මම මුලින් යන්නම්… මා නැති දුක විඳ පසුව ඔබ එන්න නොවේ… ඔබ මුලින් යන්න.. ඔබ නැති වේදනාව ඉවසා දරා ඔබ පසුපස මාද එමි…
—————————————————————-
අපි ආදරේ කරන අයට කලින් අපි මැරෙන්න ඕනේ කියලා අපි ප්රාර්තනා කරනවා… මට හිතෙන්නේ ඒක හරිම ආත්මාර්තකාමි හැඟීමක්… ඇයි අපි එහෙම කියන්නේ මම මුලින් මැරුණොත් මාට මා වෙනුවෙන් දුක් විඳින මිනිස්සුන්ගේ වේදනාව දකින්න බැරි නිසා.නේද..
ඇත්තටම දුක මැරෙන කෙනාටද.. ජීවත් වෙන කෙනාටද… මැරෙන්නවා අපි හැමෝම දවසක් හැබැයි අපි ආදරේ කරන කෙනෙක් මැරුණොත් අනේ අපි කී පාරකට මැරි මැරි ඉපදෙයිද…
හිතන්න අපේ අම්මට තාත්තට කලින් අපි මැරුනොත් ඒ පපු වලට ඒ දුක දරාගෙන ඉන්න පුලුවන් වෙයිද… මටනම් බෑ මට ආදරේ කරන කිසිම කෙනෙක් ඒ වේදනාව විඳිනවා කියලා හිතන්නත්..
ඉතින් මම හැම මොහොතකම හිතන්නේ මෙහෙම….
———————————————–
අවසන් හුස්ම මාගේ ඔබ නොදකින්න…
නොඅයදිමි මා නොමැති ලොව ඔබ තනිවෙන්න..
දනිමි හිමියනේ මේ ජිවන මඟ යන්න…
මා එන්නම් දුක විඳ පළමුව ඔබ යන්න….
නෙතඟ ඔබේ කදුළක් මට විඳිනු බැරි…
පුංචි එකෙකි මට ඔබ තනි කළ නොහැකි…
කවදා නමුත් සමුදෙන්නට උරුම ඇති…
ඔබ සමුගන්න ඔබ පසුපස මාද එමී…
නිසල සිරුර සිපගෙන ඔබ හඩන හැටි…
දරන්න බෑ මටනම් සිහිකරනු බැරි….
ඒ නොදකින්න අවසන් පැතුමනම් සරි..
හිමියනි ඔබ යන්න නික්මි මාද එමි……
—————————————————-
අයෝමා ඉෂාණි රණසිංහ
උපුටා ගැනීම: අයෝමා රණසිංහ