එක පාරක් මට ඔෆිස් එකේ වැඩකට හොංකොං යන්න වුනා. ඔෆිස් එකෙන් බුක් කරල තිබුනේ වර්ජින් එයා ලයින් එකේ. මම ඉතින් කැන්බරා ඉඳලා සිඩ්නි ගිහිල්ලා, ඊ ලඟ ෆ්ලයිට් එකට තව වෙලාව තියෙන නිසා කෝපි එකක් බොන්න ගියා. මගේ ඉස්සරහින් පෝලිමේ හිටපු ගෑනු මනුස්සයා ආඩම්බරකාර ලුක් එකක් මට දැම්මත් මම හිනාවක් දාලා ‘ගුඩ් මෝනිං’ කිව්වත් එයා කිසිම හිනාවක් නැතුව ‘මෝනිං’ කියලා එයාගේ කෝපි එක අරගෙන ගියා. හිනා වෙන්න වියදමක් යන්නෙ නැහැ නේ, ඒ නිසා ගැන මගේ හිතේ පොඩි අවුලක් ආවේ නැත්තෙත් නෑ.
ඩොමෙස්ටික් ටර්මිනල් එකේ ඉඳලා ඉන්ටර්නැෂනල් ටර්මිනල් එකට යන්න වර්ජින් ගුවන් සමාගමේ බස් තියෙනවා. මම ඉතින් කෝපි එක බීලා ඒ බස් එක නවත්තන තැනට ගියාම එතන තව කීප දෙනෙක් හිටියා. ටික වෙලාවකින් බස් එකට සෙනග නැග්ගා, මට හම්බවුනේ දොර ලඟම සීට් එකක්.
බස් එක ස්ටාර්ට් කරලා යන්න ලෑස්ති වෙනකොටම, ඔන්න අර ගෑනි දුවගෙන එනවා බස් එකට නගින්න. බස් එකේ දොර වහල තිබුනේ නෑ, එයා එක අඩියක් තියෙන කොට ඩ්රයිවර් කිව්වා
‘වර්ජින් ඔන්ලි (කන්යා පමනයි)’
කියලා. මට මැරෙන්න හිනහයි. ගෑනී ඒක දැක්කා.
‘මම වර්ජින් ෆ්ලයිට් එකේ තමයි යන්නේ’ කිව්වා.
‘මම හිතුවෙ නෑ ඔයා වර්ජින් (කන්යාවක්) කියලා. සොරි’
කියලා අරූ ආයේ කිව්වා. මම ආයෙත් හිනා වෙවී එයාගෙ මූන බැලුවම, දැක්කෙ ගෑනිගෙ මූන රතු වෙලා තරහට.
‘ඇයි එහෙම හිතුවේ?’ කියල ඇහුවේ ගේමට,
අරූත් එසෙ මෙසේ පුතයෙක් නෙවෙයි,
‘නෑ ඔයාගේ බෑග් එකේ ගහල තියෙන්නේ ක්වන්ටාස් කියල නේ. ඒකයි මම ඔයා වර්ජින් නෙවෙයි කියල හිතුවේ’
කිව්වම මමත් දැක්කා ඒක. එයා කලින් ගියපු ෆ්ලයිට් එකේ ගහපු ටැග් එක ගලවල නෑ, ඒක ක්වන්ටාස් එකක්. අරූත් කුප්ප කමටම ‘වර්ජින් මගිය’ නොකියා නිකම්ම ‘වර්ජින්’ කිව්වේ.
ඌට තේරෙන්න ඇති ඒකි ආඩම්බර ඩයල් එකක් කියල. මගේ උදේ ඇති වූ තරහ සිතිවිල්ල ඩ්රයිවර්ගේ සම්මා වචනයෙන් සිතෙන් පහව ගිහිල්ලා, පහන් සිතකින් ඒ ඩ්රයිවර්ට ‘තැන්ක් යු, මේට්’ කියලා බස් එකෙන් බැහැල ගියා.
වැඩේ කියන්නේ ඒ ගෑනි ගියෙත් හොංකොං, මගෙ ලඟ වාඩි නොවුනට බෝඩ් කරන තුරු අපි ටිකක් ලඟ වාඩිවෙලා හිටියට මගේ දිහා නෙවෙයි බැලුවේ. බලන්න ඉතින් අර පෝලිමේදී හිනා වුනා නම් එයාව හොකොංවල තනි වෙන්න නොදී හොඳට බලාගන්නව නේ.
ඒ නිසා ඔය ගෑනු ලමයි ආඩම්බර නොවී හිනා වෙන්න අසල්වැසියන් සමග, නැත්නම් බස් ඩ්රයිවර්ලා හිතාවි වර්ජින් නෙවෙයි කියල ඒ වගේම අපි වගේ අයගෙන ලැබෙන්න තියෙන උපකාරත් නොලැබේවි.
උපුටා ගැනීම: Devapriya Siriwardena