ගර්භාෂය තුළ හොඳින් හැදී වැඞී දරුවකු බිහිවීමේදී, එනම් කලලයක් භ්රෑණයකු දක්වාත් භ්රෑණයකු බිලිඳකු දක්වාත්, බිලිඳා මෙලොව එළි දකින තෙක්, දීර්ඝ කි්රයාවලියක් සිදු වෙනවා. විද්යාඥයන් සොයා ගෙන තියෙනවා, මවගේ ගැබෙහි සිටින නුපන් දරුවා ඉක්කා ගැසීම, ගිලීම, අතපය දිග හැරීම ආදිය ගැබ තුළදී කරන බව. ඒ විතරක් නොවෙයි, ඈනුම් පවා අරින බව දැන් සොයා ගෙන තියෙනවා.
ගැබ තුළ සිටින නිරෝගී භ්රෑණයන් 15 දෙනකුගේ චතුර්මාන (4D Scan) පරිලෝකන රූප අධ්යයනය කළ උතුරු ඩර්න්හැම් හා ලැන්කැස්ටර් යන විශ්ව විද්යාලවල පර්යේෂකයන් පිරිසක් සිතන්නේ භ්රෑණයකු මෙසේ ඈනුම් ඇරීම වර්ධනයේ වැදගත් තැනක් ගන්නා කි්රයාවක් බවයි. ඔවුන් වැඩිදුරටත් කියන්නේ එවැනි කි්රයාවක් නිරීක්ෂණය කිරීමෙන් දරුවකුගේ නිරෝගී භාවය වෛද්යවරුන්ට මැන ගත හැකි බවයි.
ගැබ තුළ භ්රෑණයන් ඈනුම් අරින බව කී විට මුලින් බොහෝ දෙනා විශ්වාස කළේ නැහැ. ඔවුන් සිතුවේ ඒ ඈනුම් අරිනවා නොව වර්ධන කි්රයාවලියේ කොටසක් වශයෙන් කට ඇරීම පමණක් කරනවා කියායි.
එය නිකම් කට ඇරීමක් නොව හොඳින් පැහැදිලිව ඈනුම් ඇරීමක් බව මේ අධ්යයනය කරන ඕනෑම කොනකුට පෙනී යනවා.
පර්යේෂකයන් කියන්නේ ඔවුන්ගේ ඒ අධ්යයනයේදී, ගර්භාෂය තුළ සිටින බිලිඳාගේ ඈනුම් ඇරීමත් සාමාන්යයෙන් කට ඇරීමත් අතර වෙනස පැහැදිලිව හඳුනා ගැනීමට තරම් ඒ චතුර්මාන වීඩියෝ රූප ප්රමාණවත් වූ බවයි.
අධ්යයනයට සහභාගි කරවා ගත් භ්රෑණයන් සියලූ දෙනාගේම චතුර්මාන වීඩියෝ පටවල ඔවුන් කට අරින හැම මොහොතක්ම පර්යේෂකයන් සියුම් ලෙස නිරීක්ෂණයට ලක් කර තියෙනවා.
ඩර්න්හැම් විශ්ව විද්යාලයේ මනෝවෛද්ය අංශයේ ජ්යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය නජා රීස්ලන්ඞ්ගේ නායකත්වයෙන් තමයි, මේ අධ්යයනය සිදු කෙරුණේ. ”මේ භ්රෑණයන්ගේ ඈනුම් ඇරීමේ කි්රයාවට හේතුව හෝ එහි වැදගත්කම හෝ තවමත් හෙළිදරවු කර ගෙන නැහැ. ඒත් දැනට සොයා ගෙන ඇති කරුණු අනුව එය භ්රෑණයේ වර්ධනය හා නූපන් දරුවාගේ සෞඛ්ය තත්වය ගැන කියාපාන තවත් දර්ශකයක් බව නම් පැහැදිලියි.” ඇය පවසනවා.
”අප වගේ නෙවෙයි භ්රෑණයන්, ඈනුම් අරිනවා දුටුවාම, කම්මැලි හිතුණාම, එහෙමත් නැත්නම් නිදිමත වුණාම ඈනුම් අරින්නේ නැහැ. සමහර විට භ්රෑණයන්ගේ ඈනුම් ඇරීමේ වාර ගණන ඔවුන්ගේ මොළයේ ආරම්භක අවධියේ වර්ධනයට සම්බන්ධයක් ඇතැයි සිතිය හැකියි.” ඇය තවදුරටත් කියනවා.මේ අධ්යයනය සඳහා ගැහැනු භ්රෑණයන් අට දෙනකු හා පිරිමි භ්රෑණයන් හත් දෙනකු යොදා ගෙන තියෙනවා. මේ සඳහා යොදා ගෙන තියෙන්නේ මවගේ ගර්භාෂයට සති 24ත් 36ත් අතර වූ භ්රෑණයන් පිරිසක්. (සාමාන්යයෙන් භ්රෑණයකු ලෙස සැලකෙන්නේ සති අටක් ඉක්මවූ කලලයක්.) මේ අධ්යයනයේ දී පර්යේෂකයන්ට පෙනී ගිය තවත් කරුණක් නම් මේ ‘ඈනුම් ඇරීම’ සති 28කින් පසු අඩු වී ගිය බවයි. මෙහිදී ගැහැනු පිරිමි අතර කැපී පෙනෙනවෙනසක් ඔවුන් දැක නැහැ
.
.උපුටා ගැනීම: රාම් වණා