මිටින් මුදා හැර බැලුවෙමි.. (පෙම් කතා)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
පොතක් පතක් කියවලා තේරුම් ගන්නවා තරම් ලේසි නෑනේ මේ මිනිස්සුන්ව කියවලා තේරුම් ගන්න එක.හොඳම පොතක් තෝර ගන්න නම් පොත් කිහිපයක්ම කියවන්නත් වෙනවනේ.ඒ උනාට ඉතිං මිනිස්සු කියවලා බලන්න කියලා ආශ්රය කරලා අතහරින එක අපේ සංස්කෘතියට පටහැනියිනේ.ඉතිං ඒ නිසා අපිට තියෙන්න ඕන එක පාරම හොඳ කව්ද නරක කව්ද කියන එක තෝරා බේරා ගන්න සුපිරි ඥානයක්.විශේෂයෙන්ම අපේ ජීවිත සහකරු තෝරගනිද්දී…
දැන් ඉතිං ඔය කියන ඥානය මට නම් තිබුනෙම නෑ.එ්ක නිසා එකපාරින්ම ජීවිත සහකරු තෝර ගන්න හැකියාවක් ලැබුණේම නෑ. ඒක හින්දම අර “පළවෙනි ආදරේම අයිති කරගන්නත් පින තියෙන්න ඕනේ..” වගේ තේමා පාඨ මගේ ජීවිතේ නෑ.
කොහොම හරි මගේ පළවෙනි ආදරේ මට තදින් අල්ලාගෙන ඉන්න බැරි උනා.එයාට ඕන දේ එයා කලා. මට ඕන දේ මම කලා.අවසානේ දි එයා ගියා මම බලා වැළපුනා..ඉතිං පළවෙනි පාරම ෆේල්. එහෙමයි කියලා අතහරින්නත් බෑ.මොකද අැත්තටම මේක මේ තනියම යන්න පුලුවන් ගමනක් නෙමෙයිනෙ.ඔය කොච්චර කයිවාරු ගැහුවත් අපිට බෑ තනියම ඉන්න. අඩුම තරමේ මතක් කර කර හිත රිද්දගන්න හරි එකෙක් අපිට ඉන්න ඕන.
කොහොම හරි දෙවන වතාවටත් ආදරයකට ඇතුළත් උනා බොහෝ කාලයකට පස්සෙ.අර කතාවක් තියෙනවනෙ ප්රථම ප්රේමය අමතක කරන්න ටිකක් අමාරුයි කියලා.ඉතිං ඒක නිසාම හිත හදාගන්නත් ටික කාලයක් ගියා.
දෙවනි පාර මුලින්ම කළේ එයාව සම්පූර්ණයෙන්ම කියවපු එක.කියවලා ඉවර වෙන්න ඉවර වෙන්න තව තව පරිච්ඡේද.⁣මේ කියවීම ඉවරයක් වෙන්නෙ නෑ.ඇත්ත පොතක් කියවන තරම් ලේසි නෑ මනුස්සයෙක්ව කියවන එක.තේරුම් ගත නොහැකි තැන් බොහොමයි.කොහොමින් කොහොම හරි මේ ආදරේ තදින්ම අල්ලා ගත්තා.මොකද අර පළවෙනි වතාවේ ඉගෙන ගත්ත පාඩම නිසා.
වැඩේ ලේසි නැ. බැදීම් තද කරලා අල්ලා ගත්තාම තුවාල වෙන්නෙ හිත.ඒ තුවාල රිදෙනවා.වේලෙන්න දෙන්නෙම නෑ.පෑරෙනවා.පෑරි පෑරි රිදෙනවා.මොන විකාරයක්ද.. බැදීම් වේදනාවක්..ඔව් හිත ඒක දන්නවා.ඒත් අල්ලාගෙන ඉවරයි.අතහරින එක ලේසි නැහැ. ඒත් කරන්න බෑ. මේ අල්ලා ගැනීම හදවත් දෙකටම හිරිහැරයක්.වෙන කරන්න දෙයක් නෑ.ටික ටික අතහැරියා.ඉගිලෙන්නම ඉඩ දුන්නා.තුවාලත් සනීපයි. වේදනාවකුත් නෑ. අන්න එහෙමයි දෙවෙනි පාඩම ⁣ඉගෙන ගත්තෙ.අල්ලාගෙනත් බැ. අතහැරලත් බැ.
මේ අවසානය නෙමෙයි. කාටද පුලුවන් ජීවිතේ ගැන අනාවැකි කියන්න.කවුරු කවුරුත් මෙහෙම තමයි කරනවා ඇත්තේ.ආදරේ රැකගන්න කියලා තදින් අල්ලාගෙන ඉදලා දරාගන්න බැරි උන තැනදි අත හැරලා නිදහස දෙනවා ඇති.දැන් ඉතිං ඉගිල්ලියං කියලා.හැබැයි ඔය ඉගිල්ලෙන හැමෝම මතක තියාගන්න ඕන පොඩි දෙයක් තියෙනවා..
” ඉගිල්ලෙන්න ඉඩ තියෙනවා අහසෙ ඕනෑ තැනක…
පරිස්සමින් ඉගිල්ලෙන්න පොඩි නෑනේ අහස…..”
මෙහෙම කිව්වට ඉගිල්ලෙන්න ඉඩ දීලා බලාන ඉන්න අය අවසානෙට තව කතාවක් කියනවා,
“මොනවා උනත් මම ඉන්නවා ………………….. නුඹට”
මොනවා කරන්නද ඉතිං.ඔහොම තමා ආදරණීය හිතක් ලැබුණාම❤️
-සමාප්තයි-
උපුටා ගැනීම:  Sudarshani Achala Jayaweera

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!