ශාකවලට බුද්ධියක් තිබේද? නිදිකුම්බා ශාකය ඇසුරෙන් කල විස්මිත හෙලිදරව්ව… (පරිසරය හා ස්වභාධර්මය)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
අලි ඇතුන් වැනි සතුන්ගේ මතකයන් ගැන අපට නිතරම අහන්නට ලැබිලා තියෙනවා. අලියා තමන්ට කරන හතුරුකම් ‘ඇතු හක්කේ පොල් වාගේ මතක තියා ගෙන ඉන්නවා’ කියලා කියමනකුත් අප අතර තියෙනවා.

ඒත් දැන් විද්යාඥයන් සොයා ගෙන තියෙනවා මේ මතකය අලි ඇතුන් වැනි සතුන්ට විතරක් නොවෙයි, ඒ තරම්වත් මොළයක් නැති ගස්වැල්වලටත් තියෙන බව

ශාකවලට ඇති මේ විස්මිත හැකියාව විද්යාඥයන් විසින් හෙළිදරවු කර ගෙන ඇත්තේ නිදිකුම්බා ශාකය පිළිබඳ කළ පර්යේෂණයකින්.

ඒ අනුව විද්යාඥයන් දැන් කියන්නේ යම්තම් ඇඟිලි තුඩු තැබූ පමණින් නිදියන නිදිකුම්බා පැළය වැහි බින්දුවලට එසේ නොකරන්නේ ඒවා තමන්ට අනතුරුදායක නොවන බව තේරුම් ගැනීම නිසා කියලයි.

ඔවුන් ඒ පිළිබඳව කළ පර්යේෂණවලින් හෙළි වී ඇත්තේ අත්දැකීමෙන් දිවිරැකුම ගැන ඉගෙන ගන්නා නිදිකුම්බා වැනි ශාකවල ඇති මේ අපූරු හැකියාව නිසා විද්යාඥයන්ට ගහකොළ දෙස නව දැක්මකින් බලන්නට හැකි වී තිබෙන බවයි.

නිදිකුම්බා ඇඟිලි තුඩු තැබූ පමණින් නිදියන හැකිළෙන්නේ ඇයි?

නිදිකුම්බා ශාකය විද්යාඥයන් හඳුන්වන්නේ මිමෝසා පුඩිකා (Mimosa pudica) කියායි. එය ඉංගීරසියෙන් සංවේදී ශාකය යන අරුත් ඇති (sensitive plant, sleepy plant, touch-me-not) නම් ගණනාවකින් හැඳින්වෙනවා. දෙමළෙන් ‘තෝට්ටාල් වාඩි’ කියා ද කියනවා.

ඇඟිලි තුඩු තැබූ පමණින්ම හැකිළෙන නිදිකුම්බා පැළය තවත් මිනිත්තු කිහිපයකට යළිත් කලින් තිබූ පරිදි දිග හැරෙන බව ඔබත් අත්දැක ඇතුවා නිසැකයි. මෙසේ වන්නේ එය ගොදුරු කර ගන්නට එන සතුරන්ගෙන් ආරක්ෂාවක් ලෙසයි.

ඒ ශාකයේ පතර ඇඟිලි තුඩු ස්පර්ශ කළ විගස මෙසේ උණුසුම් වී සැලීමකට ලක් වීම හැඳින්වෙන්නේ කම්පනාසන්නමය චලනයන් (seismonastic movements) නිසා සිදු වන්නක් ලෙසයි.

මෙම අධ්යයනය සිදු කරනු ලැබුවේ වෙස්ටර්න් ඕස්ටේරලියානු විශ්ව විද්යාලයෙන්. ඒ සඳහා ඉතාලියේ ෆ්ලොරන්ස් විශ්ව විද්යාලයේ මහාචාර්ය ස්ටෙෆානෝ මෑන්කූසෝ (Stefano Mancuso) ද එක් වුණා. ඔහු හඳුනා ගත්තා, මේ කිරයාවලිය සරල පරතිකිරයාවක් නැත්නම් පරතිචාර දැක්වීමක් නොවන බව.

ඔවුන් මෙම ශාක විශේෂයේ කෙටි කාලීන හා දිගු කාලීන මතකයන් පරීක්ෂාකර බැලීමට අත්හදා බැලීම් කීපයක් ම කළා. ඒ පරීක්ෂණවල දී ඔවුන්, අඩු ආලෝකය හා වැඩි ආලෝකය ඇති පරිසරවලදී වරින්වර වතුර දැම්මා මේ ශාකවලට. ඒ සඳහා ශාකවල පරතිචාරයන් මැනීමට හැකි වන සේ විශේෂයෙන් සැකසූ උපකරණ යොදා ගෙනයි, මෙම ජලය සැපයීම සිදු කළේ.

ඔවුන් විස්මයට පත් කරමින්, මේ නිදිකුම්බා ශාකය එසේ ජලය වැටීමෙන් සිය දිවි රැකුමට හානියක් නොවන බව අවබෝධ කර ගත් පසු හැකිළීමේ කිරයාවලිය නතර කර දැම්මා. මේ පිළිබඳ විද්යාත්මක වාර්තාවක් ඔවුන් විසින් ‘ඔඉකොලොජියා’ (Oecologia) ජර්නලයේ පළ කර තියෙනවා

නිදිකුම්බා ශාකය තත්පර කීපයක් ඇතුළත, සතුන් මෙන් ම අත්දැකීම් තුළින් ඉගෙන ගන්නා බව තහවුරු වුණා. මේ ඉගෙනීම අඩු ආලෝකයේ දී වඩාත් ඉක්මනින් සිදු වන බවට ඔවුන්ගේ පරීක්ෂණවලදී පෙනී ගියා.

”මෙහි ඇති වඩාත් පුදුමය නම්, මේ ශාක තමන් ඉගෙන ගත් දේ සති කීපයක් යන තෙක් මතක තබා ගැනීමයි. පරිසර තත්වයන් වෙනස් කරනු ලැබුවත් ඒ ශාකවල මතකය වෙනස් වුණේ නැහැ.” ඒ පර්යේෂකයන් කියනවා.

මේ අධ්යයනයෙන් හෙළි වූ කරුණු අතිශයින් විස්මයජනක වුණා! සතුන්ට වගේ යමක් ඉගෙන ගෙන එය මතක තබා ගන්නට හැකියාවක් නිදිකුම්බා ශාකයට ඇති බව අදහන්නත් බැරි තරම් දෙයක්. ඒ මක්නිසාද නිදිකුම්බා ශාකයට මොළයක් වැනි ඉන්ද්රියයක් නැති නිසා.

ශාක මේ ආකාරයට හැසිරෙන්නට, මතක තබා ගන්නට, ඉගෙන ගන්නේ කෙසේ දැයි තවමත් හරියට කියන්න විද්යාඥයන්ට හැකියාවක් නැහැ. ඒත් ඔවුන් විශ්වාස කරන්නේ සතුන්ගේ මතක කිරයාවලියට සමාන දෙයක් ශාක ෙසෙවල ඇති කැල්සියම් පාදක සංඥා ජාලයක් මගින් සිදු කෙරෙන බවයි

මේ පර්යේෂණය නිසා මිනිසා ශාක දෙස බලන ආකල්පවල වගේම, සත්ව හා ශාක අතර පවතින බෙදීමේ සීමාවලත් විශාල පෙරළියක් සිදු වෙන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, විද්යාඥයන් කියන්නේ, ‘ඉගෙනීමේ කිරයාවලිය ස්නායු පද්ධතියක් ඇති ජීවීන්ට පමණක් සීමාවූ විශේෂ හැකියාවක්ය’ යන නිර්වචනය පවා වෙනස් කරන්නටත් මේ සොයා ගැනීම හේතු විය හැකි බවයි.

විද්යාඥයන් සොයා ගෙන තියෙනවා, ශාක එකිනෙකාට කතා කොට ඔවුන් ගොදුරු කර ගන්නට එන විලෝපිකයන් ගැන අනතුරු අඟවන බව

මේ සේජ්බරෂ් ශාකය වාතය හරහා රසායනික පණිවිඩ යවනවා කියා සොයා ගෙන තියෙනවා.

මීට කලින් 2009 දී කළ අධ්යයනයකින් හෙළි වුණා, එළවළු ශාක අතර සමහර ඒවා එකිනෙකා අතර පණිවිඩ හුවමාරු කර ගන්නා බව.

ඇමරිකානු කීට විශේෂඥයකු වූ මහාචාර්ය රිචඞ් කාර්බාන් කියන්නේ අපි හිතනවාට වඩා ඔවුන් සංකීර්ණ හැකියාවන්ගෙන් යුක්ත බවයි.

ඔහුගේ පර්යේෂණවල පරතිඵලත් ඇදහිය නොහැකි තරම් විස්මිතයි! විවාදාත්මකයි! ඔහු සිය අත්දැකීම් අනුව කියන්නේ සමහර ශාක වාතය හරහා රසායනික පණිවිඩ යවමින් අනිකුත් ශාකවලට ඒවා ආහාරයට ගන්නට එය සතුරන් ගැන අනතුරු හඟවන බවයි.

මේ පණිවිඩ ලබන අසල්වැසි ශාක, පලාපෙත්තන්, දළඹුවන් ආදී ආකරමණියන්ගෙන් ගැලවීමට අවශ්ය පියවර ගන්නා බව ඔහු කියනවා

ඔහු මේ පරීක්ෂණවල දී විශේෂ කතුරක් උපයෝගී කර ගෙන තම ගෙවත්තේ පෝච්චිවල පළ කර තිබූ පඳුරුවල ඉති කීපයක් කපා දැම්මා, හරියට පලාපෙත්තකු කපා දමනා ආකාරයට.

ඉන්පසු ඔහු හානි කළ හා හානි නොකළ ශාක කීපයක් එකම බිමක රෝපණය කර ඒවායේ අසල්වැසි ශාකවලට සතුරු සතුන්ගෙන් වන හානිය මැන බැලීමට පියවර ගත්තා.

කපා දැමූ පතර සහිත පැළවල අසල්වැසි පැළෑටිවලට පලාපෙත්තන්ගෙන් වූ හානිය ඉතාමත් අවම මට්ටමකින් පැවති බව ඔහු පැහැදිලි කරනවා. මේ පිළිබඳ සවිස්තර පර්යේෂණ වාර්තාවක් ඔහු විසින් ‘ඉකොලොජි ලෙටර්ස්’ (Ecology Letters) නම් ජර්නලයේ පළ කර තියෙනවා

උපුටා ගැනීම:  රාම් වණා

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!