පුංචි ඉකිය (පෙම් කතා)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
සීතල ග්රෙගරි වැව ළඟ පාට පාට ලයිට්වලට පිටු පාල මං ඉදන් හිටියෙ කලුවරේ…
“හ්ම්ම්ම්..”
තුන් වෙනි බියර් කෑන් එකත් හිස් කරපු මං මියුසිකල් ශෝ එක දිහාට හැරුන. මගේ යාලුවො සෙට් එකත් එක්ක නට නට හිටියෙ අද දවල් පේරාදෙණිය පාක් එකේදි කෙට්ටු හාදයෙක් එක්ක දැක්ක කෙල්ල… මට එයාව දැක්කාම කට කොනකින් හිනාත් ගියා…
“තනියමද…” ලගට ගියපු මං කනට ලං කරල ඇහුව..
“නෑ…”මං අහපු දේට මූණවත් නොබල උත්තර දීපු කෙල්ල නටනව…
“ආඩම්බරයි නේද..”
“අයියෝ අනේ… නටන්න දෙන්නකො ලගට ඇවිල්ල කියවන්නෙ…”
නටන එක නවත්තල කෙල්ල මූණ එල්ලන් ගිහින් පොඩ්ඩක් ඈත බංකුවක වාඩිවෙලා හිටපු කෙට්ටු කොල්ලෙක් ගාවින් වාඩි උනා…
මාත් ගිහින් කෙල්ලට එහා පැත්තෙන් වාඩි උනා…
“බෝයි ෆ්රෙන්ඩ්”
කෙල්ල කොල්ලව පෙන්නල කීවා..
මං එබිල කොල්ල දිහා බැලුව…
නිශාන් ලොකුබණ්ඩාර කියන්නෙ ලොකුබණ්ඩාර වලව්වෙ දෙවනිය. මගෙ අක්ක බැදල ඉන්න අයියගෙ මල්ලි. පව්ලට ගැලපෙන්නෙ නැති කෙල්ලෙක් බදින්න හැදුව කියල ගෙදර එන්න තහනම් කරපු එකා කිසිම දේපලක් දෙන්නෙ නෑ කියල ගෙදරින් පන්නපු එකා දැන් මං ඉස්සරහ.. ආඩම්බරකාර කෙල්ලෙක් එක්ක
“නිශාන්…” මට කියවුනා.
මෙච්චර වෙලා වැව දිහාබලන් බර කල්පනාවක හිටිය නිශාන් ගැස්සිලා බැලුව..
“දස්ස….”
කිසිම හැගීමක් නැති මූනෙ කිසිම හැගීමක් නැති හිනාවක් ඇදිල නැතිවෙලා යන ගමන් කීව.
මට නිශාන් ගැන පුදුම හිතුන…
ඌ කෙට්ටුවෙලා ඇදිල ගිහින් ඇස් වටේ කලුවෙලා… මං පුදුමෙන් වගේ ඌ දිහාබලන් හිටිය.
“බබා මට කඩල එකක් ඕනෙ..”
නිශාන් ආඩම්බකාර කෙල්ලට කීව.
“හරි ඉතින් තනියෙන් යාලුව එක්ක කතා කරන්න ඕනෙ කීවනම් යනව නෙ බොස්… අදට කඩල කෑව ඇති…”
ඒම කීව ආඩම්බරකාරි ආයිත් නටන්න ගියා.
“හරි කෝ දැන් දිනූශි…”
මං ඇහුවෙ හැම දේම අත් ඇරියෙ දිනූශි හන්ද නිසා
“එයා කොහෙහරි ඇති බන්”
“මොනාද කියන්නෙ.. වෙරිත් ගියා බන් උබව දැකල…”
“මං ගෙදරින් ආවෙ දිනූශිගෙ කුලේ අපේ අයට ප්රශ්නයක් උන හන්ද කියල උබ දන්නවනෙ… ඒත් බන් අපි රෙජිස්ටේශන් එකට දිනත් දාගෙන ඉද්දි එයා එක පාරටම මිසින් උනා…”
“ඇයි එයා උබ එක්ක නෙ හිටියෙ.. “
“නෑ…බං මං ටික දවසකට ඉන්දියා ගියා මගෙ වැඩ වගේකට මං එන්න දවස් සතියකට කලින් ඉදන් එයා අමුතුයි මගෙ කෝල්වලට ආන්සර් කරන්නෙ නෑ.. කතා කලත් හරියට කතා කරන්නෙ නෑ… මට මගෙ ජීවිතේ ඇති වෙලා තියෙන්නෙ… කියල එක පාරක් මැසේජ් එකක් දාල තිබ්බ… ඊටපස්සෙ මං ලංකාවට එන්න දවස් දෙකකට කලින් එයාට බ්රේකප් වෙන්න ඕනෙ කියල මැසේජ් එකක් දාල තිබ්බ… ඊටපස්සෙ මං එයාව දැක්කෙ නෑ බං…”
“උබට පිස්සු….යාලුවෙක්ගෙන් අහන්න තිබ්බ නෙ නැත්තන් බං එයාගෙ ගෙදර මිනිස්සුන්ගෙන්…”
“ඇහුව බන් ඇහුව.. කොහෙවත් නෑ අඩුම කියල යන්න තිබ්බ යන දිහාක…”
කදුලු වැටෙන ඇස්වලින් ග්රෙගරි වැව දිහා බලන් ඉන්න නිශාන් දිහා බලන් හිටියෙ කරගන්න දෙයක් නැතුව..
මං බලන් ඉන්න බැරිම තැන ඌව බදා ගත්ත…
“මට දිනූශි ඕනෙ බං…”
ඌ හීනි ඉකියක් එක්ක කියනව
“අඩන්නෙ නැතුව ඉදපන් උබට මං ඉන්නව නෙ….”
#############################
මං ඉන්නෙ ඔසීවල
කොෆි ශොප් එකක…
“හා…යි දසූන්…”
හුරුපුරුදු කඩහඩක්
“දිනූශි…” මගෙ ඇස් උඩ ගියා….
“කෝමද ඉතින්… මං ඔයා දැකල ආවෙ…”
දිනූශි ඉදගන්න ගමන් කීව
“ඔයා මෙහෙ…”
මං පුදුමෙන් ඇහුව…
ඒ එක්කම මට නිශාන් මතක් වෙලා කේන්ති ගියා…
“නිකන් බලු වැඩ කරන්න එපා හලෝ..”
“මොකක්… මොනාද කියවන්නෙ…
ඔයාව දැකල කතා කරන්න ආපු එකද බලු වැඩේ ආ….”
“නෑ හලෝ තමුසෙ මොකද අරූව දාල ආවෙ එන්ගේජ්මන්ට් එකට දිනත් දාන් ඉද්දි…”
“ආ… ඒකද… ඒ මගේ ටාගට්වලට යන්න.. “
“ඒමයි කියල ඒම දාල එනවද හලෝ..”
“මේ දසුන් වැදගත් විදියට කතා කරනව අනික මහ හයියෙන් කෑ ගහන්න එපා මෙතන…”
“වැදගත් විදියට කතා කරන්න වැදගත් වෙන්න එපැයි…” මං කීවෙ කට කොනකින් හිනා වෙලා..
“මටත් ඕනෙ උනා නිශාන්ගෙ අම්මලට පෙන්නන්න මං කාගෙවත් අත පල්ලෙන් වැටිල නෑ කියන්න.. එයාල හරියට මාව රිජෙක්ට් කලේ මං සතෙක් ගානට දාල..”
“ඒකට නිශාන් පලි නෑ නෙ දිනූශි..”
“අම්මලගෙම පුතා නෙ… ඔයාටත් හරි අමාරුයි නේද.. “
“දිනූශි තමුසෙට මං එකක් කියන්නම් ඌ තාම උබව මතක් කර කර අඩනව…. උගෙ හැටි දැක්කනම් උබ ඕම කියන්නෙ නෑ.. මොකද්ද බන් උබල අවුරුදු දහයකට වඩා එකට හිටිය උබට පොඩි අනුකම්පාවක්වත් නැද්ද..”
“දසුන් මාත් මනුස්සයෙක් ඔයා එදා එතන හිටියෙ නෑ නෙ… මට කියපු කතා ඔයා දන්නෙ නෑ.. එයාගෙ තාත්ත මට කීවෙ මගෙ අම්ම පදුරු ගානෙ ගිහින් මාව හැදුව කියල… දසුන් මගෙ අම්ම තමා මුලු ලෝකෙම…
ඔයා කියන්නෙ ඒවගේ මනුසයෙක්ගෙ පුතාව කසාද බදින්නද අපි සතෙක්ටවත් ඒම බනින්නෙ නෑ.. මට දුකයි නිශාන්ව දාල ආපු එක ගැන මං වැරදි ඇති.. ඒත් මට එපා බන් එදා එයාගෙ ගෙදර අය මාව එලියට දාපු වෙලේ එයා වචනයක්වත් කතා කලේ නෑ මගෙ පැත්තට එයා මාව හොයන් ආවෙ දවස් දෙකකට පස්සෙ… එයාට තිබ්බ ඒ වෙලේ මගෙ පැත්ත ගන්න.. මට කේන්ති දුකයි… මටත් ආත්ම ගරුත්වයක් තියේ… දසුන්… මට නිශාන්ව එපා මං කැමතී මගෙ පඩුවේ ජීවත් වෙන්න මං මගෙ ජීවිතේ හදන් ඉවරයි… දැන් මගෙ ජීවිතේට වටිනාකමක් තියේ.. කොහෙවත් ඉන්න මාන්නෙ ඔලුවට ගහල ඉන්න මිනිස්සුන්ගෙන් කතා අහන්න දැන් මට ඕනෙ නෑ…. ඈම් සෝ සොරි… අයි හෑව්ටු ගෝ නව් මට නිශාන්ගෙ මූණවත් බලන්න ඕනෙ නෑ… බායි…”
දිනූශි නැගිටල ගියෙ මාව නිරුත්තර කරල…
“ඒත් ඔයාට තිබ්බ එයා වෙනුවෙන් ඉන්න දිනූශි… ඌ පව්…”
දිනූශි යන දිහා බලං මගෙ හිත මට මිමිනුව…
#############################
“හායි…”
නිශාන්ගෙ මරණින් පස්සෙ ආඩම්බරකාර කෙල්ල මට ආයි හම්බුනේ අවුරුදු තුනකට පස්සෙ..
“ආ.. ළමයා… කෝමද..”
“ඔයාව බලල යන්න ආවෙ…”
“ඒ මොකෝ… ඒ…”
“මේක දීල යන්න…”
“මේ මොකද්ද…”
“බලන්නකෝ…”
“හඃ… “
ඒ බෑග් එක ඇරපු මට නිශාන්ව මැවිල පෙනුන… ඌ පාවිච්චි කරපු හෙල්මට් එක, ඩයිරිය,මාලෙ, ආසම ටී එක ඔක්කොම ඒකෙ තිබ්බ…
“එදා මල ගෙදර ඉවර වෙලා කොහෙද නොකියම ගියේ… හැමතැනම හෙව්ව ඔයාව මං”
“බෝඩිමට… මට තනියෙන් ඉන්න හිතුන ටිකක් දවස් ඒකයි…”
“ඔය දෙන්න අතර මුකුත්ම තිබිල නැද්ද.. මං අහන්නෙ අෆයා එකක්..”
“දසුන් අයියෙ මං එයාව බලන්න ආවෙ ඇඩ් එකක් දැකල පිලිකා රෝගියෙක් බලාගන්න තියනව කියල තිබ්බ… මට ඕන වෙලා තිබ්බෙ ජොබ් එකක් මොකක් හරි ජොබ් එකක් ළමා නිවාසෙන් එලියට ආවට පස්සෙ ජීවත් වෙන්න මොකක් හරි ජොබ් එකක් ඉතින් මට මෙතන හම්බුනා… එච්චරයි… අනික එයාගෙ ලෝකෙ හිටියෙ දිනූශි මිස් විතරයි නෙ…”
“හ්ම්ම්ම්… ඒකත් ඒමද…”
“ඔයට දෙයක් කියන්න තියේ… දිනූශි මිස් මට මාසෙකට සැරයක් කෝල් කරල නිශාන් අයියගෙ සැප දුක අහනව… මං දන්නෙ නෑ කවුද හරි කවුද වැරදි කියන්න.. ඒත් දසුන් ඒ දෙන්න වෙන්වුනේ නිශාන් බොගෙ අම්මටයි තාත්තටයි අපි ඔක්කොම මිනිස්සු කියල අමතක වුන හන්ද” ආඩම්බරී කීව..
“හ්ම්ම්.. ඒක නම් ඇත්ත…
දැන් මොකෝ කරන්නෙ…”
“නිශාන් බොස්ට පිං සිද්ද වෙන්න ඩිග්රිය කලා… ලබන සෙනසුරාදා මං කැනඩා යනව… ඇමරිකාවලට ගිහින් යන්නෙ..
මේ ටික දීල යන්න ආවෙ… මේ ටික මට බරක් මේව මට බල බල ඉන්න බෑ.. ඒකයි දීල යන්න ආවෙ… ඔය ටිකට ඔයා කැමතී දෙයක් කරන්න දසුන් අයියෙ… මං යන්නම්…”
” දෙයක් අහන්න තියේ… ඇයි එදා ග්රෙගරි වැව ලගදි නිශාන්ව පෙන්නල බෝයි ෆ්රෙන්ඩ් කීවෙ…”
“ආ… ඒ නිකන් …”
දත් තිස් දෙකම පෙන්නල හිනා වුනත් ඒ හිනාව අස්සෙ අමුත්තක් තියනව මං හොදටම දැක්ක…
“මං යනෝ…දසුන් බොස් අපි ආයි හම්බෙයිද දන්නෙ නෑ…”
ඒම කියල මට හග් එකක් දීපු ආඩම්බරකාර කෙල්ල මට ඇහැක් ගහල යන්න ගියා..
############################
එදා සෙනසුරාද මට නිවාඩු දවසක්… අද තමා ආඩම්බරකාරි යන්නෙ….
මහ වැස්සෙ ජනේලෙ අයිනට වෙලා කෝපි කෝප්පයක් තොල ගගා මං කියව කියව හිටියෙ නිශාන්ගෙ ඩයරිය…
ඒකෙ හරි ලස්සනට ආදරය විරහව අකුරු කරල තිබ්බ….
ඒක දකින මට හිතුනෙම මිනිස්සුන්ගෙ පුහු මානෙ නැත්තම් නිශාන් තාම ජීවත් වෙන්න ඉඩ තිබ්බ කියල…
ඌයි මායි නටපු පිස්සු මතක් වෙලා උණු කඳුළක් හිමීට මූන දිගේ පල්ලම් බහිනව මට තේරුනා…
හිත වෙනස් කර ගන්න ඕන හන්ද මං ටීවි එක දැම්මෙ කාටූන් එකක් බලන්න…
“මෙන්න දැන් ලැබුන විදේශ පුවතක්…
ශ්රී ලංකා එයාර් ලයින් ගුවන් සමාගමට අයත් ඇමරිකාව බලා පියාසර කල ගුවන් M707 නැමති ගුවන් යානය කාර්මික දෝශයක් හේතුවෙන් ඉන්දියන් මුහුදට කඩා වැටී තිබෙනව…”
ඒක ඇහෙද්දිම හීනි හිරියක් මගෙ පිට කොන්ද දිගේ උඩට යනව මට දැනුන…
“අනේ ආඩම්බරී….”
පුංචි ඉකියකුත් එක්ක මං තවත් පුටුව උඩ වකුටු වුනා…
උපුටා ගැනීම:  Kasuni Vishwanthi Rajapaksha

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!