හැදි මලා නම් හොදයයි සිතු අවස්තා එමටයි…
ඒ මෙ දිනවල මටත් කොවිඩ් වැලදි ඇති හෙයිනි …
ඉශු කල ටොක්ස් වල හැටියට බඩ කපාගෙන මැරෙන්න හිතෙන අවස්තාද ඇත …
වටේ පිටේ උන්ට මුහුන දෙන්න බැරි විදියටම චොර වී ඇත …
වටේ පිටේ උන්දැලාට, ඔවුන්ගේ දරුවන්ට ගෙදරින් එලි බහින්ඩ එපා කියු හැටි හිත් අග්ගිස්සේ ඇදි ඇදී මැකෙයි.
වසරක් අත්යාවශ ගමන් හැර සියලු දේ අත් හැර ඉදිමද අපරාධක් සේ හැගෙයි…
මාස්ක් එකක් නැතුව අවෘද්දකට වැඩි කාලයක් දන්නෙක් අදුරන්නෙක් මගේ සිරියාවන්ත මුහුන හෝ හිනාව දැක නැත …
අහල පහල එවුන්ගේ සමච්චලයට ලක් වෙනකම්ම මම පරිස්සම් උනෙමි …
ඒ පරිස්සම ගැන කතා කෙරුවෙමි…
එන්නත ගන්න මගේ වාරය එනතුරා බලා සිටියෙමි…
ඒ අස්සේ නොදැන හැටට වැඩි අයට එන්නත දෙන කාලයේදී ද ඇපොඉන්මනන්ට් එකක් දාගත්තෙමි…!
විස්තර ලියා ඇපොඉන්මනන්ට් එකට ඉලග දා 11 ට එන්න කිවු දුරකතනක්රියාකරන්නිය අවසානයේ කිවුවෙ ..
” රෝගියාට හැටට වැඩි ” නේද ??
ඒ ප්රශනෙයෙන් තක්බීර් උනු මා …
හිතුවෙ මගේ කටහඩ හැට පැනල වගේ ඇහෙනවා ඇති කියාය ..
විස්සෝපයෙන් නැවතත් ඇසු විට ඇය නැවතත් ඒ දේම කියුවාය ..
අවසානයෙදි ලැජ්ජාව පසෙකලා
හැට පැනීමයි එන්නතයි එක්ක තියෙන සම්බන්ධ ඇසු විට ..
යන්තම් හිතට සැනසීමක් දැනුනේ කටහඩ වයසයි වගේ නෙමෙ කියල දැනගත්තම …
වෙලාවට ගිහින් පොලිමත් නොහිටියේ..
ඉතිම් එහෙම උනනදුවක් තිබු මට ….
කොවිඩ් ප්රදානය කරේ අපේ ගෙදර මාගේ උපදෙස් වලට සවන් නොදෙන මිනිහාගෙනි ..
අවුරුද්දක් විතරම පරිස්සමින් හිටි ඔහු බැමි ලිහිල් කලා පමනි.. !!
ඒත් මං කට කැඩෙනකම් කියන්න ඇති මතක් කරන්න ඇති …
කොහෙද ඉතිම් පන්ඩිතකම ඊට වැඩිනේ…
දැන් සියල්ලටම සැපය …
වෙලාවට තාමත් හොදටම අමාරු වුනේ නැත …
ඒ අමාරුකම් සේරටම වැඩිය හිතට කනගාටු ඉරෙස්පොන්සිබල් සිටිසන් කෙනෙක් උනා වගේ සිංහලෙන් කියාගන්න බැරි හැගීමය ..
දැන් කොවිඩ් නසන උපදෙස් ගලා එයි..
අරක බොන්න මේක බොන්න කියන කියන එක අපිත් බොයි …
සමහර විට මෙ ගොඩ බෙහෙත් ඇලජික් වි මැරෙන්නද ඉඩ ඇත …ඒ තරමට සුදුලුනු, ගම්මිරිස් ,ඉගුරු ,කොත්තමල්ලි ,අර විටමින් මෙ විටමින් ,උනුවතුර ……
ගද සුවද දැනෙන්නේම නැත … හාපික් ,ක්රීම් , ෆ්ලෝ ක්ලීන , විම් , අර බාම් මේ බාම් ,සබන් හැම එකක්ක්ම සුවද බැලුමුත් වගක් වත නැත …
විසබීජ නසන්න කියා කන රතුලූනූ ගෙඩි සුදුලූනු නතින් ය …කිසි අවුලක් නැතුව සැරක් නොදැනී කෑ හැක…
තව සතියකින් පමන හොද වීමේ ලකුනු පෙන්වයි ..
එයින් පසු රටට ලෝකෙට මුහුන දෙන්නේ කොහොමද කල්පනා කරමින් …..
අවසානයේ කිව යුත්තේ මෙපමනයි…
ගෙදරක කියනදේ නාහන නොතේරෙන එක ගොනෙක් හිටියම ඇති … ගෙදරම අමාරුවෙ දාන්න …
උපුටා ගැනීම: Kaushi Ariyasinghe