මගේ පුංචි අක්කා ජීව විද්‍යා සම්බන්ධ විෂයන් කරපු නිසා අපි එකම ටියුෂන් පංති වල නොසිටිය නිසා කවදාවත් එකට පංති ගියේ නැහැ. දවසක් මම ක්‍රිකට් ප්‍රැක්ටිස් ඉවර වෙලා ගෙදර එනකොට අක්කා තව යාලුවො දෙන්නෙක් එක්ක පංතිය ඇරිලා ගෙදර යනවා. මම එයාලා ලඟ බයිසිකලය නවත්තලා අක්කගෙ මූන අල්ලලා
‘අනේ ඔයාගෙ ලස්සන. අම්මගෙ නහය වගේමයි’
කියල එයාගේ නහය මිරිකූවම එයා තරහ මූනක් පෙන්නලා මගෙ පිටට දඩස් ගාලා ගැහුවා.
‘ඔයාගෙන් සුදු අතින් ගුටි කෑමත් සැපක්’
කියලා මම හිනාවෙලා කියා සයිකලේ නැගලා ගෙදර ආවා.
ටික වේලාවකින් එයත් ගෙට ගොඩ වූයේ බඩ අල්ලාගෙන හිනා වෙමින්. අම්මා ඒ වෙලාවෙ සාලයේ වාඩි වී පොතක් කියවමින ඉඳලා
‘මොකද ලමයෝ ඔය තරමට හිනා වෙන්නෙ’
කියල ඇහුවම අක්කා හිනාව අමාරුවෙන් නතර කරගෙන
‘අම්මා මල්ලි එන ගමන් පාරෙදි මගෙ මූන අතගෑවා. මම දුන්න එයාටහොඳ එකක්. ඉතින් මගෙ යාලුව ෂෙරීන් කිව්වනේ හොඳ වැඩේ ඌට ගහපු එක. ඌ මහ කුකුලෙක් වගේ, මට පෙන්නන්න බැහැ කියලා. මගේ දිහාත් අමුතු විදියට කීප දවසක් බලලා තියෙනවා’
කිව්ව නේ. අම්මටත් හිනා.
‘ඉතින් ලමයො කිව්වෙ නැද්ද ඒ මල්ලි කියලා’ ඇහුවම
‘මෙයා කාඩ් කුඩුකරගෙන නෝන්ඩි වෙලා ඉන්න කොට මම කොහොමද මල්ලි කියන්නෙ. මාත් කිව්ව මාත් බලාගෙන හිටියෙ ඕකට ගහන්න චාන්ස් එකක් එනතුරු. අද හොඳට නිදා ගන්න පුලුවන්. ආයෙ නම් ඕකා එන එකක් නැහැ ඔය වගෙ වැඩ කරන්න’
කියලා මගෙ දිහා බලලා
‘හොඳ වැඩේ සෙවල වැඩ කරන්න ගියාට’
කියලා ආයෙත් එකක් ගැහුව උරහිසට. මට පොලව පලාගෙන යන තරමේ ලැජ්ජයි. අම්මා ඉස්සරහ මම හිටියේ චූටි පුතා අහිංසක කොලුව කියන රඟපෑම දාගෙන නේ.
පසුව දවසක ඒ කෙල්ල මගෙන් පාරෙදි දැකලා සමාව ගත්තෙ පස්සේ අක්කා එයාට මම එයාගේ මල්ලී කියල කියා තිබුනු නිසා වෙන්නැති. මම එයාට සමාව දෙන්නෙ එයාගේ නහය අල්ලන්න දෙනවා නම් විතරයි යන කොන්දේසිය මත කියලා කියන්නත් හිතුනා. නිකමට හරි හා කිව්වොත් කියල බය හිතුනු නිසා කොන්දේසි විරහිතව සමාව දුන්නා.
උපුටා ගැනීම: Devapriya Siriwardena