කැප වූ ආදරය (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
ඇයගේ දෙමාපියන් තනිවම ඇයව කොළඹ නවතනු ලැනුවේ ඇයට රැකියාව ලැබුණේ කොළඹ නිසාය. ඇයගේ තනියට නමින් ‘සීතා’ නම් වුන තරමක් වයසක කාන්තාවක් හා ඇයගේ රියදුරු ලෙස නමින් ‘සරත්’ නම් වුන මැදි වයසේ පිරිමි කෙනෙකු විය. ඇය සතුව කාර් රථයක් තිබුනි.
කාලය කෙමෙන් ගත වී ගෙන යද්දී ඇය සීතාට හා සරත්ට ගොඩාක් සමීප වන්නට විය. දෙමාපියන් ඇයව බැලීමට ආවේ කලාතුරකිනි. මෙලෙස අවුරුදු තුනක් පමණ ගත විය.
“සරත් අයියා මාව කොහේ හරි රවුමක් එක්කරගෙන යනවද?”
“දැන් රෑ වෙලානේ බබා”
“ඉතින් මොකද වෙන්නේ ඔයා කාටවත් බය නෑනේ. ඒ නිසා යමු”
“හරි එහෙනන් යන්කෝ බබා”
“හොද ලමයා” කියා ඇය සරත්ව තදින් බදා ගත්තාය.
සරත් හිනා වුණා පමණි. ඔහුට දැන් එවැනි දේ පුරුදුය. ඇය තවම පොඩි බබෙකු වැනිය.
සතියකට විතර පසු ඇයට මවගෙන් දුරකතන ඇමතුමක් ලැබුනි. එයින් පසු ඇයගේ හැසීරීම අමුතු විය. එක වෙලාවකට අඩන්නේය. සිනාසෙන්නේය. තවත් විටෙක බඩු මුට්ටු පොලවේ ගසන්නේය.
“මොකද බබා” ඒ සීතාය.
“සීතා නැන්දේ, සරත් අහන්නකෝ මේක,මට කසාද බදින්නලු මනමාලයෙකුත් හොයලලු අන්න. මන් දන්නෙ නැති මිනිහෙක්ව මට නන් බෑ බදින්න”
“ඉතින් බබා දන්න කෙනෙක් බදින්නකෝ ඉවරයිනේ” ඒ සරත්ය.
“මම හොදට දන්න එකම පිරිමි කෙනයි ඉන්නෙ, ඒ ඉතින් සරත්ම තමයි.වෙන අයව මන් දන්නේ නෑ. ඔයාව තමයි බදින්න වෙන්නේ එහෙනම්”
“අනේ අනේ බබා පිස්සු හැදිගෙන එනවද?”
“ඔව්”
ඊට පසුදා ඇයට නිවාඩු දවසකි.
“සීතා නැන්දා සරත්ට පොඩ්ඩක් එන්න කියනවද?”
සරත් ඇයගෙ කාමරයට ගියේය.
“ඇයි බබා මම ආවා”
“සරත් බැදල නේද?”
“ඔව් බබා”
“සරත් මට දෙයක් කියන්න ඕන.සරත් මේකයි, මම ඔයාට කැමතියි. මට ඔයාව ඕන කියලා දැනෙනවා”
ඒ වෙලාවේ සරත්ගේ ඇග වෙව්ලන්නට ගත්තේය. මුහුණෙන් දාඩිය බේරෙන්නට විය. ඔහු ගොලු වුනේය.
ඇය සරත්ගේ අත් දෙක අල්ලා ගත්තාය.
“සරත් මොනවහරි කියන්නකෝ”
” බබා, මට විහිලුවක් නේද කරන්නෙ මේ”
“ඇත්තටම නෑ”
“මම මහා පව්කාරයෙක්, ඇයි බබා මට මෙහෙම කරනෙනේ”
“කැමති නෑ කියලා නම් කියන්න එපා සරත්”
“බබා ඇයි මෙහෙම හැසිරෙන්නේ? ඔයා හොදටම දන්නවා මම බැදලා ලමයි දෙන්නෙකුත් ඉන්නවා මට.අනික ඔයා උගත් කෙනෙක්.මොලේ තියෙනවා බබා ඔයාට”
“මන් දනනවා ඒවා මට ඒව අදාල නෑ”
“මම අස් වෙනවා බබා. මම නැති වුනාම මේවා ඔක්කොම හරි යාවී. මම පෙන්න නැති උනාම ඔවා අමතක වෙලා යාවී. නේද බබා”
“කොහේ යන්නද? මන් මොකක් හරි කරගන්න්වා එහම වුනොත් නන්”
“මම මගේ නෝනට, ලමයිට ආදරෙයි බබා”
“මටත් ආදරේ කරන්නකෝ සරත්”
“දෙයියනේ”
“සරත් දැන් යන්න. මන් ඔයාට කැමතියි.ඒක වෙනසක් වෙන්නේ නෑ. ඕන තරන් කාලය ගන්න. ඒත් මෙහෙන් යන්න බෑ. මට පෙන්න ඉන්න ඕන ඔයා. මන් නැත්තන් කොහොමද ඉන්නේ”
පහුවදා රෑද ඇය සරත්ට දුරකතන ඇමතුමක් දී කාමරයට ගෙන්වා ගත්තාය.
“සරත් පොඩි දෙයක් කරන්වද? මාරම හැඩ ඇගක් නේ ඔයාට තියෙන්නෙ, පොඩ්ඩක් කමිසය ගලවන්නකෝ”
“මට ඒක කරන්න බෑ”
“අනේ ටිකකට, ආහ් බැරිද එහෙනන්”
“බෑ බබා”
“හරි එහෙනන් මම මගේ ඇදුම් ටික ගලවනවා එහෙනන්”
“එපා එපා බබා වදින්නම් එපා.හරි මම ගලවන්නම් ඉන්න”
සරත් කමිසය ගැලවු පසු ඇය සරත්ව තදින් බදාගෙන ගොඩාක් වෙලා හිටියාය. සරත් ගල් ගැසි කරකියා ගන්නට දෙයක් නැතිව බලාගෙන සිටින අතරතුර ඇය ඔහුගේ නිරුවත් උඩු කයෙහි පහස ඇති තරන් විදගත්තාය.
ඊට පහුවදා රාත්රියේදීද ඇය සරත්ව තම කාමරයට ගෙන්වා ගත්තාය.
“සරත් මට හාද්දක් දෙනනකෝ අනේ බෑ කියන්න නම් එපා”
එකපාරට සරත් බිම ඇද වැටි දණ නමා ඇයගේ කකුල් දෙක අල්ලාගෙන ඉකි ගසමින් හඩන්නට පටන් ගත්තේය.
“එපා සරත් නැගිටින්නකෝ අනේ මොනවද මේ කරන්නෙ ?” කියමින් ඇය සරත්ව වැලැක්වූවාය.
“මම දුප්පත් තමයි බබා ඒ වගේම මම නුගත්.ඒ උනාට මගේ හිතේ ගොඩාක් හැගීම් හිරවෙලා තියෙනවා.මම කොහොමද බබා ඔයාව අල්ලන්නනේ වත් මගේ හිතේ ඔයාට තියෙන ගෞරවය වචනෙන් කියන්න මට තේරෙන්නේ නෑ බබා.මන් ඔයාව වැරදි විදියට අල්ලලා කොහොමද බබා හිතහදාගෙන ජීවත් වෙන්නේ ඊට හොදයි මම මැරෙනවා. කොහොමද මම ඔයාගේ දිහා බලන්නේ බබා ඉට පස්සේ මට බෑ මාව පිච්චෙයි බබා. ඔයා වගේ දරුවෙක් මාව බදාගෙන මම දැනටම පව් කාරයෙක් උනා. සමාවෙන්න මට”
පසුව ඇයද හඩන්නට පටන් ගත්තාය.
“සරත් යන්න මෙතනින් දැන්”
“අඩන්න එපා බබා මම හැමදාම ඔයා ලගින්ම ඉන්නම්”
“යන්න නේද කිව්වේ මම”
“හරි බබා මන් යන්නම්”
“සරත් ඉන්න”
“කියන්න බබා”
“මම හැමදාමත් ආදරෙයි ඔයාට මට ඒක නවත්තන්න බෑ එහෙනන් මම මැරෙන්න ඕන ඔයා මට ආදරේ කරන්න එපා කරන්න ඕනෙත් නෑ කවදහරි දවසක ආදරේ කරත් ඒක මට කියන්නත් එපා ඔයා ඔයාගෙ නොනට, ලමයිට ආදරේ කරන්න මම ඔයාට ආදරේ කරනවා මගේ හැගීම් වලට මැදිහත් වෙන්න ඔයාට බෑ මොකද මගේ හිත මගේ. දැන් යන්න”
මම මෙතෙක් වෙලා ගෙනහැර දැක්වූයේ සත්යා නැන්දාගේ දිනපොතේ සදහන් වී තිබුණ ඇයගේ කතාවයි. ඇය විශ්රාමික වෛද්යවරියකි.
සරත් හට පුදකර ඇයගේ ප්රේමය එය ලබා ගැනිමට සුදුසු වෙනත් අයෙකුට පුද කරා නන් ඇයගේ හා ඔහුගේ ජීවිත කෙතරම් සුන්දර වනු ඇතිද?
සරත් නැමැත්තා මීට අවුරුදු කිහිපයකට පෙර මියගිය අතර සීතා ද මිය ගොස් ය. සත්යා නැන්දාගේ දෙමාපියන්ද මිය ගොස් ය. සත්යා නැන්දා එම කොළඹ නිවසේ තවමත් ජීවත් වේ. ඇය තවමත් අවිවාහකය.ඒ තවමත් සරත්ට කැප වූ ආදරයක් බැදි සිටින බැවිනි.
මෙතෙක් ඔබට මෙම කතාව ගෙනහැර දැක්වූ මම සරත් නම් රියදුරු මහාතාගේ වැඩිමල් දියණිය වෙමි.
මගේ පියා ගැන මට ඇත්තේ උතුරායන ගෞරවයක් හා ආදරයකි. මම අදටත් ඔහුව සිහිපත් කරන්නේ හද පිරි නිහතමානී ආඩම්බරයකිනි.
නිමි
උපුටා ගැනීම:   -රුවින්දි ලෝචනා-

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!