ඔන්න එකෝමත් එක කාලෙක මට ඒ දවස් වල මම අධ්‍යාපනය ලබපු රටේ ඉදල සින්ගපුරුවට යන්න උනා. වැඩේ උනේ මෙහෙම. මම විශ්ව විද්යාලෙම එක මහාචාර්යවරයෙක් යටතේ පරීක්ෂණ වගේකට උදව් කර කර හිටිය පාර්ට් ටයිම්. ඒ මහාචාර්යවරයට ආව ආරාධනයක් එක්තරා සමුළුවකට සහභාගී වෙන්න කියල. ඉතින් එයයි එයාගේ දෙවනියා (එයත් මහාචාර්ය කෙනෙක්) යන්න හිටියේ. හදිස්සියෙම් දෙවනියට යන්න බැරි වෙන මොකක් හරි හේතුවක් ආව. මට ඉතින් යන්න දවස් දෙකකට කලින් ඇහුව එන්න පුලුවන්ද කියල. මමත් ඉතින් ඔය වගේ චාන්ස් එකක් මිස් කරන්න තරම් හාවෙක් නෙවෙයිනේ. ඉතින් මමත් හා කිව්වා.
ඒ වැඩමුළුව පවත්වන්නේ ප්‍රසිද්ද සමාගමක සහ විශ්ව විද්‍යාල තුනක එකතුවෙන්. අපේ බොස්ට (මහාචාර්යවරයාට) ඒකෙ දේශන වගයක් එහෙම කරන්න තිබ්බ. මට තිබ්බේ එයාට සහයෝගය දෙන්න සහ අපේ පරීක්ෂණ ගැන ඒ අවශ්‍ය අයත් එක්ක තොරතුරු බෙදාගන්න එක. අර එන්න බැරි උන එක්කෙනාගේ දේශන දෙකකුත් මගේ බොස් ම කරන්න බාරගත්ත. (මට ඔව්ව කරන්න පුලුවනැ ඉතින්). මුළු ගමනේම යන එන, කන බොන, ඉන්න තැන ඔක්කොම වියදම් එයාලා දරනවා (මටත් මාර චාන්ස් එක). අනික සින්ගපුරුවේ යන්න ලංකාවේ අපිට අමුතුවෙන් විසා ඕනේ නෑනේ.
කොහොම හරි ඔන්න මම හා කීවට පස්සේ මට ආව යන ලියකියවිල ටික. මම යන්න තිබ්බේ මගේ බොස් එක්කමයි. මෙන්න මම ටිකට් එක බලද්දී දාල තියනවා ව්‍යාපාරික පන්තිය කියල.
“අඩේ…” කවද කාපු ටකරන්ද කියල මම උඩ බිම බැලුව. ඒ වෙද්දී සාමාන්‍ය පන්තියේ ඇරෙන්න වෙන කිසිම එකක මම ගිහිල්ල තිබ්බේ නැහැ. මම ඉතින් දැකල තියනවා කට්ටිය ඕවගේ යනවා, එත් ඉතින් පලවෙනි වතාවට යන්න උනාම නිකන් මොකද්ද මොකද්ද වගේ හිතුන. මගේ ඇදුම් එහෙමත් ඉතින් සාමාන්යෙන් අදින ඒවානේ. තියන අලුත්ම කමිසෙකුයි, ජැකට් එකකුයි අදින්න හිතාගත්ත. නැත්නම් ඉතින් ඔය “ව්‍යාපාරිකයෝ” එක්ක “ගමය කොළඹ ගියා වගේ” යන්න බෑනේ. හොද වෙලාවට මගේ අතේ ගෙනියන බැග් එක අලුත් එකක්. ඉරිලා එහෙම නැහැ. අපේ බොස් හරි හොද මිනිහ. ඉතින් මම හිතාගත්ත එයාට කියල යනකොට යන විදිය අනම් මනම් අහගන්නම් කියල. මම පොඩ්ඩක් හොයල බැලුව ටිකට් ඒකෙ ගාන කොහොමද කියල (ගෙවන්නේ නැති උනාට දැනගන්න එපාය). ගණන සාමාන්‍ය ටිකක් එක වගේ තුන් ගුණයක්.
“අප්පේ පිනා චාන්ස් එක මරුනේ.”
ඔන්න පැයකට වගේ පස්සේ කෝල් එකක් එනවා, බොස් ගෙන්. “මට පොඩි වැඩ වගයක් තියනවා, මට එන්න වෙන්නේ ඔයා ගියාට පස්සේ දවසේ. ඔයා යන්න, ඔයා සින්ගපුර්වේ කලින් ගිහිල්ල තියනවා නේද? ඔයාව එක්ක යන්න එයාල මොනවා හරි ලෑස්ති කරලා ඇති, සමහර විට එයා ලයින් එකෙන්ම තියන චොෆෙර් (chauffeur) ඒකෙ යන්න පුළුවන් වෙයි (”මොකක් කිව්වා, ප්ලේන් එකෙන් හෝටලේට බස්ස්නවද?” කියල තමයි හිතුනේ), පොඩ්ඩක් කතා කරලා බලන්න අර එයාල එවල කන්ටක්ට් එකට.”
මමත් ඉතින් ඉන්ටර්නෙට් දෙය්යෝ බලල ඉගන ගත්ත යන විදිය (වෙන කරන්න දෙයක් නැහනෙ). එයා ලයින් ඒකෙ චෝෆෙර් කියන්නේ මොකද්ද කියලත් දැනගත්ත. එකෙන් වෙන්නේ ප්ලේන් එකෙන් බැස්සම එයා ලයින් එකෙන්ම රියදුරෙක් එක්ක වහනයක් තියනවා හෝටලේට යන්න. දැන් නම් ගොඩක් එයා ලයින් වල එහෙම පහසුකම් දෙන්නේ පළමු පන්තිය හරි ඊට වඩා ලොකු සුට් වගේ පන්ති වලට. මම පළවෙනියට යද්දී ව්‍යාපාරික පන්තියටත් දුන්න සමහර ඒවගේ, සමහර රටවල. මම කතා කරලා ඇහුවම කිවා ඒ කාර් එකෙන්ම දීල තියන හෝටලේට ඇවිල්ල චෙක් ඉන් වෙන්න කියල.
ආසාවෙන් හිටිය ඉතින් ඔකේ යන්න. ඉවසිල්ලක් නැතුව දවස් දෙක හිටිය. ඔන්න මම යන දවසේ ඉතින් වෙනදාටත් කලින්ම එයා පොර්ට් එකට ගියා. ගිහිල්ල ඔන්න බලදී චෙච්ක් ඉන් කෞන්ටර් ඇරලා නැහැ. ඔන්න මම පැත්තකින් මිනිස්සු හිටිය පෝලිමක හිටගන්න යද්දීම දැක්ක ව්‍යාපාරික පන්තියේ කෞන්ටෙර් එක ගාව ගැහැණු ළමයෙක් ඉන්නවා. මම ගියා එතෙන්ට. ඔන්න ඉතින් මට තේරෙනවා පෝලිමේ ඉන්න අය මගේ දිහා බලගන ඉන්නවා. ඔන්න ඉතින් මට ඉහෙන් කනෙන් දාඩිය දාන්න ගත්ත මෙතෙන්ට ගිහිල්ල නොන්ඩි වෙලා හැරිලා එන්න වෙයිද කියල.
මමත් ඉතින් හායි පාරක් දාල ඇහුව කෞන්ටෙර් එක ඇරලද කියල. දෙය්යෝ බැලුව වගේ කිව “ඔව් සර්, ප්‍රිමියම් මගීන්ට ඇරලා” කියල. මම ඉතින් ඔන්න දුන්න මගේ පාස්පෝර්ට් එකයි ටිකට් එකයි. ඔන්න ලග හිටිය කෙනෙක් මගේ භාණ්ඩ මලු ටික බර කිරණ එක උඩින් උස්සල තියලා මට උදව් කරා. ඔන්න කිව්වා “සර් තව බෝඩින් පටන් ගන්න වෙලා තියනවා, එතකන් බොර්ඩර් කොන්ට්‍රෝල් ඒකෙ ෆොර්මලිටි ඉවර කරලා ලවුන්ජ් එකට ගිහිල්ල රෙස්ට් කරන්න” කියල බෝඩින් පාස් එක දුන්න. බෝඩින් පාස් ඒකෙ ගහල තියනවා ලවුන්ජ් එකට යන්න පුළුවන් කියල.
ඔන්න මම ඉතින් කලින් ඕව ගැන ඉන්ටර්නෙට් දෙය්යන්ගෙන් අහල තිබ්බ හන්ද පුරුදු කාරය වගේ “තැනක් යු” කියල විගමන එකෙන් එලියට ඇවිල්ල ලෞන්ජ් එක හොයාගන යනවා. ඔන්න බෝර්ඩ් එකක් තිබ්බ, ඒක දැකල ඇතුලට ගියා. ඒක මෙහෙමයි, ඉදගන්න පුටු තියනවා, සමහර ඒවා කෞච් වගේ, සමහර ඒවා අපනෂලාවක වගේ. කෑම එහෙමත් තිබ්බ. “හොට් දිශේස්” ඒ කියාන්නේ රස්නේ කෑම එහෙමත් වර්ග කීපයක් තිබ්බ. තව සැලඩ්, පලතුරු, බීම (ඔව් ඔව් සැර බීම එහෙමත් තිබ්බ), වගේ අනම් මනම් ගොඩක් තිබ්බ (මම පසු කාලීනව ගියපු සමහර ලෞන්ජ් එක්ක බලද්දී මේක ඉතා පොඩි ඉතින්ම්, නමුත් මේ වෙලාවේ ඉතින් කලින් ගිහිල්ල නැති හන්ද මැජික් වගේ තමයි.). මම හොද වෙලාවට කලින් කියවල ආව හන්ද වැඩිය කාල ආවේ නැහැ. වෙනද නම් ඉතින් එයා පොර්ට් වල කෑම වල ගණන් දන්නා හන්ද කලින් කාලනේ එන්නේ. මේ දවසේ බදගිනිත් තිබ්බ හන්ද ආපු ගමන් කාගන කාගන ගියා, නිකන් දෙන කෑම නේ. (වටේ මිනිස්සු බය උනාද මන්ද)
කෑම එහෙම කාල පොඩි සැර බීම විදුරුවකුත් දාගන ගෙනාපු පොතක් එක්ක පැත්තකට වෙලා හිටිය. ඔන්න ලස්සන නංගි කෙනෙක් ඇවිල්ල කියනව “සර්, මොකද්ද ෆ්ලයිට් එක” කියල. මම අන්කේ කිවම කිව “තව වෙලා තියනවනේ, මම ඒ වෙලාව වෙද්දී මතක් කරන්නම්” කියල. මමත් ඉතින් හා කියල කියවන්න ගත්ත පොත. ඔන්න ටික වෙලාවක් යද්දී කාපු ඒවා එලියට යන්න දගලනවා යටින්. මාත් ඉතින් එතනම තිබ්බ වැසිකිලියට ගිහිල්ල වැඩේ කරගන ආයෙත් පොඩි විදුරුවකුයි, තිබ්බ මස් වගේකුයි අරගන පැත්තකට වෙලා හිටිය.
ඔන්න ටිකක් ඉද්දි එපා උනා. මම ඉතින් වෙලා තිබ්බත්, වටේ පොඩි රවුමක් දාලම ගේට්ටුව ලගට යන්නම් කියල එලියට ආව. මම වටේ ඇවිදලා යද්දිත් ඔන්න පෝලිම හැදිලා. ඔන්න පෝලිමේ කෙලවර හිටගන්න යද්දීම මම දැක්ක ව්‍යාපාරික යට වෙනම ඇතුලට යන්න තැනක් තියනවා. ඒක දෙතුන්දෙනෙක් විතරයි හිටියේ. මම ගියා එකෙන් ඉතින්. ඒ කාලේ කොහොමත් අපි වගේ දුබුරු හම තියන අය, වැඩිය ඒ රටේ ඉදල ඔය පන්තියේ යන්නේ නැහැ. ඔන්න එතන හිටය කෙනා මගේ බෝඩින් පාස් එක දෙපාරක්ම බැලුව වැරදි පෝලිමේ එන කෙනෙක්ද කියල. මමත් ඉතින් වීරයා වගේ හිටිය. මමත් ඉතින් පුරුදු කාරය වගේ ගියා ඇතුලට.
ප්ලේන් ඒකෙ ඉස්සරහම හරියේ තියන පළමු පන්තියට පිටිපස්සෙන් තමයි මගේ සීට් තිබ්බේ. ව්‍යාපාරික පන්තියේ දෙවනියට ඉස්සරහටම වගේ වෙන්න. වෙනද ගිය හුණ්ඩු සීට් වවාගෙ දෙගුණයක් වගේ ලොකුයි. තඩි ස්ක්‍රීන් එකකුත් තිබ්බ. මම ඉද්න්දගද්දීම ආව නංගි කෙනෙක් ඇවිල්ල. “ඔබව පිලිගන්නවා ෆ්ලයිට් එකට” කියල “ මොනවා හරි බොනවද නග්ගන්න කලින්” කියල ඇහුව. මම ඉතින් කලින් කාල කාල හිටිය හන්ද අය කොහේ බොන්නද, එත් නිකන් හම්බෙන ඒවා කොහොම හරි කන්න බොන්න ඕනෙනේ, කියල හිතල මෙනිව් එක බලල ඕඩර් කරා බීම එකක්.
එත් එක්කම එයා කියනවා මොනවද කන්නේ කියල දැන් කියනවද පස්සේ කියනවද කියල. මම කිව්වා දැන් කියන්නම් කියල, මෙනිව් එක බලල ඉතින් කිවා. වෙනද වගේ නෙවෙයි, ඊට වඩා ගොඩක් කෑම වර්ග තිබ්බ. ඔන්න ඊලගට තව කෙනෙක් ඇවිල්ල “සර් පත්තරයක් ඕනෙද” කියල ඇහුව. මම කිව එපා කියල.
ඔන්න ඉතින් ප්ලේන් එක නැග්ගුව. ආයෙත් අර නංගි ඇවිල්ල අහනවා බොන්න මොනවා හරි ඕනෙද කියල. (යකෝ මෙහෙම ගියොත් මැරෙන්නේ බීලම) මම නෑ දැන් එපා කිව්වා. ඔන්න ඊට පස්සේ කෑම ඕනේ කයටද ඇහුව. මම ඉතින් ටිකකින් ගෙන්න කිව්වා. ඔන්න මම චිත්‍රපටියක් බල බල බාගෙට නිදි කිර කිර ඉන්නවා කෑම ගේනකන්. මට මතක් උනා ගෙන කෑම කන්න බඩේ ඉඩත් ඕනෙනේ කයල. ඉතින් ගියා ටොයිලට් එකට, ගිහිල්ල ඉඩ එහෙම හදාගන ආව.
ඔන්න අර නංගි ආව, ඇවිල්ල ඉස්සරහ ට්‍රේ එක දිගරලා නිකන් මේස රෙදක් වගේ එකක් එළුවා. හැදී ගරප්පු එහෙම වටේට තියල ලුණු ගම්මිරිස් එහෙමත් තිබ්බ. ඉස්සරලම සැලඩ් එකෙන් පටන් අරගන සාමාන්‍ය හොද මට්ටමේ අපනෂලාවක වගේ කොර්ස් කීපයක කෑම ගෙනල්ල දුන්න. එකක් ඉවර වෙද්දී එකක්, විදියට. මමත් ඉතින් කෑවා පුළුවන් විදියට. කෑම වෙනද ඉකොනොම්ය් පන්තියේ ඒවාට වඩා රසයි, ඒ වගේම වර්ග ගොඩයි. එත් ඉතින් පොලවේ තියන අපනෂලාවක වගේම රස නැහැ. කොහොම හරි කාල ඉවර වෙනකොටම ඇහුව තේ හරි කොපි හරි ඕනද කියල (එකත් මෙනිව් එකක් පෙන්නලා ඇහුවේ, වර්ග ගොඩක් තිබ්බ). මම එපා කිව්වා (ඇයි යකෝ ඔච්චර කන්න පුලුවන්ද මිනිහෙක්ට). මම ඉතින් ඊට පස්සේ පොඩි නැප් එකක් දැම්ම. සීට් එකනම් පට්ට, ඇඳක් තරමටම නැතත්, ගොඩක් ඇල වෙනවා.
ඔන්න ටිකක් ගිහිල්ල නැගිට්ටුනා. ආයෙත් ඔහේ නිකන් ඉද්දි, අර නංගි ලගට ඇවිල්ල අහනවා සර් මොනවා හරි ස්නැක් එකක් ඕනෙද කියල. (යකෝ මේ ගැනී හදන්නේ මාව කවල මරන්නද). මම එපා කිව්වා. අය ටිකකින් පෙට්ටියක තියාගන චොක්ලට් වගයක් ගෙනල්ල ඒක දික් කරලා ගන්නවද කියල අහනවා. (“යකෝ”), නංගි පවුනේ කියල ගත්ත එකක්. රසත් නරක නැහැ ඉතින්.
මමත් ඇහැරලා ඉන්නවා දක්ක්කොත් අරය ඇවිල්ල කන්න දෙන්න හදනව මොනවා හරි. අනේ මන්ද ඉතින්. මම කාල කාල ඉද්දි අය තව මීල් සර්විස් එකක් අරගන ආව (පැය 8 විතර ගමනක්නේ). ඔච්චර කන්න බැහැනේ. එත් හරිත් නැහැනේ නොකා ඉන්න එක. මම ඉතින් පුළු පුළුවන් විදියට කාල ලාවට පොඩි සැර ජාතියකුත් ගත්ත (කොක් ටෙල්). ඔන්න ඔහොම ගිහිල්ල බැස්ස කියමුකෝ සින්ගපුරුවෙන්. ඉස්සරලම එලියට බැස්සේ ප්ලේන් එකෙන් අපේ හිටිය කිරා දෙනා (පළමු පන්තියේ හිටියේ නැද්ද කොහෙද එන්නෙක් තුන්දෙනෙක්ට වඩා).
මම ඉතින් කොහොමත් ටිකක් වේගෙන් ඇවිදින පොර හන්ද ටක් ගාල ආගමන එහෙම ඉවර කරා. පෝලිමක් තිබ්බෙත් නැති හන්ද වෙලා ගියෙත් නැහැ. ඔන්න ඊට පස්සේ සැහෙන වෙලාවක් බලගන හිටිය මගේ ගමන් මලු එනකන්. වෙනද නම් පෝලිම් ඉවර කරලා එද්දී ඇවිල්ල තියනවනේ ඒවා. අද මම කලින් නේ. පස්සේ ඔන්න පාර හොයාගන අර කලිනන් කිව ශෝෆෙර් වාහනේ තියන තැනට ගියා. එතන විනාඩි 5ක් විතර ඉද්දි ආව කළු පාට වැන් එකක්. ඇවිල්ල මාව එක්ක ගියා හෝටලේට.
ඔන්න ඔහොම තමයි මගේ පලවෙනි “පොහොසත්” ව්‍යාපාරික ගමන සිද්ද උනේ. ඔය විදියටම තමයි අපහු අවෙත්, හැබැයි එද්දී බොස් එක්කම ආවේ එකට. මම ඉතින් කිව්වා බොස්ට පලවෙනි වතාවට මෙහෙම චාන්ස් එකක් ආවේ, තැනක් යු කියල. මොනවා උනත් පොර හිත හොද කෙනානේ. නැත්නම් ඔහොම චාන්ස් එකක් මට දෙයියැ.
උපුටා ගැනීම: Tilina Herath