වැඩේ කියන්නේ දැන් හැම එකාම ඉන්නේ ලෙඩ සිහියෙන්. කොයි වෙලාවේ කොරෝනා, දිලීර බෝවෙයිද කියලා. අනික ඉතින් අහන්න හම්බවෙන්නෙත් මැරෙන ඒවමනේ!
නිර්මලාගේ කකුලෙ පොඩි තුවාලයක් ඇවිත් අන්කල් එක ලඟ. ඇන්කල් එක බන්. චුස්ටිම චුස්ටි තුවාලයක්. පොඩ්ඩක් වටේට රතු වෙලා ලේ පාටට. අනේ ඉතින් ගෑනුන්ට පොඩී දෙයක් ඇතිනේ කෙඳිරි ගාන්න. ඕන් මට ඊයෙ වීඩියෝ දාලා කතා කරද්දී ගෑනිගෙ කට මහර බන්ධනාගාරේ වගේ ඇද වෙලා. මම ඉතින් අවුරුදු විසි හතක් දීග කාල තියන හින්ඳා දන්නවා පොඩ්ඩක් හරි කට ඇද වෙලා තියෙද්දී කේස් එකක් කියලා. ඇහුව මොකෝ කියලා. ‘අනේ මගේ තුවාලයක් ඇවිත් ඕන් මම ෆොටෝ එකකුත් එව්වා.. මේක දැන් දවස් තුනක් විතර’ කිව්වා ගෑනුන්ට ආවේනික කෙඳිරියක් සමගින්. මාත් ඉතින් ෆොටෝ එක බැලුවා. චුස්ටිම චුස්ටි තුවාලයක්! ‘අනේ මේකට ජර්ම් එකක් ගිහින් ලොකු වෙන්න පුලුවන්ලු නේද? මට නිමේෂා කිව්වේ’ කිව්වා. නිමේෂා (ඇත්ත නම නෙවෙයි) කියන්නේ කැස්ස නිව්මෝනියා කරතෑකි, පඩ යෑම වෙඩිල්ලක් කරතෑකි, කුද්දඨිය පිලිකාවක් කරතෑකි රිටායර් නර්ස් කෙනෙක්. එයාගේ හැම ප්රොග්නොසිස් එකක්ම ඉවර වෙන්නේ ‘ලොකු සර්ජරි එකක් කරන්න වෙයි’ කියන නිගමනෙන්! ඉතින් උන්දෑ මේ තුවාලේ මහ වනයක් කරලා නිර්මලාගේ මොලේට දාලා. දැන් තුවාලෙ තියෙන්නේ කකුලෙ නෙවෙයි පින්වතුනි ඔලුවෙ!
මාත් ඉතින් විහිලු කාරයනේ. මාත් දාගත්තා බැරෑරුම් මූනක් කතානායක වගේ. දාන් කිව්වා ‘අම්මා මේ ෆොටෝ එකේ විදියටනන් මේක හොඳ නෑ’ කියලා. අනේ නිර්මලාගේ ඇස් මුරලි බෝල් කරන්න එනකොට වගේ ලොකු වුනා!! ඇයි ඉතින් හැම දෙයක්ම සුලුවෙන් ගන්න මම බැරෑරුම් වුනාම ඉතින් බය වෙනවනේ. ‘අනේ අප්පච්චි දැන් හොස්පිටල්ස් වලට යන්නත් බෑනේ. මොකක්ද දැන් මම කරන්නේ?’ කියලා අහනවා ගෑනි. ඔය ගෑනු මහා කයිවාරු ගැහුවට බන් පොඩ්ඩක් බය වුනාම පිරිමි නැතුව බෑ නේ? මම ඉතින් අත ඇරියෙ නෑ. ‘අම්මා මේක කිව්වට අප්සෙට් ගන්න එපා හරිද. ඔය තුවාලෙ රතු වෙලා තියන විදියටනන් ඇතුලෙ ඔඩු දුවල තියෙන්නේ. අනික ඔයා කිව්වනේ ඕකට දැන් දවස් තුන හතරක් වුනා කියලා. ඒ කියන්නේ ඕක දැන් ඇතුලෙන් හොඳටම නරක් වෙලා’ කියල කිව්වා ශෝකබරිත සදාතනික වගේ! ගෑනි හොල්මන්ඳ පෝල්!! ‘අනේ යනව යන්න. බොරු නේද?’ ඇහුවා. මම කිව්වා ‘මේ ඕක සෙල්ලන් කරන්න දෙයක් නෙවෙයි. අපේ චරිත් කියල හාදයෙක්ගේ කකුල ඇන්කල් එක ලඟින්.. ඇන්කල් එක ලඟින් කපන්න වුනා අම්මා’ කිව්වා පෝඩ්ඩක් ඇදල පැදලා හරියට අර ලඟ කෙනෙකුගේ මරණයක් දැනුම් දෙනෙකොට දාන මූනයි ටෝන් එකයි දාන්. නිර්මලා මගේ මූන හොඳට බැලුවා ෆෝන් එකට එබිලා… ‘අනේ මේ බොරු කියන් නැතුව යනවා යන්න… අප්පච්චි ඔයාට හැම කෙහෙම්මලම විහිලු’ කියලා ගෑනිට හොඳටම හිනා.. මටත් හිනා…
යකෝ මේ මිනිස්සු පාරවල් වල ඇද වැටිලා මැරෙනවා. අයි සී යූ ඇඳන් නැතුව මැරෙනවා. ඔක්සිජන් නැතුව මැරෙනවා. මෙයා මේ සුට්ටම් තුවාලයක් අල්ලන් තොඳොල් වෙනවා.. අන්තිමට දෙන්නම පන යනකන් හිනා වුනා.
මම හොඳ හස්බන්ඩ් කෙනෙක් නේ?
උපුටා ගැනීම: Susantha Pethiyagoda