වසර 100ක් තිස්සේ බි්රතාන්ය කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා තිබුණු පුරාණ මිසර මමියක් පිළිබඳ අබිරහසක් සොයා ගැනීමට නව පර්යේෂණයකට හැකි වී තියෙනවා. මේ පරණ මමිය තරුණ අයකුගේ එකක්. මෙහිදී හෙළිදරවු කර ගෙන ඇත්තේ ඔහු මියගිය ආකාරයයි.
යුද්ධයක් නොමැති සාමකාමී කාලයක මේ තරුණයා මියගොස් ඇත්තේ දරුණු පිහි ඇනුමකින්. මේ බව දැන් එහි යන අමුත්තන්ට පරිගණක තිර ස්පර්ශ කිරීමෙන් ප්රත්යක්ෂ කර ගන්න පුළුවන්.
මේ මමිය අයත් මිසර ජාතික තරුණයා හැඳින්වෙන්නේ ‘ගෙබෙලීන් මිනිසා’ කියා නමුත් ඔහුගේ රතු පැහැති හිසකේ නිසා ඉඟුරු යන අරුතැති ‘ජින්ජර්’ නම් වූ සුරතල් නාමයක්ද කෞතුකාගාරයේ අය ඔහුට යොදා තියෙනවා. ඔහුගේ උරපතු ඇටය අසලින් පිහි ඇනුමක සලකුණක් දක්නට පුළුවන්.
මෙම හෙළිදරවුව සිදු කෙරුණේ ඒ මිසර මමිය සුවීක්ෂ පරීක්ෂාවකට (scan) හෙවත් පරිලෝකනයට ලක් කිරීමෙන් පසුවයි. මේ පැරණි මමිය පසුගිය දා ති‍්‍රමාන පශ්චාත් මරණ පරීක්ෂණයකට යොමු කෙරුණා. ඒ සුවික්ෂ පරීක්ෂාව සිදු කළේ වෝහාර (අධිකරණ) වෛද්‍ය විද්‍යාඥයන් හෙවත් අපරාධ වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥයන් පිරිසක් විසිනුයි.
ඔවුන් මේ මමියේ සුවීක්ෂ රූප පරිගණක තිරයෙන් පිරික්සා මේ තැනැත්තා මීට වසර 5,500කට පෙර මියගියේ හිතාමතා කළ පිහිපාරකින් යැයි තහවුරු කළා.
පරීක්ෂණවලින් පෙනී ගියා මේ තරුණයා වයස අවුරුදු 18ත් 20ත් අතර හොඳින් වැඩුණු පේශීන් සහිත ශක්තිමත් පුද්ගලයකු බව.
ඩැනියෙල් කියන්නේ සතුරා සමග සටන් කළ බවට තුවාල මේ සිරුරේ නැති නිසා හදිසියේ පසුපසින් එල්ල කළ මරු පහරින් මොහු මරණයට පත් වෙන්නට ඇති කියායි.
මේ සඳහා යොදා ගෙන ඇති අවිය අඟල් 0.7ක් පළල අඟල් 5ක් දිග තඹ ලෝහයෙන් කළ එකක් හෝ උල් ගල් පතුරක් හෝ විය හැකියි.
මොහුගේ බිඳුණු අස්ථි කැබලි වටා මෘදු පටක ඇලී තිබීමෙන් ඔවුන් නිගමනය කළා මේ තුවාලය සිදු කර ඇත්තේ ඔහු පණ පිටින් සිටියදී බව. එය තද පහරක් වන්නට ඇතැයි ඔවුන් නිගමනය කරන්නේ ප්‍රහාරයත් සමග බිඳී ගිය අස්ථි කැබලි පේශී පටක තුළට වැදී ඇති බවත් තුවාල සිදු කළ ආයුධය වම් පෙණහැල්ල පසා කර ගෙන ගොස් ඇති බවත් පෙනෙන නිසයි.
කිසියම් ආකාරයක සුව වීමක් තුවාලයෙහි දක්නට නොලැබීමෙන් පෙනී යන්නේ තුවාලයෙහි දරුණුකම නිසා එයින් ම ඔහු මරණයට පත් වන්නට ඇති බවයි.
මේ සොයා ගැනීම් මේ දිනවල කෞතුකාගාරයට එන නරඹන්නන්ට දැක ගන්න පුළුවන්. බි්රතාන්ය කෞතුකාගාරයේ දැන් ප්‍රදර්ශනය කෙරෙන මේ පරිගණක තිර, ස්පර්ශයෙන් මේ පිළිබඳ ඕනෑම තොරතුරක් ඔබට මතු කර ගෙන කියවිය හැකියි. ස්පර්ශක ක්‍රමයෙන් සිරුර ඇතුළේ වෙනත් දසුන් පවා නැරඹිය හැකියි.


උපුටා ගැනීම: රාම් වණා