පුලුවන්නම් එක පරක් හෙඩ් සෙට් එකක් දාලා අහලා කියවන්න
මුතු කුඩ ඉහලන මල් වරුසාවේ
උඩ ඉගිලෙන විට වැහිලේණී
එබී බලා රිය කවුලු දොරින්
යට ගිය දවසේ දෑස ගියා ඉගිලී
අඳුරු ලලා සෙන්කඩගල වැස්සේ
දිය දහරා පාටයි දේදුන්නේ
තෙමී තෙමී ආදර මදු වැස්සේ
ගිය දෙදෙනා අද යනවා දෙමන්තලේ
රිය ඇතුලේ උණුහුම ඔබට දිදී
නහවයි මා රිය සක මඩ වතුරේ
නෑ සිත රිදුනේ අදත් එදා සිහිවී
අපේ සබඳකම් නෑ රිය සක දන්නේ
රෝහණ වීරසින්හයන් විසින් සන්ගීතවත් කල මෙම ගීතය
ඉතාමත් සරල බසින් පෙම්වතෙකුගේ වියෝව දක්වයි,
මෙහි ඇති විශේෂත්වය වන්නේ මෙම ගීත රචකයා මෙම සරල වේදනාකාරී සිදුවීම ගීතයකට නඟන්නේ ඉතාමත් අලංකාරව සිංහල බස හැසිරවීමෙනි,
ඇත්තෙන්ම මෙම ගීතයේ ගුප්ත අර්ථ නැත,
සරල සිදුවීම සරලවම සිංහලයේ ලස්සන පද සොයමින් එයට ඇතුලත් කර ඇත,
තම හැර ගිය පෙම්වතිය පොහොසත් පෙම්වතෙක් සමඟ හාදු වී,
ඔහු සමඟ එම පෙම්වතිය සැප රියේ යද්දී මොහුගේ ඇඟට වතුර වලක් ගාවින් යද්දී ඇඟට වතුර විසික් වීම කොතරම් අලංකාරව ඉදිරිපත් කර තිබේද???
අද කාලේ එකෙක් ලීවානම්,
“ඔයා ගියා මහ වැස්සේ උගේ ජීප් එකේ
ටයරේ එබුණා මඩේ මගේ ඇඟේ ලෙඩේ
එපා එපා ඔයා කියා මටත් සිතේ සිතේ
ජනේලයෙන් එබී ඔයා ඇයිද බලා ගියේ”
ඔන්න ඔය වගේ කුනුහරපයක් ලියලා කියයි,
අන්තිමට කියයි තුන්මාසෙට එන්ඩත් එපා,
එනවානම් අවුරුද්දට එන්ඩ ඒත් එක්කෝ එන්ඩ එපා කියලා…
නමුත් මේ සිදුවීම සිංහල සාහිත්‍යයේ ලස්සනම පද දමා අලංකාර කර ඇති ආකාරය අගනේය,
පලමු පද පෙළ දිග හැරෙන්නේ වේදනාවෙන් පෙම්වතා මෙම සිදුවීම සිහි කරන ආකාරයයි,
පොද වැස්ස වෙලාවක වැහි ලිහිණියෝ උඩ ඉගිලෙන මොහොතක,
හිටපු පෙම්වතිය වාහනේ යද්දී ඇය රියෙහි කවුලු දොරින් ඔහු දෙස බලනවා,
කලින් දවසක වුණ සිදුවීම පෙම්වතාට ඇස් අදහා ගන්න බැරිවෙනවා,
“මුතු කුඩ ඉහලන මල් වරුසාවේ
උඩ ඉගිලෙන විට වැහිලේණී
එබී බලා රිය කවුලු දොරින්
යට ගිය දවසේ දෑස ගියා ඉගිලී”
තම පෙම්වතිය වැස්ස වෙලාවේ රියෙහි ජනේලයෙන් බලන ලද අවස්තාව,
වැස්ස මුතු කුඩ ඉහලන මල් වරුසාව ලෙසත්
වැහිලිහිණි කුරුල්ලෝ වැහි ලේණී ලෙසත්
වාහනේ ජනේල රිය කවුළු දොර ලෙසත්
කලින් දවස යට ගිය දවස යන වදනින් හඳුන්වමින්
ඇස් අදහාගන්න බැරිවුණා දෑස ගියා ඉගිලී ලෙසත් සරළ නමුත් නිතර ව්‍යවාහාර නොවන බසින් ගීතයට ඇතුලත් කරනවා
දෙවන කොටසින් ඔහුගේ ඒ අවස්තාවේ ඇතිවූ හැඟීම මේ අයුරුයි,
අහස කලු කරගෙන නුවරට වහින වැස්ස වැටෙන විට ඉර එළිය සමඟ දේදුන්නක් මවනවා,
අද ඔයා වාහනේ ගියාට ඒ කාලේ අපි එකට තෙමීගෙන ගියා,
එහෙම ගිය දෙන්නා අද දෙපසකට යනවා,
ඒ කියන්නේ අපි ජීවන මංපෙත් දෙකක සටනක ඉන්නේ,
“අඳුරු ලලා සෙන්කඩගල වැස්සේ
දිය දහරා පාටයි දේදුන්නේ
තෙමී තෙමී ආදර මදු වැස්සේ
ගිය දෙදෙනා අද යනවා දෙමන්තලේ”
කලුවර වෙලා නුවරට වහිද්දී අඳුරු ලලා සෙන්කඩගල වැස්සේ ලෙසිනුත්
බේරෙන වතුර දිය දහරා ලෙසත්
පාර දෙපස දෙමන්තලේ ලෙසත් හඳුන්වනවා,
අවසාන කොටසෙන්,
එක සිද්දියක් වෙනවා,
මේ වාහනේ රෝදෙන් මඩ විසික් වෙනවා පෙම්වතාගේ ඇඟට,
ඔහු පවසනවා මගේ ඇගට මඩ විසික් වුණාට කමක් නෑ,
මගේ හිත රිදුනේ නෑ එදා මතක් වෙලා,
මොකද මට එහෙම කලේ රෝදේ,
ඒත් ඉතින් රෝදේට වැරැද්දක් කියන්නත් බෑ,
රෝදේ අපේ තිබුණු ආදර සම්බන්දතාවය ගැන දන්නේ නැති හින්දා,
“රිය ඇතුලේ උණුහුම ඔබට දිදී
නහවයි මා රිය සක මඩ වතුරේ
නෑ සිත රිදුනේ අදත් එදා සිහිවී
අපේ සබඳකම් නෑ රිය සක දන්නේ”
වාහනේ රිය ලෙසත්
රස්නේ උණුහුම ලෙසත්
රෝදේ රිය සක ලෙසත්
සම්බන්දතා සබඳකම් ලෙසත් දක්වමින් ගීතය පෝශණය කරනවා,
ඇත්තටම මේ පද රචනය දුටු නිසා වෙන්න ඇති රෝහණ වීරසිංහයන් ඔහු සන්ගීතවත් කිරීමෙන් ඔබ්බට ගොස් මෙය ගායනා කිරීමට පෙලඹුනේ,
අලුත් කාලේ අයට ඇයි බැරි මෙච්චර ලස්සන පද තිබියදීත්,
විකාරරූපී ගීත නොලියා මේ වගේ හදවතට දැනෙන,
චිත්‍රයක් මැවෙන,
ඒ සිසිලස ඇඟට දැනෙන,
ඒ උනුහුම විඳින්නට ලැබෙන ගීත ලියන්නට බැරි???
මේ සින්දුව ලියලා තියෙන්නේ ලූශන් බුලත්සින්හල නැමති ශ්‍රේශ්ඨ ගීත පද රචකයා,
ඇත්තටම ඔහුගේ අත්දැකීමක් මුල් කරගෙන,
ඔහු සරසවියේ සිටින කාලයේදී ඔහුගේ පෙම්වතිය වෙලා ඉඳලා තියෙන්නේ පෝසත් තරුණියක්,
ඒ සිදුවීම මෙසේය,
එම සම්බඳතාවය බිඳ වැටී සෑහෙන කලක් ගතවූ පසු,
ලූශන් එයාගේ දුව සමඟ නුවර වැව් බැම්ම දිගේ එකේ ඇවිදන් යද්දී විශාල වැස්සක් වැහැලා තියනවා,
එතකොට කාර් එකක් ඇවිත් තියනවා වේගෙන්,
ඒ කාර් එක ආපු වේගේට ඔහු සහ දුව මඩ වතුර තෙමාගෙන තමයි ගිහින් තියෙන්නේ,
ඊට පස්සේ ඒ කාර් එකේ වීදුරුව පාත් කරාලා බලලා තියෙන්නේ මෙයාගේ කලින් පෙම්වතිය,
එහෙමම ඒ සිද්දිය බලලා ආයෙත් ග්ලාස් එක වහගෙන යන්ඩ ගිහින්…
ඔන්න ඕකයි සිදුවීම…
මේ ගීතයේ නාද මාලාව – පුණ්‍යසිරි මහවත්ත.
සංගීත සංයෝජනය හා ගායනය ආචාර්ය රෝහණ වීරසිංහ.
උපුටා ගැනීම: -Tharu Rajapaksha-