පෙරේරා මාස්ටර් සහ මාස්ටර් (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
පලා
” හෙට නාඩගමේ මං රජාට අදින අජාසත්ත නාමෙන්
ගමේම අගනුන් මට වහ වැටෙනව බලා පල්ල බොරු නම්”
මේ ගීතය පුතනුවන් විසින් සිය පරිගණකයට බාගෙන මාහට අසන්නට සැලැස්සුවේ ” අප්පච්චී මේ පැරැණි රසාංගය අහල තියෙන වද” අසමින් ය. ඒ වසර දෙක හමාරකට පෙර ය .
පැරැණි ගීතයක ලක්ෂණ සියල්ල එහි අන්තර් ගත වු එය මෙතෙක් අසන්නට නොලැබුණු එකක් බව කීමි. ඔහු විසින් එය මෑත භාගයේ නව පරපුරේ අය විසින් ගයනා කල එකක් බව ත් ගීතයේ ඉතිහාසය ත් පහදා දුනි..දෙතුන් වතාවක්ම ඔහු සමග එය රසවින්දෙමි.අවසානයේ මගේ මතකයට ආවේ “පෙරේරා මාස්ටර් “ය.
කලය ගෙවී ගියේය ..ඊයේ දහවල් රූපවාහිනී නාලිකා වක විකාශනය වූ මඩොල් දූවේ කොටසක් අහම්බෙන් ඇස ගැටිණ . ඒ කොටසෙහි තිබුණේ ” මගෝඩි නාඩගම “රග දැක්වී මයි.
එදා සැගව ගිය මාස්ටර් නැවතත් මා මනසෙහි රගන්නට පටන් ගත්තේ මේ දිනවල පවතින වාතාවරණය ද හේතු කරගෙනය …කල යුතු යමක් නොවූ කල්හි කුමක් හෝ කිරීම ද කලය ගෙවා දැමීමේ එක් උපක්රමයක් ලෙසින් ය.
මේ කියන පෙරේරා මාස්ටර් ආපසු ගමට පැමිණ ඇත්තේ වසර විස්සකට පමන පසුව යයි ගම්මු කිහිප දෙනෙක් ඔහු නැති තැන්වල දී කියනු අසන්නට ලැබිණි .අප නොදන්නා නමුත් ගමේ වැඩිහිටියන් ගේ නම් වාසගම් ගරු කිරීම් සහිතව කීමට ඔහුට හැකියාව තිබුනි.
මේ නිසාම ඔහු ගම්මු හොදින් දනිතැයි විස්වාස කල අතර ගම්මු ද ඔහු හොදින් දන්නවා ඇතැයි සිතුවෙමු.
හවස් වරුවේ ගමේ කඩ මන්ඩිය අසල දී හමු වූ ඔහු ඉදහිට සිගරැට්ටුවක් බිව්වේ දුම් වලලු රටාවට අහසට විහිදුවූයේ උජාරුවෙනි.පොකුටු හිස කේ ගහ දෙක සුදු වුව ද එය තෙල් ගා මැනවින් සකසා තිබුනි .කතා කරන ව්ට නැගෙන හඩ ප්රබල බව පෙනුනි .වයස එතරම් නො පෙනුන ද පනහකට ආසන්න වන්නට ඇතැයි සිතිය හැක..
ඔහුගේ කතාව ,සිනහමුසු මුහුණ ,පෙන්වූ පිවිතුරු බව අප ඔහු කෙරේ ඇදී ගියා ….එනිසාම ඔහු හා කතබහට පෙලඹුනා ….. ඒ කතා අතර ඔහු මෙහි පැමීමට පෙර කන්තලේ ප්රදේශයේ වාසය කල බව ද කියවුනා ….
” එහෙ කුඹුරු වල හරියට දියබෙරලිය තියනව …හරි ගුන කෑමක් නෙ….මේ මිනිස්සු මේව කෑවෙ නෑ…..අපි කනව නේ….මට හිතුණා ඒ මිනිසුන්ට ත් කන්න හුරු කරවන්න …..ඉතින් දවසක් මං කිව්ව මේව කන ජාතියක් …මැල්ලුමක් හදමු කියල …අපෝ මාස්ටර් ඕව වහ ද දන්නෙ නෑ …අපි නම් කන ජාතියක් නෙමෙයි ….ඕව කාල මොනව හරි උනොත් කියල කියපි…මං ඒ ගමන් කිව්ව හරි මට මැල්ලුමක් හදල දෙන්නකො…..කියල…එදා හැදුවා මැල්ලුමක් …
ඉස්සර වෙලා මං බෙදාගෙන කෑවා …රස කර කර…..මෙන්න ඒ ගමේ මිනිස්සුත් ටික ටික බෙදා ගත්ත ….කෑවා …රසයි කිව්ව … ඊට පස්සෙ කුඹුරුවලට දියබෙරලිය ගහක්… හොයා ගන්න නැති ..වුනා…ඒ පැත්තෙ මිනිස්සු මේ පලා ජාතියට කියන නම දන්නෙ නෑ…..ඒ හින්දා ඒ මිනිස්සු දියබෙරලිය වලට කිව්වේ “මාස්ටර් පලා” කියල …. මට ඒ මිනිස්සු කිව්වේ මාස්ටර් කියල ….මං එහෙදි හුගක් ටීටර් කලා..””
මාස්ටර් පලා කතාව අවසන් වන විට මගේ ලග හිටිය වීරසිංහ මගේ කනට කරල”මාස්ටර්ගෙ ..ක පලා කිව්වේ නැද්ද දන්නෙ නෑ ” කියල …මේ කතවෙන් පස්සෙ අපි ඔහුව මාස්ටර් නමින් හදුන්වන්නට පුරුදු වුනා …..
ටික දවසක් යනකොට ඔහුට ගීත ගෑයීමට ….ඩෝල්කි වාදනයයට…..සර්පිනාව…තබ්ලාව….ජපන් මැඩ්ලින් …වාදනයට හැකියාව ඇති බව කියවුනේ ඔහුගේ ම කතාවලින් ….අපට කොහෙද ..ඒ භාන්ඩ ….ඒත් සමන් දේවාල පොලෙන් ගෙනාපු ඩෝල්කි යක්…තමයි තිබුණේ …
ගල් කෑල්ලක් විකුනල කීයක් හරි අතට ආපු දවස්වල මේ ඩෝල්කි යත් එක්ක මාස්ටර් පතල් වාඩියට ගෙන්නුවා …..ඒ වෙලාවට පැරැණි ගී ගයමින් අපව රසවත් කලා ….හීනියට…මොනව හරි පානය කරමින් ….අපි පනිට්ටු වට…. උදලු තලයකට …නැත්නම් ටින් එකකට තට්ටුව දමමින් තාලය ඇල්ලුවා ….සෑම ගීතයක්ම අවසන් වන විට ටික වෙලාවක් වරපට තද කර හඩ තීව්ර කරගැන්මට ඔහු ගත්තේ මහත් උත්සාහයක්…..
” සර්පිනාවක් තිබුනනම් මරු ” එවන් විටෙක ඔහුගේ මුවගින් පිටවුණා …
ගමේත් විශේෂයෙන්ම ගමේ පතල් කරුවන් අතරත් මාස්ටර් ප්රචලිත උනා .
ටික දවසක් යන කොට ඔහුට තරුනයන් එකතු කරගෙන ගමේ ටීටර් එකක් පෙන්වීමේ උවමනා වක් ඇති බව කියවුනා. පිටපත් කිහිපයක් ම ඇතිබවත් චරිතවලට සුදුසු අය තමා විසින් තෝරාගෙන ඇති බවත් කීවේ තෝරාගත් අයට පමනක් බව සිහිපත් වෙයි . ඒත් ටීටර් එකට අවශ්ය භාන්ඩ පිලිබඳව හැම දෙනාටම ප්රසිද්ධියේ කීවා …
තවත් සතියක් විතර යනවිට ටීටර් එකේ අවශ්ය බඩු භාණ්ඩ ගෙන ඒමට උත්සුක වූ ඔහු ඒ සදහා කොලඹ යන බව කියා පිටත් වුනා… දින සති කිහිපයක් ගියත් ආපසු ආවේ නෑ…කඩපොලෙත් ඔහු නැති අඩුව හොදින් ම දැනුනා …ඊට පස්සෙ තමයි සිද්ධිය කතා උනේ…රජාට තෝරාගත් එකාගෙ ඇදුම් පැලදුම් ආයිත්තම් වලට …..මහ ඇමති…. බිසවගේ චරිතයට තෝරාගත් එකා…..සුලු චරිතය වලට ගත් අය ඔක්කොම එකතු වුනා ම තිස් දාහක් විතර ….එයට අමතරව සර්පිනාව ..ඩෝලය…තබ්ලාව …ආදියට ටීටර් එක අවසන් වුනාම ඒ ඒ ගෙවල්වලට ම ආපසු දෙන පොරොන්දුව පිට…..ඔක්කොම ඒ දවස් වල හැටියට හැටදාහක විතර ලොකු මුදලක්……
තවත් සතියකට විතර පස්සෙ කඩේ ලගට ආව දාවිත් මාමා පෙරේරා පිලිබඳ තොරතුරු විමසුවෙ සියල්ල හොදින් දැනගෙන ….
” ඔයා ඔයට ඉස්සරත් ඔහොම වැඩක් කලා ……හැබැයි ටීටර් එක පෙන්නුව …..මරේ මරු…… රජාට ඇදල කඩුව අරගෙන …ඒක වන වන නටාගෙන ..සින්දුවක් කියා ගෙන….මැව්ල පෙනෙනව…..නැටුම කොහොමද කිව්වොත් ආරචිගෙ දුව ….දැපනෙ වැටිලා …ඒ දවස්වල ….ගමේ හැම කෙල්ලෙක්ම පෙරේරා දිහා බැලුවෙ පැනි වරකෙ දැක්ක කපුටියො වාගෙ……..කොහොම හරි දෙන්න අහල පහල දං පදුරු අස්සෙ හක්කලං ගැහුව …..තුන් මාසෙකට විතර පස්සෙ දෙවන සැරේටත් ටීටර් එක පෙන්නන්න සූජානම් උනා ….පලවෙනි සැරේටත් වැඩිය …වැඩේ සාර උනා…සේරම ගම උදව් කලා …..ටිකටුත් ගහල වික්කා… ආධාරත් එමටයි……පෙන්නව කිව්ව දවසට ඉස්සර දවසෙ රෑ ගමෙන් ගිය ගමන් අවුරුදු විස්සකට විතර පස්සෙ තමයි ඔය ආවෙ….රාලහාමිගෙ මුනුපුරාටත් දැන් දහනමයක් ද කොහෙද . ….”විස්තර කලේ අපේ කාලයෙන් වැසීගිය පුවතකි.
සනී මීගස්දෙනිය බණ්ඩාර
උපුටා ගැනීම: Sunny Meegasdeniya Bandara

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!