ඇය මල්ලපුරම් කේරළයේ හොඳ ගණිත ගුරුවරියක් වූවාය ….. දිනක් ඇගේ සිසුවිය සිය ගණිත ගුරුවරිය දුම්රිය ස්ථානය අසල හිඟමනේ යෙදෙනු දුටුවාය …. එහෙත් නිසි ලෙස තමාගේ ගුරුතුමිය බව සිසුවියට හඳුනා ගැනීමට හැකිවූයේ නැත … නමුත් සිසුවිය එම ඉස්ථානයට ගොස් විපරම්කර බැලූවිට ඇය අන් කිසිවෙකු නොව ඇගේ කුඩා කල පාසලේ ආදරණීය පන්තිභාර ගුරුවරියම බව දැනගත්තාය. …. සිසුවිය ඇය ගැන විමසූ විට … ගුරුතුමිය පැවසුවේ ඇය විශ්රාම ගිය පසු ඇගේ දරුවන් ඇය හැර ගොස් ඇති බවත් ඔවුන් ඇගේ ජීවනෝපාය පිළිබඳ කිසිදු ආකාරයක සැලකිල්ලක් නොදක්වන බවත් ය …. එබැවින් ඇය දුම්රිය ස්ථානය ඉදිරිපිට හිඟාකෑමට පටන් ගත්බව ප්රකාශ කලාය …..එම පුවත ඇසූ පසු සිසුවිය වැළහින්නක් මෙන් වැලපුණාය.අනතුරුව සිසුවිය සිය ගුරුතුමිය ඇගේ නිවසට කැඳවාගෙන ගොස් ඇයව නහවා පිරිසිදු කොට හොඳ ඇඳුමක් අන්දවා ආහාර පාන සියල්ලම පිළියෙලකර දුන්නාය. පසුව සිසුවිය ගුරුතුමියගේ අනාගත ජීවිතය සැලසුම් කිරීම සඳහා ඇය සමඟ ඉගෙන ගත් අන් සෑම මිතුරු මිතුරියක්ම සම්බන්ධ කර ගත්තාය …. තවද ආදරණීය ගුරුතුමියට නිදහසේ ජීවත් වීමට වඩා හොඳ ස්ථානයක් සකස් කොට සිය මෑණියන් හා සමානව සලකමින් ගුරුතුමියට උපස්ථාන කලාය ….. තමන්ගේම දරුවන් ඇයව හැර ගියේය .. නමුත් ඇය ඉගැන්වූ දරුවන් ඔවුන් හැර ගියේ නැත …. එය ගුරු ශිෂ්යා පරම්රාවේ අතිවිශිෂ්ඨත්වය පිළිඹිබු වන්නකි ….
උපුටා ගැනීම: Priyantha Perara