මරණය නිපදවන ලැබ් එක්ස් (විද්‍යා හා තාක්ෂණය)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

එය රුසියාවේ මොස්කව් අගනුවරට ආසන්නයෙහි පිහිටි ගුප්ත ගොඩනැඟිල්ලකි. ගොඩනැඟිල්ලේ පසෙක ඇති පුවරුවක සඳහන් වන්නේ “විද්‍යාත්මක පර්යේෂණ ආයතනය, අංක 2” යනුවෙනි. ගොඩනැඟිල්ල තුළ සිදුවන්නේ කවර ආකාරයේ විද්‍යාත්මක පර්යේෂණද?, එහි යන්නේ එන්නේ කව්ද?, එහි කටයුතු පවත්වාගෙන යන්නේ කවරකුගේ අනුදැනුම යටතේද? යනාදී තොරතුරු කිසිවක් බාහිර ලෝකයට පැහැදිලි නැත. එසේ වුවත් මළානික විදුලි පහන් එළියක් එතුළ දැල්වෙන බව එහි වීදුරු ජනේලවලින් සෑම සැඳෑවකම පළ වේ. ඒ වනාහි ඇතැම් රුසියා නිලධාරීන් කියන ‘එක්ස් ලැබ්‘ එකය; නැතහොත් මිනිසුන් මරන්නට විෂ ද්‍රව්‍ය අත්හදා බලන රසායනාගාරයය.

රුසියාවේ විශ්රාමික බුද්ධි අංශ නිලධාරීන් මෙන්ම පලාගිය බුද්ධි අංශ නිලධාරීන් ද මේ ගුප්ත පර්යේෂණායතනයේ කටයුතු ගැන වරින් වර තතු අනාවරණය කර ඇත. ඔවුන්ගේ හඳුන්වන්නේ එය ක්රෙම්ලින් බලධාරීන්ගේ විෂ රසායනික කම්හල වශයෙනි. කිසිවකු හරිහැටි තොරතුරු නොදන්නා මේ පර්යේෂණායතනය එහි පළමුවෙන්ම ස්ථාපනය කෙරුණේ 1921දි වී. අයි. ලෙනින්ගේ නියෝගයකිනි.

ඒ අනුව බලනවිට ගුප්ත පර්යේෂණායතනයේ කටයුතුවලට සියවසක් පිරී තිබේ. සෝවියට් සංගමය තිබූ කාලය මුළුල්ලේම එහි කටයුතු ක්රියාත්මකව පැවැති බවත් පැහැදිලිය. එකල්හි සෝවියට් සමූහාණ්ඩුවට වරින් වර පත්වුණු නායකයන් මේ කම්හලේ සිදුවන කටයුතු නිසා අමන්දානන්දයට පත් වූවාට සැකයක් නැතැයි ‘ද ගාර්ඩියන්‘ වෙබ් අඩවිය පුවතක් පළ කරමින් කියා සිටී

එක්දහස් නවසිය විසි ගණන් මුල භාගයේ සිට එක්දහස් නවසිය පනස් ගණන් මුල භාගය දක්වා සෝවියට් සමූහාණ්ඩුවට නායකත්වය දුන් ජෝශප් ස්ටාලින්ගේ පරිපාලනයත් මේ භයානක රසායනාගාරය භාවිතයට ගෙන ඇත. ස්ටාන්ගේ රහස් පරීක්ෂක ප්රධානී පවෙල් සුඩොප්ලාටොෆ් ලැබ් – එක්ස් (Lab X) නමින් වාර්තාවක් නිකුත් කළේය. එම වාර්තාවෙහි ඔහු මේ රසායනාගාරය පිළිබඳව කරුණු සඳහන් කරයි.

රසායනාගාරයේ අධ්යක්ෂ තනතුර දැරූ මහාචාර්ය ග්රිගරි මයිරනොව්ස්කි බන්ධනාගාරවල සිටින සැකකරුවන් රවටා ගෙනැවිත් වෛද්ය පරීක්ෂණ සිදු කරන මුවාවෙන් ඔවුන්ගේ ශරීරවලට විෂ ඇතුළු කළ බව පවෙල් සුඩොප්ලාටොෆ්ගේ වාර්තාවේ දැක්වේ. සෝවියට් රැඳවුම් භාරයේ සිටි ස්වීඩන් රාජතාන්ත්රික රාඔවුල් වෝලෙන්බර්ග් මෙන්ම යුක්රේන ආරක්ෂක නිලධාරියකු ද මේ අන්දමට අබිරහස් ලෙස ඝාතනය වූ බව පවෙල් සිය වාර්තාවේ සඳහන් කර ඇත

ලැබ් – එක්ස්හි නිෂ්පාදිත විෂ වර්ගයක් යොදාගෙන බල්ගේරියා ජාතික ජෝර්ජි මාර්කොෆ් ඝාතනය කළ බව, සෝවියට් සංගම් රාජ්යය ආරක්ෂක කමිටුවේ හෙවත් කේ.ජී.බී.යේ ජෙනරාල්වරයකු වූ ඔලෙග් කලුගින් පවසයි. මේ ඝාතනය 1978දී සිදුව තිබෙන්නේ ජෝර්ජි බ්රිතාන්යයේ ලන්ඩන් නුවර සිටියදීය. ජෝර්ජි ඉහළාගෙන ගිය කුඩයට වස මුසුකර තැබීමෙන් මේ ඝාතනය සිදු කර තිබිණ.

යූරි ශ්වෙට්ස් යනු පළමුව කේ.ජී.බී.යේ කර්නල්වරයකු ලෙස සේවය කර පසුව ඇමෙරිකාවේ පුරවැසිභාවය ලබාගත් තැනැත්තෙකි. ඔහු ලියා තැබූ වාර්තාවක සඳහන් වන්නේ ලැබ් – එක්ස්හි, වස, මාරාන්තික මත්ද්රව්ය, මෙන්ම මනෝ සක්රීයක ද්රව්ය ද නිෂ්පාදනය කෙරුණු බවකි.

සෝවියට් සංගමය බිඳ වැටෙන්නේ 1991 වසරේදීය. එහි අවසන් නායකයා ලෙස කටයුතු කළේ මිහායිල් ගොර්බචෝෆ් ය. හෙතෙම 1988දී මේ අද්භූත ආයතනය ගැන සොයා බලන්නට උත්සාහ දැරූ බව සඳහන් වේ. එසේ වුවත් ඔහුගේ ව්යයාමය කේ.ජී.බී.ය මඟින් වලකනු ලැබිණ. සෝවියට් සංගමය බිඳ වැටීමත් සමඟ මේ පර්යේෂණායතනය සම්බන්ධ තොරතුරු බැහැර ලෝකයට කාන්දු වන්නට පටන් ගත්තේය. එසේ වුවත් එතුළ අද මේ වනවිට සිදුවන්නේ මොනවාද යන්න ගැන හරිහැටි පැහැදිලි කිරීමක් නැත. කේ.ජී.බී.ය පැවැති අවධියේදී කෙරුණු කටයුතු එපරිද්දෙන්ම පර්යේෂණ ආයතනයේ සිදුවනු ඇතැයි වත්මන් බුද්ධි අංශ නිලධාරීහු පවසති.

පර්යේෂණායතනයේ කටයුතු සම්බන්ධයෙන් සැක පළ කළ බටහිර බලධාරීන් කියා සිටින්නේ රුසියාව විෂ රසායනයන් භාවිතයෙන් කරන මනුෂ්ය ඝාතන සංග්රාම භුමිවලට පමණක් සීමා වී ඇති බවකි. එසේ වුවත් කේ.ජී.බී.යේ කටයුතුවලින් නිගමනය කළ හැකි වන්නේ බටහිර ජාතීන්ගේ මේ මතය පුස්සක් බවකි. එනම්, විෂ රසායන භාවිතයෙන් මිනිසුන් මරා දැමීම හොඳින්ම වැඩ කරන්නේ සහ හොඳින්ම වැඩ කෙරී තිබෙන්නේ තනි පුද්ගලයන් අරභයා ක්රියාත්මක කරන විටදී යන්නයි.

රුසියාවේ හිටපු රහස් ඔත්තු නිලධාරී සර්ජි ස්ක්රිපල් සහ ඔහුගේ දියණිය බ්රිතාන්යයේ සැලිස්බරිහිදී විෂ රසායන ප්රහාරයකට මැදි වූයේ රුසියාව දියත් කළ එබඳු වැඩකින්ද යන්න තවමත් සැක සහිතය.

එසේ වුවත් ඔවුන්ට එල්ල වී තිබෙන්නේ ස්නායු අඩපණ කරන රසායනිකයක් බව පරීක්ෂණවලින් තහවුරු වී තිබේ. මේ අපරාධයට වගකිව යුත්තේ රුසියාව බව බ්රිතාන්ය දැඩි සේ කියා සිටී. මේ චෝදනාව එල්ල කිරීම නිසා දෙරට අතර නොහොඳ නෝක්කාඩු ද ඇති වී තිබේ. එසේ වුවත් මේ සිද්ධියේදී බ්රිතාන්ය රුසියාවට දෙසට ඇඟිල්ල දිගු කිරීම අසාධාරණ ක්රියාවක් නොවන බව ඉතා මෑත ඉතිහාසය පවා අපට මතක් කර දෙයි. එමෙන්ම ස්ක්රිපල් සාමාජිකයන් මරණ මංචකයට ඇද දැමූ රසායනය රුසියාවේ විෂ කම්හලේ නිෂ්පාදනයක් විය හැකි බවට සැකයකුත් මතුව තිබේ

තමන්ට විරුද්ධව නැඟී සිටින අයට එරෙහිව විෂ රසායනයන්, රුසියාව මෑත භාගයේදී භාවිත කළ පළමු අවස්ථාව මෙය නොවේ. රුසියාවේ හිටපු රාජතාන්ත්රික නිලධාරියකු සඳහන් කරන අන්දමට රාජ ද්රෝහීන් ඝාතනය කරන්නට රුසියාව අවස්ථා රැසකදී විෂ අවි භාවිතයට ගෙන ඇත.

2006 වසරේදී ඇලෙක්සැන්ඩර් ලිට්විනෙන්කෝ ඝාතනය වූයේ ද රුසියානුවන්ගේ මෙවැනි වැඩපිළිවෙළක් නිසා බව මේ නිලධාරියා පවසයි. සර්ජි ස්ක්රිපල් මෙන්ම ඇලෙක්සැන්ඩර් ලිට්විනෙන්කෝ ද රුසියා රහස් ඔත්තු සේවාව හැර දා, පසුව බ්රිතාන්යට පැමිණි අයවලුන්ය. බ්රිතාන්යයේදී මාධ්යවේදියකු හැටියට සේවය කළ ඇලෙක්සැන්ඩර් ලිට්විනෙන්කෝ හදිසි ඇද වැටීමක් නිසා 2006 නොවැම්බර් පළමුවැනිදා රෝහල් ගත කෙරිණ. එයින් තෙසතියකට පමණ පසු හෙතෙම ජීවිතක්ෂයට පත් වූයේය.

ඔහුගේ මරණයට හේතු වී තිබුණේ පොලෝනියම් – 210 නමැති විකිරණශීලි රසායනිකය ශරීර ගත වීමයි. පොලෝනියම් – 210 උග්ර විෂ රසායනික ද්රව්යයකි. එමෙන්ම එය ඉතාමත් කලාතුරකින් පරිහරණය කෙරෙන්නකි. ඒ අනුව පොලෝනියම් 210 සාමාන්ය සමාජය තුළ ජීවත් වන කෙනෙකු අත තිබිය නොහැකි රසායනිකයක් බැව් පරීක්ෂණවලින් තහවුරු විණ. මේ විෂ රසායනිකය රුසියාවේ සිට බ්රිතාන්යට ගෙන එන්නට ඇත්තේ ජල්ලිමය ආවරණයක් තුළ කුඩා උණ්ඩි හැටියට බහා තබා ගනිමින් බව බ්රිතාන්ය ආරක්ෂක අංශ පසුව අනාවරණය කර ගත්තේය 

‍ලැබ් – එක්ස් ආයතනය රුසියා ෆෙඩරල් ආරක්ෂක සේවාව අද මේ වනවිට පවත්වාගෙන යන්නේ විද්‍යාත්මක පර්යේෂණ ආයතනය යන නමිනි. සෝවියට් – ඇෆ්ඝනිස්තාන යුද්ධයේදී තුවාල ලබා අකර්මන්‍ය තත්ත්වයට පත් රුසියා සෙබළුන් නඩත්තු කිරීම එහි කාර්යය බව ලෝකයට ඒත්තු ගන්වා ඇත.


එසේ වුවත් රුසියාවෙන් බිහිවුණු ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ ඝාතන මෙන්ම යුක්‍රේනයේ හිටපු ජනාධිපති වික්ටර් යුෂ්චෙන්කෝ ඝාතන කිරීමට සැලසුම්
 කිරීම ද මේ භයානක ආයතන හරහා සිදු වූ බවට සැකයක් ඇත. 2004 වසරේ යුක්‍රේන ජනාධිපතිවරණය අතරතුරදී 2,3,7,8- ටෙට්රා ක්ලෝරෝ ඩයි බෙන්සො ඩයොක්සීන් නමැති රසායනිකය වික්ටර් යුෂ්චෙන්කෝගේ ශරීරයට ඇතුළු විය. එම විෂ ඔහුගේ ශරීරයට ඇතුළු වූයේ කෙසේද යන්න අභිරහසකි. විපතින් දිවි ගලවා ගත්තත් ඔහුගේ ශරීර ශෝභාව වෙනස් විය. මේ සියලු අපරාධ සිදුවුණේ ජනාධිපති වැලැද්මියර් පුටින්ගේ පරිපාලන සමයේදී බවත් අපට අමතක කරන්නට බැරිය.


දැන් දැන් ලැබ් – එක්ස්හි කටයුතු අනාවරණය වෙමින් පවතී. මේ ගැන සඳහන් කරමින් පවෙල් සුඩොප්ලාටොෆ් සඳහන් කරන්නේ වේල්ල බිඳී යෑමෙන් ඉක්බිති රහස් තොරතුරු පාලනය කිරීමක් කළ නොහැකි බවකි. ඔහු ‘වේල්ල බිඳී යෑම‘ ලෙස අරුත් ගන්වා තිබෙන්නේ සෝවියට් සමූහාණ්ඩුවේ බිඳ වැටීමයි

උපුටා ගැනීම: රාම් වණා

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!