තාත්තා මැරිලා,
දැන් ඉඩකඩම් දේපල වෙන්දේසි කරන්ඩ නියමිත් වෙලා තියෙන්නෙ,
ඉතින් රොස්ගේ අම්ම ප්ලෑන් කරන්නේ කොහොම හරි කැල්ගේ ඇඟේ රෝස්ව ගහලා එතනින් ගොඩ යන්ඩ,
කැල් කොල්ලත් ඇත්තටම රෝස්ට ආදරේ සීන් එකක් තියෙන්නේ,
රෝස්ට ඒක දිරවන්නෙ නෑ,
ඔච්චර එන්ගේජ් වෙලා ඉද්දීත් මේකි අර ජැක් එක්ක පිස්සු නටන්ඩ ගත්තා,
අනික රෝස් සුයිසයිඩ් කරගන්ඩත් ගියා,
ඒ කියන්නේ කෙල්ලට මොකක් හරි මානසික ලෙඩක් එහෙමත් තියනවා…
ලෝකේ ඉන්න හැම තුන්දෙනාගෙන් එක්කෙනෙකුට මානසික රෝගයක් තියනවානේ,
බලන්න දෙපැත්තේ දෙන්නා පිස්සු දෙන්නෙක්ද කියලා,
නෑනේ…
අහලාවත් නෑනේ…
හ්ම්ම්ම්ම්
එහෙනම් හිතා ගන්න…
මේ එෆ් බී පේජ් එකක තිබ්බ පලියට දෙපැත්ත බලනවා කියන්නේ…
දෙයාර් ඊස් සම්තින් බිහයින්ඩ් දැට්…
හරී,
මේ ලෝක පූජිත ආදර කතාව කැල්ගේ පැත්තෙන් බැලුවොත් හෙන විරහා සීන් එකක්…
ඔය ෆිල්ම් එකේ කාස්ටින් ටීම් එකට බැරිවෙලා හරි කැල්ව හම්බුණානම් ඔය කතාව වෙනස් විදිහකට යන්න තිබුණා,
මේ ෆිලුමේ හැටියට කපල් එක ජැක් ඇන්ඩ් රෝස්,
ඒත් වෙන්ඩ ඕනේ අන්ෆේත්ෆුල් වගේ කැල් ඇන්ඩ් රෝස් කපල් එක,
ජැකා තමයි දුශ්ටයා වෙන්ඩ ඕනේ…
දැන් අපි නිකමට බලමු නැව අයිස් කන්දේ හැප්පුනේ නෑ, ඒක කොහොම හරි හරවලා බේරාගත්තා කියලා,
එහෙම වුණානම් කොහොම වෙයිද???
========================
කපිතාන් බාර් එකේ බොන ගමන් තමන්ගේ ක්ෲ එකත් එක්ක
“මල්ලී කොහොමද එදා නැව සයිඩ් එකෙන් වැදුනානම් එහෙම???
එහෙනම් මචන් අනිවා ඇතුලට වතුර ඇවිත් , බඩු බනිස් වෙනවා,
හැබැයි පුතෝ එහෙම වුණානම් මේකට “අන්සින්කබල් ශිප්” කිය කියා අපි කියපු එකත් චාටර්,
එහෙමනම් මේකට ෆිල්මුත් ගහයි ටයිටැනික් කියලා”
(සියල්ලෝම මහ හඬින් සිනාසේ)
කැප්ටන් තායිවාන් චිලී සෝස් වල පොඟවා ගත් හැම් කෑල්ලක් කටේ දමා ගනියි.
“අප්පෝ ඔව් කැප්ටන් එදා කොහොම හරි ගේමක් දීලා අපි ටර්න් කලානේ”
” අපේ ටුවර් එකේ චාටර් සීන් එකක් කියලා තිබ්බේ අර තර්ඩ් ක්ලාස් එකේ එකෙන් මාලයක් උස්සපු සීන් එක විතරයිනේ නේද??? “
==============
ටයිටැනික් නැව ඇමරිකාවට ලඟා වනතෙක්ම ජැක්ව යකඩ බටයට මාන්චු දමා තබා ගනී,
වරාය පොලිසිය මඟින් ජැක්ව ඇදගෙන යයි,
පරන අලු පැහැති බෙල්ට් එක නොදැමූ කලිසම එල්ලා වැටෙයි,
විටෙක ඔහුගේ මුහුණට වැටෙන කෙස් රොද ඔහුගේ දකුණතේ බාහුවෙන් ඉහලට දමයි,
ඇත්තෙන්ම වයසට වඩා මහලු පෙනුමක් මොහුගෙන් පෙන්නුම් කරයි.
ඔහුගේ එක් අතකින් එදා නැවට නගිද්දී ගෙනගිය අලි කකුල මෙන් බෑගයත්,
අනෙක් අතින් ඔහුගේ පින්තූර ඇඳපු පොතත් ඔසවාගෙන එයි,
ඔහුත් තමා හා සෙට්වන හැම කෙල්ලගේම නිරුවත් ජායාරූප එකතුවක්ලඟ තබා ගත්තා කියා ඔබ දන්නවාද???
කෙසේ හෝ දියමන්ති මාලය සොරා ගැනීමේ වරදට වරද කරුවූ ජැක් සිරගත කරයි,
වෙලාවල ඔහු ෆොටෝ සියල්ල සාගයරයට දමා ඇත,
එසේත් නැතිනම් එංගලන්තයේ මහ රැජිනගේ සිට දෙවන ජෝජ් රජුගේ බිරිය දක්වා ක්ලෝත්ස් රිමූ වීමට ඉඩ තිබිණි.
ජැක්ට මිතුරන්ගෙන් ඔය නම වැටුණේ ඔහු බස් රථවල ගමන් කරන විට ඔහුගේ තිබූ නරක පුරුද්දක් නිසා බවත් ඔබ නොදන්නවා විය හැක.
දැන් ජැක්ව අල්ලා සිර කූඩුවේ දමා ඇත,
ඔහු සිරකූඩුවේ බිම දකුණතේ දබර ඇඟිල්ලෙන් රෝස් ගේ රුව අඳියි, නැවත මකයි…
“ශික්”
ඔහු වමත මිට මොලවා පොලොවට ගසයි,
සිර කූඩුවේ ඉහල කවුළුව අතරින් එන ආලෝක ධාරාව සමඟ ජැක් අත මිට මොළවා ගැසූ පහරින් ඇවිස්සුණු දූවිලි මනරම් දර්ශණයක් මවයි,
ආලෝක කදම්බ අතරින් දූවිලි අංශු ඔබ මොබ ගමන් කරන අපූරුව…
ඔහු විශාල දූවිලි අංශුවක් අල්ලා එය මහපටැඟිල්ලෙන් හා දබරැඟිල්ලෙන් පොඩි කරයි,
“මේ කොහෙවත් යන එකියක් හින්දා මට හිරේ ලගින්ඩ වුණානේ ඒත් මම නොකරපු වැරැද්දකටනේ මුන් මාව හිරේට දැම්මේ “
කියා ඔහුටම කියමින් බෙලෙක් කෝප්පයේ ඇති වතුර වලින් උගුරක් බොයි.
“ඳඟගෙයි දඬුවම් සියුමැලි වැඩිනම් අලුගෝසුවනේ එල්ලාපන්” ජැක් මුමුණයි.‍‍‍
=================================
“කැල් පුතේ උඹ ඔය ගෑනි ගැන ආයේ හිතන්ඩවත් එපා,
උඹ හිතන්නේ ඔය හෙලුවැලි පින්තූරේ අරූ ඇන්දේ නිකම් අනුමාන කරලා කියලාද?”
කැල්ගේ මව දොස් දෙවොල් තබද්දී කැල්,
“මම මෙච්චර වටිනා දියමන්ති මාලයක් දීලා, ඔක්කෝම වැරදි වලට සමාවත් දීලා තියෙද්දිනේ මේකි ආයෙත් අරූ එක්ක යකා නැටුවේ,
හ්ම්ම්ම් බොරු බයිලා මෙයා ලිස්සන්ඩ ගියාලු,
ජැක් ඇල්ලුවාලු,
මොනවාද මේ කතා???
මේක ෆිල්ම් එකක් නෙවෙයිනේ එහෙම වෙන්ඩ,
අනික ඔය මහ රෑ මොකටද ගියේ ඩෙක් එකට???
අපිට ගහන්ඩ ඕනේ මඩු වලිගෙන්”
“මොකාද පුතේ මඩුවා කියන්නනේ”
“ලංකාවේ මූද ආශ්රිතව ඉන්න මාලුවෙක් අම්මේ,
මඩු කරවල පට්ට රහයි,
ඒක හදන්න ඕනේ මෙහෙමයි,
කරවල ටික පොඩියට කපලා,
මිරිස් එක්ක මත ගාලා තියලා,
තාච්චියට තෙල් ටිකක් දාලා,
රත්වුණාම,
සුදුලූනුයි කරපිංචයි දාලා රන්වන් පැහැ වෙද්දී,
කපපු ලූණු කෑලිත් එක්ක දාලා ගත්තානම්,
කැකුළු බතුයි සම්බෝලයි එක්ක පට්ට,
ආ…
තව අන්තිම හරියෙදී තක්කාලි කෑල්ලක් දාන්න ඕනේ…
මන්නාරමේ ෆ්රෙශ් මඩු කරවල කිලෝ එක 250යි”
කැල්ගේ මව ග්රෑම් සීයක ගනන් අතින් හදා බලයි…
මේ අතර,
රෝස්ගේ මව කැල්ගේ මවට දුරකතන ඇමතුමක් ගනී,
“හෙලෝ”
“නන්ගි මම මේ රෝස්ගේ අම්මා”
“ඔව් අක්කේ කියන්ඩ”
“නෑ මේ අපේ ලමයින්ගේ කසාදේ ගැන කතා කරගන්ඩ ගත්තේ,
නන්ගි ඉතින් කෝල් එකක්වත් දුන්නේ නැති හින්දා මම මේ බැලුවේ,
නැවේදී අපේ එකීගෙන් මොනවා හරි අඩුපාඩුවක් එහෙම වුණාද කීයලා”
“අනේ එහෙම දෙයක් නෑ අක්කේ,
ඒ කසාදේ කෙරෙන්නේ නෑ”
“ටීක් ටීක් ටීක්”
ලෙස විසන්දි වීමේ නාදය ඇසේ, රෝස්ගේ මවගේ ඇඟ සීතල වී යයි…
ඇය නැවත උත්සාහා කරයි,
“ඔබ ඇමතූ දුරකතනයෙන් ප්රතිචාරයක් නොමැත,
එන්ගල් අලෙයික්කු තත්කාලේන මුඩියාද,
ද මොබයිල් යූ කෝල් හෙල්ඩ් නොට් රෙස්පොන්ඩඩ්”
‌රෝස්ගේ මව ගිරියෙහි නහර පුප්පමින් “රෝ……………………ස්”
රෝස් නැවේ නැටූ ජෝගියනිසා කැල්ගේ ගෙදරින් රෝස්ව ප්රතික්ශේප කරයි,
ඉන්පසු කැල් වෙනත් විවාහායක් කරගනී,
“එක වරක් ඔබට මා එපානම් සිය දහස් වාරයක් එපා මට ඔබ එපා” කැල් මුමුනයි
================================
ඒ අතර රෝස් සහ මව ආර්ථික අපහසුතා මැද කුඩා ගොවිපලක් පවත්වාගෙන යාමට තීරණය කරයි,
මේ වන විට ඔවුනට ඇති විශාලතම ගැටලුව වන්නේ රෝස්ට ජැක්ගෙන් ලැබෙන්නට සිටින දරුවා හදා වඩා ගන්නේ කෙලෙසකද කියාය,
එදා ජැක් සමඟ පරණ මොරිස් මයිනර් කාරයට නොනැග්ගානම් කියා රෝස්ට සිතී ඇත,
මීදුම් බැඳුන කාර් වීදුරුව පිහ දැම්මා රෝස්ට ලාවට මතකය,
වෙච්ච දේ වුණා,
දැන් බබා හම්බෙලාය,
පොඩි එකාගේ බරත් ගානටය,
එනිසා ත්රිපෝශත් නැත,
රෝස්ලාට දැන් වත්කමක් නැත,
සියල්ල වෙන්දේසි කර ඇත,
ඒ අතර රෝස් ගේ මව රෝස්ට අනතුරු ඇඟෙව්වා සේම ඔවුනට ඇඩ්රස් නැත,
තවද ඇය මැහුම් ගෙතුම් වලින්ද යම් මුදලක් සොයයි,
ඔවුන්ගේ ගොවිපලේ මූලිකම භෝගය වන්නේ බඩ ඉරිඟුය,
එම ප්රදේශයේ පැවති විශාල කෘමි උවදුරක් නිසා ඔවුනට බලාපොරොත්තු වූ තරමේ ආදායමක් නොලැබිනි,
” හයියෝ රෝස් මේ පාරත් අපිට කඩේ නය ටික ගෙවාගන්ඩ වෙන එකක් නෑ,
මේ සේනා ඇවිත් ඔක්කෝම විනාශ කලා,
හාක්රොස් පට්ටාස් වත් ගහන්ඩ ඕනේ,
නැත්නම් ගොඩ යාමක් නෑ “
“හ්ම්ම් ඒක ඇත්ත අම්මේ,
බලමු අපේ කිකිලියෝ ටික තාම බිත්තර දැම්මේත් නෑනේ”
“මම ටවුමට ගියාම දැක්කේ අර කැල් ලමයා අලුතෙන් කාර් එකක් අරගෙන මයේ හිතේ, කොහෙද ඉතින් උඹට නැවේදී මදන විසේ ඉහට ගැහුවානේ,
නොදකින් එහෙනම් යකෝ මම අද මෙහෙම මැරි මැරී බඩ ඉරිඟු කඩන්නේ,
රෙදි මහන්නේ නෑනේ”
රෝස්ගේ මව කොට්ට උරයකට කතිර මැස්ම දමන අතර පැවසුවාය…
“මටත් හිතෙනවා අම්මේ මම කරගත්තේ හෙනම ගොන්කමක් කියලා”
රෝස් චීනච්චට්ටි වංගෙඩියට ඉඟුරු සුදුළූණු කරපිංචා සහ කෑලි මිරිස් දමා කොටන අතරේ පැවසීය,
“මගෙන් පදේ නොඅහා ඉඳින් දුවේ,
ඕකට උම්බලකඩ ටිකක් දාපන් රසයි එතකොට”
රෝස්ගේ මව ඇඟිල්ලේ ඉඳිකට්ට ඇනුණ නිසා ආ ඕ පොස්ටිටිව් ලේ බිංදුව ඉවත් කරන අතරතුර පැවසීය.
“සිනාසෙන්න මට ලොවට පෙනෙන්නට දෙන්න ඔබේ එක සිනහා පොදක්,
හඬා වැටෙන්නට ලොවට හොරෙන් මට දෙන්න අපේ මතකයෙන් බිඳක් “
රෝස් තනියම මුමුනයි….
මේක කලින් ලිව්ව එකක්,
ඉතුරු ටික ලියන්න කාලේ හරි වගේ,
ටිකක් පටන් ගත්තා,
ජැක් වෙසක් එකේ පොදු සමාවට නිදහස් වෙලා ගෙදර එන සීන් එක,
දිගටම රැඳී සිටින්න අප ආයතනය සමඟ…
*පොඩි එවුන් බලන හින්දා ෆොටෝ එක පොඩ්ඩක් එඩිට් කලා.
  උපුටා ගැනීම:   -Tharu Rajapaksha-

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!