දවල් හීන
අද ඒ එල් ප්රතිඵල ඇවිල්ල ..
විසිදාහකට හෝ විසිපන්දාහකට රජයේ කැම්පස් ගියෑකි …
ඒත් ඒකෙනුත් සියේට හැත්තෑ පහකට විතර තමුන් කැමතිම එකට යන්න හම්බුවෙනවද කියන එකත් ගැටළුවක් .
සරසවියම නොවුනත් වෙනත් බොහෝ ආයතන තියෙනව රජයෙම ඒව..
පොඩියක් හෝ අනාගතේ ගැන හිතල
දරුවො වෙනුවෙන් ප්ලෑන් බී එකකට යන්න සැලසුමක් තියෙන අයට පුද්ගලික සරසවියකට හෝ
ඒවගෙ වෙනත් ආයතනයකට ගියෑකි.
දරුවෙක් හදනව නම් ඒ දරුව වෙනුවෙන් දෙමාපියො
බොහෝ දේ කැපකරන්න ඔනෙ කියලයි මට නම් හැමදාම හිතෙන්නෙ.
ප්ලෑන් බී හෝ සී වෙනුවෙන්
ජීවිතේ සැලසුම් කරල
තමුන් කැමති බොහෝ දේ කැපකරන්න බැරිනම්
ඒක ඒ අයගෙ ප්රශ්නයක් මිස අපේ ප්රශ්නයක් නොවේනෙ..
විභාගයක් කියන්නෙම
ඉන්ටවිවු එකක් කියන්නෙම
කිහිප දෙනෙක් පමනක් තේරෙන
බහුතරයක් නොතේරෙන එකක්නේ…
ඒක අප තේරුම් ගන්න ඕනේ.
ඔය ඩිග්රි ගැහුවත්
බොහෝ දරුවන්ට අභියෝගවලට මූණදෙන්න තේරෙන්නෙම නෑ…
ඒකනෙ රැකියා දියව් කියල උග්ගෝසනේ කරන්නෙ..
අළුතින් යමක් හිතෙන්නෙ නෑ ඒ බොහෝ දෙනෙකුටම ..
ඇත්තටම කියනව නම් ඒ එල් වැඩතුනවත් පාස් නැතිනම්…
ඔබට ඔබ ගැන ලොකුම විස්වාසයක් නැතිනම්
දෙවන වර කරල කැම්පස් යාම ලේසි නෑ..
ඕ එල් කරපු දවසෙ ඉඳන්
අද වෙනකම් ජීවිතේ කොටසක් අපතෙ ගිහිල්ල..
ඒත් වයස ගිහිල්ල.
ඒ එල් නැතුවට අද කරන්න දහසක් වැඩ තියෙනව.
පොඩ්ඩක් වෙනස්වෙලා අලුතින් හිතන එක විතරයි තියෙන්නෙ.
අද යමක් කමක් තියෙන්නෙ
ඒවගෙ වෙනස් විදියට හිතපු ඒ එල් අසමත් දරුවන්ට තමා.
තමන්ගෙම හයියෙන් ගත්තු
ලක්ස සීයට වැඩි වාහනවල යන්නෙ ඒ අය තමා..
දුවේ පුතේ ඔයාට වැරදිලා නෑ..
ඒත් ඔබ ලෝකය දකින හැටි වෙනස් කරගන්න.
උපාධි කලත් නොකලත් අපේ දරුවො තමන්ගෙ සුදුසුකම් වැඩිකරගන්න ඕනෙ.
බොහෝ දෙනෙකුට වඩා වෙනස්ව හිතන්න දකින්න පුලුවන් වෙන්න ඕනෙ..
මාසික ආදායම ඉලක්කම් හයක් හෝ හතක් වෙන්නෙ
ආන්න ඒවගෙ දරුවන්ට තමා…
ඒත් එකක් මතක තියාගන්න.
දැනුමට වඩා ගුණයහපත්කම හැමවිටෙකම ඉදිරියෙන් තියෙන්න ඕනෙ බව..