අපි අහන ප්රශ්නවලට නොසිතූ විදියට සමහර උත්තර ලැබෙනව . මේ ඒ වගේ අවස්ථා දෙකක්!
1 ලොකුවුනාම මොනවද කරන්නෙ!
අලුත් අවුරුදු කාලෙට අවුරුදු උත්සවයක් නැති ගමක් නගරයක් හොයාගන්න ලේසි නෑනෙ.
මේ අවුරුදු උත්සවවල අපූරු සිදුවීම් වෙනව.
එක්තරා අවුරුදු උත්සවයක තරඟයකට සහභාගි වෙන්න ආපු අවුරුදු දහය දොලහෙ විතර ගෑනුලමයෙක්ගෙන් නිවේදකය මෙහෙම ඇහුව .
‘ දැන් මේ නංගි ලොකුවුනාම මොනවද කරන්න හිතන් ඉන්නෙ?’
‘ මං අම්මට කියනවා!! ‘
‘මොකක්! ‘ නිවේදකය උඩබිම බැලුව . ආයෙත් ඇහුව .
‘ නෑ නංගි මන් මේ ඇහුවෙ. එක එක්කෙනා ලොකුවුනාම කරන්න දේවල් හිතන් ඉන්නවනෙ! ඉතින් ඔය නංගි එහෙම මොනවද කරන්නෙ කියල !’
‘ ඒකතමයි මන් කිව්වෙ ! අම්ම කියල තියෙන්නෙ ලොකුවුනාම අම්මට කියන්න වෙන කාටවත් කියන්න එපා කියල !! ‘
1 . ගින්න කොහේද ?
‘ අපේ ගේ ගිනිගන්නවා ඉක්මනට එන්න’
මේ ගිනි නිවීම් සේවාවකට ලැබුණු දුරකථන ඇමතුමක්. ගිනිභටයා එයට උත්තර දුන්න .
‘ ඔයගොල්ල ඉන්නෙ කොහෙද ? ‘
‘ අපි ඉන්නෙ මිදුලේ ! අනේ ඉක්මනට එන්න! ‘
‘ හරි කොහේද මේ ගින්න තියෙන්නෙ ! ‘
‘ අපේ කුස්සියේ ! අයියෝ ප්රශ්න අහ අහ ඉන්නෙ නැතුව එන්න ‘
‘ හරි ඉතින් අපි ඔහාට එන්නෙ කොහොමද? ගෙදරට එන විදිය කියන්න !
‘ ඇයි ඕයි තමුසෙලගෙ වාහන නැද්ද? ‘
ආදර්ශය- ප්රශ්න අසනවිට එය අසන්නාට නිශ්චිත අර්ථයක් පැහැදිලි වෙන ආකාරයට ඇසිය යුතුයි !
උපුටා ගැනීම: Channa Witha