බෝඩිම (පෙම්මුල්ල) (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
“හැමදාම ඔහොම ඉන්නෙයි කල්පනාව?”
අම්මා මගෙන් එහෙම අහපු වාර ගණන ගණන් කළා නම් මේ වෙද්දී, 10kත් පහුකරලා. අම්ම එහෙම අහද්දි මම බොහොමයක් වෙලාවට ඉන්නේ නෑහුණා වගේ. “කසාද නොබැඳ ඉන්න කොට අකුනු ගහන්නෙ නෑ” වගේ හරුපයක් කියන්නේ කලාතුරකින්. මම කොච්චර පසුබෑවත් අම්ම නම් ගේමෙම හිටියා. ඊට පස්සේ මගේ බාප්පලා පුංචි අම්මලා නැන්දලා මාමලා වගේ වැඩිහිටි නෑ සනුහරේ පෙළගස්සවලා මට බලපෑම් කරවන්න පටන් ගත්තා. ඔහොම ඉන්න අතරේ මට කොළඹට මාරුවීමක් හම්බුණා. මම කොළඹට ගියේ කුරුල්ල මිටෙන් අැරියා වගෙයි.
“කොහේ ගියත් කමක් නෑ සක්කරවට්ටන්වලට අහුවෙලා කුණු ගොඩවල් කරගහ ගන්නවා එහෙම නෙවෙයි.”
අම්මටයි තාත්තටයි වැඳලා එළියට බහිද්දී අම්මා අනතුරු අැඟවීමක් කළා.
මගේ යාලුවෙක් මට කිරුලපනේ බෝඩිමක් හොයල දුන්නා. එ් ගෙදර හිටියේ බෝඩින් අැන්ටියි ,අන්කලුයි, එයාලගේ දුවයි , පුතයි. පුතාට නම් තිබුණේ රස්තියාදුකාර මරුමුස් පෙනුමක්. කටේ කොණක් පැත්තකට අැල කරලා උෟ මට පල් හිනාවක් දැම්මා. බෝඩින් අැන්ටිගේ දුවට කඩාහැලෙන රූසපුවක් නොතිබුණත් ප්රියමනාප පෙනුමක් නම් තිබුණා.
ඔවුන් මට බෝඩින් කාරයෙකුට වගේ සැලකුවේ මාස දෙකයි. ඊට පස්සේ හැම දෙයක්ම වෙනස් වුණා. මට දෙන කෑම බීමවල රස ගුණ වැඩි වුණා. අැන්ටිගේ දුව අඳින ගවුම කොට වෙන්න පටන් ගත්තා. අැගේ අඟර දඟර වැඩි වුණා. කතාබහේ කැටයම් අලුත් වුණා. අැන්ටි තේ ගෙනැත් දෙන රාජකාරියෙන් බැහැර වෙලා එ් වෙනුවට දුව අාදේශ කළා.
මට තේ ගෙනෙද්දි මේ හෝන්තුව අැඳගෙන ඉන්නේ කොටම කොට ගවුමක්. මම වැඩ අැරිල එද්දි මිදුලෙ මල් පැලවලට සාත්තු කරන්නෙත් එ් ගවුම අැඳගෙන. අැගේ අඟර දඟරවලට මට රාග සිතුවිලි පහල වුණේ නෑ කිවුවොත් එ්ක අමූලික බොරුවක්. මම කෙලෙස් ප්රහීන කරලා රහත් වෙලා නැහැ නේ. රාගික හැඟීම්වලින් පෝෂණය වෙලා ප්රේමනීය මොටි මතුවෙන වෙලාවලුත් තිබුණා. එ් වෙලාවට දමයන්ති අැවිල්ලා එ් මොටි නියපොතුවලින් හූරල දමනවා. අපේ අම්මත් එ් වැඩේට හවුල් වෙනවා.
දවසක් මම වැඩ අැරිලා එනකොට මගේ කාමරේ සුුද්ද පවිත්ර කරළා පිලිවලකට හදල තිබුණා. මගේ කිලිටි අැඳුම් හෝදලා මැදල තිබුණා. මම කේන්තියෙන් පිපිරෙමින් කුස්සිය පැත්තට ගියා.
“කවුද අැන්ටි මගේ කිලිටි රෙදි සෝදල තියෙන්නේ?”
“සුගන්දිකා වෙන්නැති.”
“මීට පස්සෙ මගේ වැඩ කවුරුවත් කරන්න ඔ්න නෑ. මගේ වැඩ මම කරගන්නම්.”
“එ් වගේ පොඩි වැඩක් කරල දුන්නට මොකෝ වෙන්නේ. ඔය දරුවත් පිට කෙනෙක් යැ අපේම දරුවෙක් නේ.”
අැඟට පතට නොදැනි එ් ගෑනි එහෙම කිවුවම මගේ හිස් මුදුණෙන් ගිනි දලු මතු වුණා. හැකි ඉක්මනින් බෝඩිම මාරු කරන්න ඔ්න කියල මම හිතා ගත්තා.
පහුවදා බෝඩිමේ හුටපට ටික ඔෆීස් එකේ යාලුවෙකුට කිව්වා. යාලුවා ඔලුවෙ අත් ගහගත්තා.
යකෝ ඔක්කෝම තක්කු මුක්කු වුණාට පස්සෙ තමයි තෝ මට කියන්නේ. ඔය ගෙදර මැරයෙකුත් ඉන්නවයි කිව්ව නේ. අපි මේ වැඩේ ලෝකයට බාර දෙමු. මිනිහා ගැට සූත්තර කාරය.
අපි දෙන්නම ගිහිල්ලා ලෝකය මුණගැහිලා විස්තරේ කිව්වා. ලෝකයගෙ නළලෙ රැළි මතු වෙනව දැක්කම මට හීන් දාඩිය දැම්මා.
“මල්ලි ලඟ සිගැරට් තියෙනවද?”
“නෑ අයියෙ මම ටක් ගාල ගෙනැත් දෙන්නම්”
මම කැන්ටිමට දුවලා ගිහිල්ලා බ්රිස්ටල් පැකට් එකකුයි ගිනි පෙට්ටියකුයි ගෙනැත් දුන්නා. ලෝකයා දුම් වළලු පිටකරමින් මගෙන් හරස් ප්රශ්න අැහුවා.
“තමුන් බෝඩිමට අැවිල්ලා කොච්චර කල් ද?”
“හෙට වෙද්දි හරියටම මාස තුනයි.”
“බෝඩිමේ ඔය කියන වෙනස පටන් ගත්තෙ කවද ඉඳලද?”
“මම අැවිල්ලා මාසෙකට විතර පස්සේ”
“උන් එ් මාසෙ අැතලත තමුන්ගෙ වගතුග හොයාගෙන තියෙනවා. සමහ
රවිට තමුන්ගෙ වත්කම් ගැනත් හොයන්න අැති.”
“එ් කෙල්ලට තමුන්ගෙන් අතවරයක් එහෙම වුණාද? එහෙම වෙලා තියෙනවා නම් මම මේ වැඩේට අත ගහන්නෙ නෑ.”
නෑ අයියෙ මම එ්කිගෙ අතින්වත් අල්ලල නෑ. අම්මපා.”
“හරි. මේක කල් දාන්න පුලුවන් වැඩක් නෙවෙයි. අපි ඉක්මන් නොවුණොත් තමුන් දන්නවද තමුන්ට මොකද වෙන්නේ කියලා? එ්කි තමුන්ගෙ කාමරේට අාපු වෙලාවක උන් කාමරේට කඩාවැදිල තමුන්ව කොටු කරනවා. ඊට පස්සේ කෙල්ල අනාත කළා කියල චෝදනා කරල බලෙන් බන්ඳවනවා. අපි හෙටම වැඩේ ගොඩ දාමු. මල්ලි බෝඩිමේ අැන්ටිට කියන්න හෙට ගමේ ඉඳලා අය්ය කෙනෙක් එනවය නුවර යන්න. හෙට රෑට මගේ කාමරේ නවත්ත ගන්නවා කියලා. මට බෝඩිමේ අැඩ්රස් එක දෙන්න. මම මල්ලි වැඩකට අත ගැහුවොත් චොර වෙනනෙ නෑ. හරිද?”
“අයියට මගෙන් මොකද්ද වෙන්න ඔ්න?”
“මගේ කොස්ට් එක දීපන්. වැඩේ කෙරුනට පස්සෙ බෝතලයක් ගෙනැත් දීපන් එච්චරයි.”
ලෝකයා එළියට බැස්සෙ මට අතට අත දීලා.
පහුවදා හැන්දෑවෙ ලෝකයා ටැක්සියකින් අපේ බෝඩිමට අාවා.ඔහු ගෙට ගොඩ වුණේ බරට බරේ තඩි සූට්කේස් එකකුත් උස්සගෙන. එ්ක අැතුලෙ තඩි ගල් ගෙඩියකට අමතරව තිබුණේ දත් බුරුසුවකුයි මුං කැවුම් පාර්සලේකුයි විතරයි. මුං කැවුම් පාර්සලේ මම අැන්ටිට ගිහින් දුන්නා අයියා ගමෙන් ගෙනාව කියලා. “එහෙම තමයි ගම්වල සිරිත් හිස් අතින් ගෙදරකට ගොඩවෙන්නෙ නෑ.”
අැන්ටි එහෙම කියලා පර්සලේ සතුටින් බදාගත්තා.
“අැන්ටි, අයියා කියනවා අපේ තාත්තට ටිකක් සනීප නෑ කියලා එ් හින්දා මම හෙට ගමේ යනවා.”
“එහෙම නම් ඉතින් තාත්තා බලන්න යන්න එපායැ. හොඳයි ගිහින් එන්නකෝ.”
මම එදා රෑ ලෝකයා ගෙනාපු ශූට්කේස් එකේ මගේ පොත් පත් අැඳුම් පැලඳුම් අාදිය අැහුරුවා. තවත් ඉතිරි පහද වෙච්ච මගේ ට්රැවලින් බෑග් එකේ දමා ගත්තා. ලොකය ගෙනාපු තඩි ගල මගේ කබල් ශූට් කේස් එකට දාල යතුරු දැම්මා.
පසුවදා උදේ අපි සමුගනිද්දි සුගන්දිකා අැවිත් මටයි ලෝකයටයි දෙන්නටම දන ගහලා වැන්දා. එ් වෙලාවෙ නම් මට එ්කි ගැන දුක හිතුණා. එහෙම හිතලා අපේ අම්මා කිනවා වගේ සක්කරවට්ටමක් කරේ එල්ලගන්න අැහැක.
( ප්රබන්දයකි)

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!