ඔසු ගුණයත් ඊට අමතරව ඉතා සශ්රීකව මල් පිපෙන හීන් බෝවිටියා ශාකයේ විසිතුරු වර්ණවත් මලේ පැහැයත් නිසා ගෘහ අලංකරණ පැලෑටියක් වශයෙන්ද මෙම ශාක වගාව සිදුකළ හැක.
මෙම හීන්බෝවිටියා ශාකය අඩි දෙකක් හෝ දෙකහමාරක් තරම් උස පැළෑටි වශයෙන් දැකිය හැකියි. එහි පත්ර තරමක් රළු ස්වභාවයකින් යුතුය. මාබෝවිටියා නැතිනම් මහ බෝවිටියා වශයෙන් හඳුන්වන ශාකයේ කොළ හෙවත් පත්ර විවිධ ප්රමාණවලින් ලොකු, කුඩා වශයෙන් පිහිටියත් හීන් බෝවිටියා ශාකයේ පත්රවල සිහින් ඒකකාරී ස්වරූපයක් දැකිය හැකියි. එකිනෙකට සමාන්තරව සිහින්ව පිහිටි හීන්බෝවිටියා පැළෑටියේ පත්ර තරමක් තද ඝන කොළ පැහැයක් ගනියි. එහි දළු එම පත්රවල දැකිය හැකි කොල පැහැයට සාපේක්ෂව තරමක් ලාපහැති කොළ පැහැයෙන් යුතුවේ.
උපුටා ගැනීම: Suwa arana