(සත්ය කතා පාදක කොට ලියූ ප්රබන්දයකි.ඉලක්කය වල්වල වැටිය හැකි පැටවුන් වැලැක්වීමයි.)
කලුයි,මහතයි,කොටයි,නම ගුනදාස,අන්වර්ත නාමය ගුන්ඩා.ඕ ලෙවෙල්,ඒ ලෙවෙල් දෙවරිගයෙදිම ගුන්ඩා 1,,,2,,,,3 ස්තාන වලින් එකක් තමන් සතු කරගන්නවා
ඌ බ්රයිටා. ඒත් වැඩි සද්දයක් නෑ. මගෙ ගමෙන් මයි ගුනදාසයත්, මාදම්පෙ සෙන්ට්රල් ආවෙ.අපි දෙන්න අතරෙ කිට්ටු යාලුකමක් තිබුනා .
දැලි පුහියෙන් කිරි කනව වගේ වැඩක් ඌව ආස්රය කිරීම. පස්සෙ තේරෙයි
ශොප් ලිෆ්ටින් මේනියා අහල තියෙනවද .ගුන්ඩා ඒ වැඩේට හපනා.මටත් නිපෙනි වැඩේ දෙනවා. බෝඩිමට ඇවිත් සක්කු අදිනකොටයි වැඩ පේන්නෙ මැජික් කාරයො උරෙන් එක එක දේ අදින වගේ මූත් ඇදල ගන්නවා.
අපි බලා ඉන්නෙ වීරයෙක් දිහා බලනව වගේ .අවිවාදයෙන් ඌ නම් වීරයෙක් අපිට කරන්න බැරි දේවල් කිසි ගානක් නැතුව කරනව නෙ.
පයලට් පෑන තමයි ලමයෙක් ලඟ තියෙන වටිනම භාන්ඩය . පංතියෙ පෑන් එක දෙක නැති වුනා.වෙච්ච දෙයක් කාටවත් තේරුනෙ නැති උනාට මට සැක තිබුනා.
ඔය පිස්සුව ට අමතරව මූට තිබුනා පික්චර් පිස්සුව.ඒකට නම් මමත් හවුල්.රැ කෑමට පස්සෙ හොස්ටල් එකෙන් පනිනවා 9..30 ශෝ එක බලන්න
මාද්ම්පා තියෙටර්,ස්වර්නමාලි මහවැව,රාජ් මීගමුව යන හෝල් අපිට හොඳට පුරුදුයි.පාන්දර දෙක තුනට ඇවිත් රින්ගල නිදියනවා.
අපි දෙන්නා වගේ පිස්සො තව නොහිටි නිසා අපි දෙන්නව කවදාවත් අහුවුනෙ නැහැ.ඒ කාලෙ දැන් වගේ නෙවෙයී රෑට ,පාන්දරට යන්න බස් තිබුනා.ගැලරි තමා යන්නෙ.උඩ බල ඉඳල පහුවදාට බෙල්ල රිදෙනවා.
ගැලරි ටිකට් සත 55 යි.ස්කෝලෙ පත්තරයි තව පත්තර කොලයි එකතු කරල ගුන්ඩා 55 හොයා ගන්නවා.මට පොකට් මනි චුට්ටක් තිබුනා.
* * *
මේකා බස් එජේ යන්නෙම සල්ලි නොදී.කවදාවත් අහුවුනෙ නැහැ.එක දවසක් ටික්කො පැන්නා.මම හිතුවා යාලුවා ඉවරයි කියලා. ඒත් මිනිහා කාටත් හොරෙන් ලිස්සල ගොහින්.
එක දවසක් සල්ලි නොදී යන්න් මාවත් කැමති කොරන් ඔන්න අපි මාදම්පෙන් නැග්ගා හලාවත යන්න.යද්දි යද්දි මාව වෙව්ලන්නගත්තා බයේ.මම නිතර වටපිට බැලුවා බයට. යාලුවා මාව කෙනිත්තුවා.එක පාරට මම බැල් එක ගහලා බැස්සා.කාක්කා පල්ලියෙදි.අරූ දිගටම ගියා.
ගුන්ඩාට ලව් මාතෘකා මොකුත් නෑ.හරිනෙ,උගෙ ඔලුවෙ ඇතුලෙ කොයිවෙලෙත් වැඩ කරන්නෙ එක එක ප්ලෑන්.ඉතින් “කදලික්ක නේරම් ඉල්ලෙයි”අපිටනම් “කාදලික්ක”ටික ටික තිබුනා.
එයා ලඟ ඩීමන් ආනන්ද පොත් තිබුනා.උස්සපුවා තමා ඉතින්.මාරක කතා පොත්.ඒකාලෙ කොල්ලො හංගගෙන කියවන
පොත් ජාතිත් තිබුනා.
වල් කතා)

හොරකමකට සැක කරලා මෙයාව ප්රින්සිපල් ලගට දවසක් ගෙනිච්චා.මූ ගල් ආඳ වගෙ ලෙස්සල බේරුනා.නීති තර්ක දාල බේරෙනවා.
පස්සෙ පස්සෙ මම යාලුවාව මග ඇරියා.හැමදාම ලේ පුච්ච ගන්න පුලුවනිද.පසැල් වකවානුවෙන් පසු දෙන්නා ඈත්වුනා.ඌ හොඳට ඒ ලෙවෙල් ගොඩ ගියා.අපි රැකියා වලට ගියා.
පසු කලක මට ආරංචි වුනා පොඩි කාලෙ කරපුව කරන්න ගිහින් ජොබ් එක නැතිකර ගත්තු බව.
උපුටා ගැනීම: ඈන්ටනි පෙරෙරා