මෙය මාගේ ජීවිතයේ ලබපු අමුතුම අත්දැකීම් වලින් එකක් වන අතර එක අත්දැකීමකින් අත්දැකීම් රැසක් විද ගැනීමට මෙන්ම දැක ගැනීමටද මා හට හැකියාව ලැබීය.
මුලින්ම මා බසයට ගොඩ වූයේ ඇහැළියගොඩින් වූ අතර මා හෝල්ට් එකේ සිට බසයට අත දමන්නට මත්තෙන් එහි සිටි කොන්දොස්තර අයියා ෆුඩ්බෝඩ් එකේ එල්ලී
” ඇඹිලිපිටිය ඇඹිලිපිටිය ශීට් තියෙනව නගින්න ඇඹිලිපිටිය “
කියා කෑ ගැසුවද මට ඇසුනේ….
” අබිලිය අබිලිය ශීට් එකේ ඉන්නව නගින්න “
යනුවෙනි.(එසේ ඇහෙන්නට ඇත්තේ වේගයෙන් ඔහු ඒ වචන කිව් නිසාවෙනි)ඒ මොන හරුපයක්ද කියා සිතන්නටත් මත්තෙන් බස් එක මා ගාව නවත්වා කොන්දොස්තර අයියා මාව බලෙන් දාගන්නට වූයේ පොලීසියෙන් හොරෙක්ව අල්ලගෙන දාගන්නවා මෙන් දෝ කියා මා කල්පනා කලේ ..මූ කිව්ව ඉදන්න තියෙනව කිව්ව ශීට් එක හොයන අතර තුරය..
මා එතුමාගේ දෙමාපියන්ට පින් දීමට මත්තෙන් නැවත බස් එකේ රියදුරු අසුනේ සිට පෙම් මුල්ල දක්වාම බැලූ විට මට මතක් උනේ
” යකෝ මේ යකා කිව්ව එක හරිනෙ ඉදගන්න ශීට් තියෙනවනෙ “
කියා ය… පොඩි අවුලකට තිබුනේ මට කලින් එහි වෙනත් අය ඉදගෙන සිටීම හේතුවෙන් මා හට හිටගෙන යන්න වීම පිලිබදව ය. අච්චර සෙනග අස්සෙන් වතුර ලීටර දෙකක් එක හුස්මට බී සිටිනා දියවැඩියා කාරයෙකු ටොයිලට් එකට දුවනවා මෙන් කොන්ද අයියා හිටගෙන සිටි සියල්ලන්ගේම කකුල් පාගමින් මා ගාවට ආවේ කිසිම ගානක් නැතුව බව ඔහුගේ මුහුණෙන් මට පෙනී ගියද හිටගෙන හිටි එවුන්ගේ කටින්
” මුගෙ අම්මට “
කියා දහම් කරුණු පිට වන බව කරත්තයට අහු උන කජු ලෙලි මෙන් ඇති මූණු දැක්ක ගමන් මා හට කිව හැක්කේ වරු තුනෙන් හැරගිය පෙම්වතා දෙපා මුලට ගෙනත් දෙනවා කියා හැරෙන හැරෙන අතට පච කෙලින දෙවියන් මෙන්ම යක්කුන්ද විකුණන් කන සාස්තර මෑණියක් ලෙසටය.
මා අසලට ටිකට් කඩන්න පැමිණි කොන්ද අයියා ටිකට් පොත අතට ගනිමින් මගෙන් ඇසුවේ
මල්ලි කොහෙන්ද බහින්නෙ
කියා ය. එවිට ඇඹිලිපිටියට ටිකට් ගත්ත මා ඔහුගෙන් ඇසුවේ අයියෙ ඉදගන්න ශීට් එකක් හොයල දෙන්නකො කියා රා කල සොලොසක් බී පැමිණි නාලාගිරි දමනය උනා මෙන් ඉතා අහිංසක ලෙසට ය.
ආ… අර පිටිපස්සෙ ශීට් එකේ එක්කෙනා බහිනව රත්නපුරෙන්
කොන්ද අයියා ෆුඩ්බෝඩ් එකට පැන්නේ කලු බල්ලෙක් පාරෙ යන බයික් එකක් දැක්කාම ඒකට පනිනවා මෙන් ඉතා වේගෙන් විය.
ඔන්න දැන් එක පාරටම බස් එක බ්රේක් කලේ බඩ දරු අම්මා කෙනෙකුන් බසයට නග්ගවා ගැනීමටය.
” මේ අම්මට ශීට් එකක් දෙන්න “
කියනවා ඇසීමත් සමග බස් එකේ හිදගෙන සිටි උන්ට නින්ද ගියේ බඩදරු අම්ම යනු නිදි පෙත්තක් සේ දැකීමෙන් කියා මා හට තේරුනේ මේ සියල්ල බසයේ හිටගෙන සිටි මා හට පෙනුන නිසාවෙනි.අවසානයේ ඇයට පිහිට වූයේ වයසක ආතා කෙනෙකු ශීට් එක දීමෙනි. ඔන්න එවිට අර නිදාගෙන සිටි උන් බොරුවට නැගිට ඇයට කතා කලේ උන්ගේ ශීට් එකෙන් ඇවිත් ඉදගන්න ලෙසටය…
ශීට් එකක ඉදගැනීමේ චේතනාවෙන් මා බසයේ අවසාන ශීට් එක හෙවත් පෙම් මුල්ල අසල නැවතී සිටියේ ඉතා දුක් බරවය .බසයේ සිටියේ දැඩි ලෙස රෝගාතුර වූ රෝගියෙකි. බස් එකේ දකුණු කෙලවරේ පිටිපස්සෙම ශීට් එකේ අහිංසක කොල්ලෙක් ලග හිටපු කෙල්ලට කෘතිම ස්වසනය ලබා දුන්නේ ඔහුගේද ජීවිතය ගැන නොසලකමින් උවද ලග හිටිය නැන්දා නම් එයට වැඩි කැමැත්තක් නොදැක්කුවේ ඇයගේ දරුවාද අනෙක් පැත්තෙන් වාඩි කරගෙනය.
කවුරු මොනව කිව්වත් තරුණ කොල්ලො ජීවිතයේ වටිනා කම දන්නා නිසා කෘතිම ස්වසනය දෙන ගමන් පපුව අත ගෑමටද අමතක නොකලේ එම ගැහැණු ලමයාට දැඩි ස්වසනාභාදයක් නිසා බව මට හිතුනේ කුරුවිටත්(නගරයක්) පසුකර යන අතරතුරය.
මේ කිසිවක් නොදන්න අර කිරිසප්පයා තම මවගෙන් ඇසුවේ
” … ඇයි අම්මෙ මේ මාමා ඩ්රැකියුලද ? අර නැන්දගෙ කට කන්නෙ .…”
කියා ය… එය ඇසුන ඒ රෝගී නංගියා ඇදුම හදා ගත්තේ මුකුත් නොදන්නා ගානට උවද බස් එකේ හුගක් දෙනෙක් ඇයට සිහිය එනකම් ඒ කොල්ලා කෘතිම ස්වසනය දෙන දිහා බලන් හිටියේ ඉතා උනන්දුවෙන් වීම අමුතුවෙන් කිව යුතු නැත..
කෙසේ කෝ රත්නපුරය පහු කර යන විට මා හට ශීට් එකක් ලැබුනද මා හට දැකිය හැකි වූයේ ගරාජයක වැඩ කර පැමිණි මැදිවියේ සිටිනා අයෙකුගේ වීර ක්රියාවකි.
” අම්මටසිරි අන්න හිටගෙන රෝදෙ ගලවන්න ජැක් එක ගහල “
කියමින් මා මගෙ හිතටම කියා ගත්තේ අච්චර සෙනග අඩු වෙලාවෙත් මැදිවියේ අසහණ තරුණයා ජැක් එක ක්රියාත්මක කල නිසාවෙනි.
මොනා උනත් සතුරු කරදර දැක ක්ෂණිකව ක්රියාත්මක වූ ප්රහාරක ජෙට් යානයක් මෙන් එම කාන්තාවගේ කුඩ පහර හමුවේ අසහන තරුණයා ජැක් එකද රැගෙන යන බසයෙන්ම පැන්නේ කන්ථක අශ්වයා නේරන්ජනාවෙන් පැන්නා වගේ කියා කිව්වේ ඉදගෙන හිටපු වයසක ආච්චි කෙනෙක් ය.
මා දැන් මාගේ ගමනේ අවසානයට ලගා වන්නට වූ අතර සංඛපාල හරියෙන් බසයට ගැට කපන්නෙක් නැග ඇති බව මා දන්නේ ඇඹිලිපිටියට ඔන්න මෙන්න තිබියදීය…
දැන් සියල්ලන්ටම ඇත්තේ ඔහු කපපු ගැටය ගැනය. එහෙත් බස් එකේ කිසි කෙනෙක්ගේ එවැන්නක් සිදු වී නොමැති අතර මාගේ පසුම්බිය පමණක් අස්තාන ගත වී ඇත. අනුගේ රෙද්දවල් සොයන්න ගොස් මාගේ පසුම්බියට කෙලවාගෙන මා ඇඹිලිපිටියෙන් බැස්සේ කලිසම් සාක්කුවේ ඇති රුපියල් පන්සීයෙන් ගෙදර යා ගත හැකි බව සිතේ තබාගෙනය….
මෙවැනි කාරනා බස් වල ඕනෑ තරම් සිදු වන අතර එමගින් අපහසුතා විදි අයද ඕනෑ තරම් ඇත.එම නිසා එවැනී දේ මගහරවා ගැනීම අප විසින්ම සිදු කර ගත යුතුවම ඇත. බුදුසරණයි.


උපුටා ගැනීම: Achintha Giwantha