මගේ නිවස ඇති මාවතේ මෝටර් රථය පදවාගන එමින් සිටියෙමි.එක්වරම ඉදිරියෙන් බයිසිකලයකින් පැමිනි තරුනයෙක් අත දමා මාව නතර කලා.
කවුලුවෙන් එබී බැලූ ඔහු මා දුටු පමනින් ” මහත්තයා යන්න “කිව්වා.
මා ආබාධිත පුද්ගලයෙක් බව දුටු ඔහු එසේ කීවා විය හැකිය.ඔහු සිටියේ ඉතාම කලබලෙන්
“නෑ. කියන්න මොකක්ද උවමනාව”මම ඇසුවා.
“නෑ..නෑ.. මහත්තයා බව නොදැන මම අත දැම්මේ”
“ඒකට කමක් නෑ කියන්න මොකද උවමනාව”
මගෙ ගෑනිට ලමය හම්බුවෙන්න අමාරුයි ඉතින් වාහනයක් හොයන්න යනවා”ඔහු කිව්වා.
“මම එන්නම්..ඔයා ඉස්සර වෙන්න.”
කොට කලිසමක් ඇඳ සිටි ඔහු පැද්දේ ඉතා අබලන් සයිකලයකි.
මුහුදු වෙරල අසල කුඩා නිවසක් අසල නැවතුන විට තරුනියක් ඇගේ මව සමග විත් කාරයට නැගුනා.වේදනාව නිසා කෙදිරිය වැඩි වෙලා.කි.මි. තුනකට එහා මාරවිල රෝහල්ට වේගයෙන් ගියා.
* * *
දින දෙකක්ට පසු මා ගේට්ටුව අසල සිටිනවිට දැක්කා අර තරුනයා ඔආරේ ඇවිද යනවා.මා දුටු ඔහු නැවතුනා.
“බබා ලැබුනා ද ” ඒ මම
“ඔව් මහත්තයා කොල්ලෙක්” මිනිහා හිනවෙවී කිව්වා.
ඉතින් කොහෙද ඔය යන්නෙ”
“මම වැඩකරන ලී මඩුවට යනවා,කීයක් හරි ඉල්ලන් එන්න.පව්ල එක්ක එන්න වාහනයක් අරන් යන්න සල්ලි නෑ”ඔහු කිව්වා.
“මොනවද ඔය අතේ ගුලි කරන්”
ඔහු ඇගිලි දිග හැරියා.කරාබු ජෝඩුවක්.
දැන් ටිකට් කපලද” මම ඇහැව්වා.
ඔව්
” එන්න,මගෙ කාරෙකේ යමු “
ගිහින් අලුත් අම්මවයි පුතවයි ගෙන ඇරලූවා.ඒ තරුනියගෙ අම්මා මට ස්තුති කරලා කිව්වා ” මෙහෙම දෙයක් අපි අහලවත් නෑ කියලා.මම නිවසට ආවේ හරිම සතුටින් සැහැල්ලුවෙන්.
* * * .
දිනක් මේ තරුනයා ලොකු මාලු කූරියෙක් කර තබගෙන ගේට්ටුවෙන් ඇතුල් වුනා.
මහත්තයා පිහියක් දෙන්න”
මාලුවා දෙකට කපා හොඳ කොටස මට දුන්නා.
” මම බහුදින යාත්රවක මූදු යනවා.මාසෙකට පස්සෙ අද ගෙදර යන්නෙ”කියලා කඩිනමින් ගියේ පුතා බලන්න වෙන්න ඇති.තව දවසක් එපා කියද්දි කාරෙකේ ඩිකිය ඇරලා මාලුවෙක් දැම්මා.
ආයෙත් නිතර ,නිතර මාලු කරවල උම්මලකඩ ගේනවා.මුදල් දුන්නට ගන්නේ නෑ. මේ ලඟදිත් අවුරුදු විස්සක පුතා එක්ක ඈවිත් කරවල දුන්නා…
* * *
මට නිතර අහන්න ලැබෙන්නේ මිනිසුන්ගේ ගුනමකු කම්. මේ වගේ කලගුන දන්නා කෙනෙක් දකින්නෙ කලාතුරකින්.
උපුටා ගැනීම: ඇන්ටනි පෙරෙරා