මේකේ කතා කියවද්දි මටත් හිතුණා මට මුහුණ පාන්න සිද්ධ වෙන කෙනෙහෙලිකම්වලින් එකක් කියන්න ඕන කියලා.
අපේ ගෙදර හිටියෙ කොල්ලො තුනයි එක කෙල්ලයි. මම බාලයාට කලින් එක්කෙනා.අයියයි අක්කයි කසාදයක් බැදගෙන ගියාට පස්සෙ ගෙදර ඉතිරි උනේ මමයි මලයයි. මලයා නිසා තමා මට දරාගත නොහැකි කෙනෙහෙලිකම්වලට මුහුණ දෙන්න වෙලා තියෙන්නෙ.මේ කියන්න හදන්නෙ එක අවස්ථාවක් විතරයි.
මලයගෙ නම ශැගී. ශැගියෝ…… කිව්ව හැටියෙ නැට්ට වන වන හිනාව දාගෙන දුවගෙන ඇවිල්ලා ඩාන්ස් එකක් දාලා පොඩ්ඩ්ක් කෑ ගහලා… අම්මෝ බලන්න එපැයි නාඩගම් කෝටියයි.(ආ.. මට කියන්න අමතක උණා. අපේ ගෙදර බාල මලයා මනුස්ස වර්ගයේ නෙමෙයි සුනඛ වර්ගයේ ඕන්)
ඔන්න ඉතිං මේ කියන දවසේ මම උන්නෙ කාමරේට වෙලා මගෙ පරම ආත්මීය බැදීම සමඟ.(වෙන කවුරුත් නෙමෙයි මගෙ ආදරණීය ෆෝන් රාජයා එක්ක)ඔන්න ඔහොම ඉද්දි එකපාරටම අම්මා අහපි…,
“මගෙ සුදු පුතා…. බත් ටිකක් ගෙනත් දෙන්නද..”
තාම මූණවත් හෝදන්නැතුව ඇදට වෙලා 4n එක ඔබ ඔබා ඉන්න මගෙන් අම්මා එහෙම අහද්දී අප්පේ ඉතිං අම්මලගේ.ආදරේ තරම කියලා හිතිලා ඇස්වලට කඳුලුත් ආවා.
“එපා අම්මා කන්න බෑ වගේ..”
“මොකද මේ.. ඈ සුද්දෝ මං මස් එකකුත් රසට උයලා තියෙන්නෙ.අනේ කාපන් මගෙ කොල්ලො..”
“අනේ.. එහෙනම් සූට්ටක් බෙදන් එන්නකො”
මස් කන්න වැඩිය ආසාවක් නැතත් අම්මා ඒක කියපු තාලේට පොඩ්ඩක් කටට කෙළත් ඉනුවා.කොහොම හරි බත් ගේන්න කියලා පැය බාගයක් විතර ගියත් අම්මා ආවේ නෑ.
“අම්මේ… කෝ බත් එක….”
” ඈ යකෝ උදේ ඉදන් 4න් එක ඔබ ඔබ ඉන්නවා මදිවට බත් එකත් බෙදලා අතට පුදන්නද කියන්නෙ. මගෙන් මැරුම් නොකා ගිහින් බෙදන් කාපන්”
මෙච්චර වෙලා බත් කන්න කියලා කියපු අම්මට එක පාර මොන යකෙක් වැහුණද කියලා බලන්න මං පට ගාලා සාලෙට ගොඩ වැදුණා.
“කාපන්.. තව හොඳට කාපන්… මගෙ හොඳ පුතා..”
හපොයි මෙච්චර වෙලා අම්මා මේ බත් කවන්න හදලා තියෙන්නෙ සුනඛ වර්ගයේ මගෙ බාල සහෝදරයා අපේ ශැගියාට……
ඔන්න ඔහොමයි මිත්රවරුනේ අපේ ගෙදර කොල්ලා බල්ලා වෙලා, බල්ලා කොල්ලා උනේ………….
උපුටා ගැනීම: Hirusha Wijerathna