මගේ බෑග් එක (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
අද මගේ කතාව බෑග් එක එහෙමත් නැත්නම් අත් බෑගය ගැන. වැරදි ඇතොත් සමාවෙන්න. මේකත් මහ ලොකු කතාවක් නෙවෙයි නිසා ඩේටා කපාගන්න ආස නැත්තම් බලන්න එපා.
මම සාමාන්යයෙන් තරුණ වයසට ආව කාලේ ඉදලම කොහේ ගියත්, අරන් යන්න කිසිම දෙයක් නැතත්, බෑග් එකක් කරේ දාගෙන යන්න පුරුදු වෙලා තිබුනා. කොටින්ම, මට බෑග් එකක් නැතුව ගමනක් යන්නම බෑ. මේක මේ මට විතරක් තියෙන ලෙඩක් නෙවෙයි මම හිතන්නේ කාන්තා පාර්ශවය නියෝජනය කරන බහුතරයක් අයගේ පුරුද්දක් මම දන්න විදියට.
“මේ බෑග් එක මගේ බෝයි ෆ්රෙන්ඩ් මට ෆ්රාන්ස් වලින් ගෙනාවෙ, මේකෙ මම ඔක්කෝම බ්රෑන්ඩඩ් දේවල් තමයි දාගෙන යන්නේ” කියල යූටියුබ් එකේ වැඩසටහන් වල නිලියෝ කිව්වාට මට නම් එක්කෝ අපේ මව්තුමී අරන් දුන්න, නැත්තම් මම අරගත්ත බෑග් තමයි මට තිබුනේ. ඒවයේත් කියන්න තරම් මහ ලොකු දේවල් දාගෙන ගියේ නෑ. බ්රෑන්ඩඩ් නම් ඇත්තෙම නෑ.
ඒනිසා වැඩසටහන් වල වගේ මගේ බෑග් එකේ තියෙන දේවල් එහෙම එලියට ඇදලා පෙන්වන්න ගියොත් ඒක බලන මනුස්සයාට ම එපා වෙලා කියයි එයා විරාමයකට යනවා කියලා, යන්නම යයි.
හැබැයි මේ බෑග් එකේ වැඩියෙ මුකුත් නෑ හොදේ. අලි, තල්මසුන්, බැකෝ යන්ත්ර වගේ දේවල් දාගෙන ගියොත් නේ වැඩියේ දේවල් දැම්මා වෙන්නේ නේද? හැබැයි එහෙම දේවල් මම වාසනාවට දාගෙන ගියේ නෑ. සාමාන්යයෙන් දවස් 2ක් විතර ශේප් එකේ ගෙවා ගන්න පුලුවන් තරම් දේවල් තමයි මම විශේෂ හේතුවක් නැතුව බෑග් එකක් ගෙනියන වෙලේට ගෙනියන්නේ. එහෙම නැතුව බැහැනේ. හදිසියේ ටවුන් එකේදී අපි ගෙදර එන්නේ නැතුව ටවුන් එකේ නතර වෙන්න හිතුවොත් එහෙම, සූදානම් සරීරේ කියලා යන්න එපැයි.
ඔන්න ඕකයි.මගේ බෑග් එක ඇතුලේ තියෙන දේවල් ගැන මට කියන්න තියෙන්නේ. හැබැයි මොනවා තිබුනත් මගේ තියෙන කලබලෙත් එක්ක මට හදිසියේ මොකවත් අවශ්ය දෙයක් හොයා ගන්න බැරි තත්වයක් ඇති වුනේ නෑ කියන්න බෑ. ඒ වගේම අවශ්ය දේවල් හොයාගන්න හරි අවශ්ය දේවල් අරන් යන්න එපැයි. මම එහෙම අරන් ගියේ නැති අවස්තාත් ඕන තරම් තිබුනා.
අනේ කියන්නේ මගේ තාත්තාට නම් මගේ බෑග් එකේ මොනවත් හොයා ගන්න බෑ. හදිසියේ මගේ හරි අම්මාගේ හරි බෑග් එකෙන් මොනා හරි ගේන්න කිව්වොත් තාත්තා මුලු බෑග් එකම උස්සගෙන එනවා. ඒක මම හිතන්නේ බොහොමයක් පිරිමි පාර්ශවයේ අය කරන දෙයක්. එක අතකින් අපි දාපු විකාර අපිම හොයා ගන්නවා ඇරෙන්න එයාලාට හොයන්න කියලා හරියනවයෑ. ඕක සමහර වෙලාවට රහස් පොලිසියට දෙන්න වෙනවා ඒකේ තියෙන ඒවා හොයා ගන්න. හැබැයි රහස් පොලිසියෙත් පිරිමි හිටියොත් නම් ටිකක් අමාරු වෙයි.
එක දවසක් මගේ යාලුවෙක් මගෙන් ඇහුවා “දැන් ඔයා මොකටද ඔච්චර ලොකු බෑග් එකක් ගෙනියන්නේ? ඕකේ වැඩකට ඇති දෙයක් තියෙන්නේ ෆෝන් එක විතරනේ” කියලා. අනේ පිස්සු එයාට. මමනේ දන්නේ හදිසියකට කතුරක්, මිටියක් (බොරු ඈ. මිටියක් ගෙනියන්නේ නෑ) වගේ මොනවා හරි දෙයක් කොයි වෙලේ ඕන වෙයිද කියලා.
ඉතින් එක දවසක් මගේ බෑග් එකට හොරෙන් අත දාපු කෙනෙකුගේ අතේ ඉදිකට්ට ඇනිලා තිබුනා. එහෙම බැලුවම ඒකෙත් වාසියක් නැත්තේ නෑ. මම දන්නවානේ ඉදිකට්ට තියෙන්නේ කොහෙද කියලා. ඒ හින්දා මට ප්රශ්නයක් නෑ.
හැබැයි හොදම වැඩේ කියන්නේ මම එතෙර එද්දී මගේ කරේ එල්ලන් ආපු බෑග් එක මම ගුවන් තොටුපලේ ඉදලා වාසස්ථානයට ආව ගමන් කඩාගෙන වැටුනා. ඒකට එපා වෙලා ඉන්න ඇත්තේ මොනවා වුනත් කියලා මට හිතුනා.
ඔයාලත් මම වගේද දන්නේ නෑ. හැබැයි ඔයාලා හරි විදියට බෑග් එකක් තියා ගන්නවානම් හොරෙක් ගත්තොත් ඉබේ ඇක්ටිව් වෙන ආයුදයක් එහෙම දාගෙන යන්න.
 උපුටා ගැනීම:  ෂෙහානි කරුණානායක

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!