මේ කතාව පටන් ගන්නෙ දශක තුනකට ඉස්සර හද්ද පිටිසර ගමේ ඉස්කෝලෙන් සිස්සත්ත්වේ කියන අහම්බෙන් ලියපු විභාගයක් පාස් වෙලා ගෙදරින් හැතැම්ම පනහක් ඈතින් තිබුනු බන්ඩාරවෙල මගේ දෙවෙනි මව වෙච්ච පින් බිමට එනවත් එක්ක. ඉතින් අලුත් ඉස්කෝලෙට ආවම මාව හොද විනයක් ඇතුව හදන්න ඕන කියන ප්රාර්තනාව එක්ක අප්පච්චි මාව හොස්ටල් එකේ නවත්තනව. ( කොච්චර විනයගරුක උනාද කියන එක නම් ඉස්සරහට බලා ගන්න පුලුවන්) ඉතින් ඇටගැහිච්ච හොටු කොල්ලෙක් විදිහට හොස්ටල් එකට ආවම මට හම්බ වෙච්ච තැන තමය් මේ පහේ කාමරේ. මගේ ජීවිතේ සොදුරුම මිනිසුන් හමුවූ ජීවිතේ සුන්දරම කාලය ගෙවපු අදටත් මතක් කරලා රස විදින්න පුලුවන් විනෝද සාගරයක් වෙච්ච තැන.
ඉතින් බොහොම බයෙන් දියෙන් ගොඩ දාපු මාලුවෙක් වගෙ ගැහි ගැහී මෙතනට ආවම අහම්බෙන් අප්පච්චිගෙ යාලුවෙක්ගෙ පුතෙක් හම්බ වුනාම( ඌ මම තරම් බය වෙලා හිට්යෙ නෑ) තමය් සැනසිල්ලෙ හුස්ම ගන්න පුලුවන් වනේ. ඌ තමය් පිනා. දැන් නියෝජ්ය ආදායම් කොමසාරිස් කෙනෙක්.
ඊට පස්සෙ රාජ පඩියා, තඩියා, මාටියා, මුට්ටි රෙපා (අද දොස්තරලා) පොඩි මීයා, බටු ගුනේ, කිබුලා (අද ගුරු භවතුන්) මයිනා (නියෝජ්ය ආදායම් කොමසරිස්) කොටා (ලෝයර්) ටාසන් (පොලිසියේ අය් පී වෙලා ඉද්දි අපිව දාල ගිය ආදරනීය සගයා) පැනියා(තේ වතු කාරයෙක්) සුමින්දයා( නේවි ඔපිසර් කෙනෙක් උගෙ නම ටිකක් අසභ්ය නිසා නොකිය ඉන්නම්) කියන මගේ සගයෝ ටික මට හම්බ වෙනවා.
කවදාකකවත් නොදැක්ක සෙනගක් මැද්දේ කරකෝල අතෑරපු විලාසෙං හොල්මං වෙලා හිටිය අසරනයව එතන දාල අප්පච්චි ආපහු යනවා. මම අලුතින් හම්බ වෙච්ච පාප මිත්තරයෝ ටිකත් එක්ක තඩි සූට්කේස් එකෙත් පහේ කාමරේ කොනේ ඇද උඩට වඩම්මලා හොස්ටල් අදිපතිතුමා බැහැ දකින්න යනවා නමෝ විත්තියෙන් අලුත් වාසබවනේ නීති රීති දැන ගන්න.
හප්පට සිරි දොර ඇරියේ නම් ලස්සන කෙලි පැටික්කියෝ ටිකක් පිරිවරාගත් කරුනාවන්ත පාට කාන්තාවක්. ඒක නං හිතට පොඩි කික් එකක් එන කාරනාවක්. ඒත් ඒ ලල් එකට වැඩි ආයුසක් තිබ්බෙ නෑ හිතෝතුනි.
දැකපු සොඳුරු දසුනින් හිත පිනා ගිහිං හිටපු මගේ ඇග හිරි වැටිලා දාඩිය ගලන්න ගත්තෙ ඇතුලට ගියාම මරුමුස් පාට අපේ අයිතිකාරයාව දැකලා. ඒත් එක්කම බිත්තියේ එල්ලල තිබුනු මෝල් ගහකට වඩා ඇබින්දක් විතර පොඩි වේවැල් රාජයෙක් (ලොක්කගෙ ගෙබිම නොතෙමීම නම් ආශ්චර්යක් බව කිව මනාය)
දැන් ඉතින් හොස්ටල් ජීවිතේ නීති රෙගුලාසි..
# වාරෙ මැද ගෙදර යන්න පුලුවන් එක පාරක් විතරය්…. කාල වරෙන්කෝ..
# උදේ පහට නැගිටින්න ඕන…. ඇත්තටම මූ බීලද? උදේට කොහෙද පහ කියල වෙලාවක්, ඒක තියෙන්නෙ හවසටය් මහ රෑටය් විතරනේ..
# පහය් හතලිස් පහට මූන සෝදලා ඇදුම් ඇදලා පාඩම් වැඩ පටන් ගන්න ඕන… පාඩම් වැඩ කියන්නෙ මොනවද? මොන ඉලව්වක් පාඩම් කරන්නද විභාගයක් පේන තෙක් මානෙක නැතිකොට..
# හයය් හතලිස් පහට උදේ කෑම…. අප්පා යන්තම් ඇති හොද දේවලුත් මේකගෙ කටින් පිට වෙනවනේ..
# හතට කලින් ඉස්කෝලෙට යන්න ඕන… මොන මගුලටද ඉස්කෝලෙ ඇතුලෙම ඉන්න අපි..
# ඉස්කෝලෙ ඉවර වුන ගමන් අතන මෙත ඇවිදින්නෙ නැතුව ආපහු එන්න ඕන…… ඕක ඉතින් අලුතෙන් කියන්න ඕනෙද ඔය වෙලාවට කොහොමත් යකෙක් කන්න බඩගිනි වෙලානෙ ඉන්නෙ..
# දෙකය් කාලෙ ඉදල තුනය් කාල වෙනකම් ස්ටඩි හෝල් ඉන්න ඕන……. හෙනම ගහපන්..
# තුනය් කාලෙ ඉදලා පහය් කාල වෙනකම් සෙල්ලම් කරන වෙලාව…….වෙලාව නම් හොදටෝම මදි ඒත් ඉතින් නිකම් හිටිය මට අහල ගියත් ඇති කියනවනෙ..
# පහය් හතලිස් පහට පන්සිල් ………ආයෙ අමුතුවෙන් මොකට ගන්නවද හැමදාම පන්සිල් ආරක්ශා කරන අපි..
# හයේ ඉදලා අට වෙනකම් ආයෙත් ස්ටඩි හෝල්……මැරියන්..
# අටට කෑම…. ඇති යන්තම් කෑවා නිදා ගත්තා හුරේ..
# අට හමරේ ඉදල නවය හමාර වෙනකම් ස්ටඩි හෝල්……වෙඩි තියල මරපන් මාව නොමරා මරනවට වඩා..
# මොනම හේතුවකටවත් ඉස්කෝලෙ ගේට්ටුවෙන් එලියට යාම තහනම්……… මොන අපායකටද මාව මේ දක්කගෙන ඇවිල්ලා තියෙන්නෙ..
මේ කය් කතන්දර අහගෙන හිටිය බටු ගුනේට අපි ඔක්කොටෝම වඩා ඒ වෙලාවෙම ආපහු ගෙදර යන්න ඕන උනා. ඒත් ඉතින් උගෙ තාත්තා මූව දාල යන්න ගියා අපි ඔක්කොගෙම අම්ම තාත්තලත් එක්ක…..
අපොය් දෙය්යනේ මාව බේර ගන්ඩෝඕ..
උපුටා ගැනීම: Wasantha B Herath