නිහාල් නෙල්සන් ලක්ෂපති ගියොත් (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
කලිං අර ෆිල්ටිගෙ පෝස්ට් ඒකෙ ඌ ලක්ෂපති ගිය එක ලියද්දි නිකමට හිතුන ලංකාවෙ වෙන වෙන චරිත ටිකක් ඒකටම ගියොත් කොහොම වෙයිද කියල. බලමු කීපදෙනෙක්. මුලින්ම ෆිල්ටිගෙ එකෙන්ම පටන්ගමු..
චන්දන – ඔව් ෆිල්ටී මහත්මය. අපිට කියන්න ඔබ ගැන..
Fill T – මගෙ නම ෆිල්ටී, හිත නෑ ගිල්ටී, නෑ බොරු බල්ටී, ගියෙ නෑ වොයිස් ටීන්, අරගන්න කෝටී, ආවා අද ලක්ෂපටී..
චන්දන – සමහරු හිතතී, වැනි වැනි සිටිතී, එන්නට පිනැතී, නැතුවත් බල්ටී, දිනුවොත් කොලටී, අද ඉන්නෙ ෆිල්ටී..
(අත්පොලසන් නාදය සදත පැතිරේ)
*****************************************
චන්දන – අද අපේ තරඟකරුවා රටම දන්න කැසට් ලොවේ රජු, කවුරුත් දන්න නිහාල් නෙල්සන් මහත්තය. ඉතිං නිහාල් මහත්තය, කොහොමද?
නිහාල් – හොඳයි.. සතුටුයි.. ආයුබෝවන් කියල පිලිගන්නව ඔබතුමා ඇතුලු පිටුපස කාර්ය මණඩලයම. ඒ විතරක් නෙවෙයි.. මෙතන මාත් එක්ක තරඟ කරපු අනික් සියලුම සහෝදර සහෝදරියන්ට අත්දෙක එකතුකරල දෙන්න පොඩි අත්පුඩියක්.. මොකද ඒ අය නැත්නං අද මං මෙතන නෑ.. අන්න එහෙම.. ස්තූතියි..
චන්දන – අපි එහෙනං තරඟෙට යොමුවෙමුද. නීති රීති එහෙම ඔබතුමා දන්නවද?
නිහාල් – ඇත්තටම රටක් හඳුනන වැඩක්.. මං දන්නෑ කියන්න බෑනෙ. ඒ නිසා හා හා පුරා කියල.. සීට් එකේ යකඩ තැටිය රත්වෙලා තියන මේ වෙලාවෙ.. බාස් ඇවිත් වැඩේ දෙන්න සෙට්වෙලා තියෙන නිසා.. එහෙනං අපි වැඩේ පටන්ගමු.. කරුණා සුවඳ තවරාලූ හද පියුමේ..
චන්දන – ආ..
නිහාල් – ආ නෑ නෑ ඒක පුරුද්දට කියවුනේ.. සොරි..
****************************************
චතුර සේනාරත්න – චන්දන ඔයා දන්නවද මේ වැඩසටහන මුලින්ම කලේ මං පොඩි කාලෙ..
චන්දන – නෑ චතුර මහත්මයා මේක මේ මෑතකදි පටන් ගත්තෙ..
චතුර – අන්න ඔබතුමාටත් වැරදුනා චන්දන. සමහරු කියයි මට පිස්සු කියල. ඒත් ඇත්ත මේකයි. මට මතකයි මං මුලින්ම මේ වැඩසටහනට චන්ද්රිකාගෙ අතේ එල්ලිල එද්දි මෙච්චර උසට මේ සීට් තිබුන්නෑ..
චන්දන – ඒ පුංචි පහේ මං වෙන්නැති චතුර මහත්මය ඔබට පැටලිලා..
චතුර – ඔන්න ඕකයි චන්දන. කවුරුත් කැමති නෑ මේ දේවල් පිලිගන්න. හැබැයි කට කෑවත් ඇත්ත කියන මිනිහෙක් මං. මං එදත් මට අහපු පළවෙනි ප්රශ්ණෙ අහන්නත් කලිං හරි උත්තර දුන්න මිනිහෙක්.. එදා අන්තිමට පහලොස්වෙනි ප්රශ්ණෙට දීපු උත්තර සේරම වැරදියි. මට මේ වැඩසටහනේ අධ්යක්ෂක මගෙන් සමාව ඉල්ලල ලියුමක් දුන්න ඒ වැරැද්දට. එහෙම නොවෙන්න මං ඒ මිලියන පහම ගන්නව. එහෙම අභියෝග ජයගත්ත මිනිහෙක් මං..
චන්දන – අපි මිලියන දෙකයි දෙන්නෙ චතුර මහත්තය..
චතුර – ඔන්න ඕකනෙ දන්නැත්තං දැනගන්න ඉස්සර 5ක් දුන්න මං ඒක ගන්න ගිය නිසා පස්සෙ ඒක 2ක් කලා.. ඕකයි ඇත්ත.. මං එලියට බහිද්දි මට වෙඩි තියන්න දෙන්නෙක් හැංගිලා හිටිය.. එක්කෙනෙක් දිව්ව.. එක වෙඩිල්ලක්……
චන්දන – හරි හරි වැඩිය කතා ඕන නෑ අපි වැඩසටහන පටන්ගමු..
****************************************
චන්දන – අද අපිත් එක්ක එකතු වෙලා ඉන්නෙ සුවිශේෂී චරිතයක්.. ආයුබෝවන් ඉන්දික තොටවත්ත මහත්තය..
ඉන්දික – ආයුබෝවන්.. චන්දන..
චන්දන – බොහොම අපල කාලයක් වගේ නේද ඉන්දික මහත්තය මේ ගෙවෙන්නෙ..
ඉන්දික – නෑ. ඔබට එතනදි වැරදුනා. අපි ගෙවමින් ඉන්නෙ අපලයක්..
චන්දන – හරි ඉතිං ඒකමනෙ මං කිව්වෙත්..
ඉන්දික – නැහැ එතනදි ඔබ කිව්ව කාරණෙත් එක්ක මං එකඟ නෑ. එතනදි ඔබ “වගේ” කියන වචනෙ පාවිච්චි කිරීමත් එක්ක එහි යම් අසම්භාවී ගතියක් ගැබ් වෙලා තිබුනා. ඒත් එක්කම “නේද” කියන එකෙන් ඒ අර්ථය තව තවත් තීව්ර කිරීමට සමත් වුනා විතරක් නෙවෙයි ඒ වචන භාවිතය නිසා ඔබේ රවි අට වැන්නෙ උච්ච වෙලා සිදුවන රාහුගෙ බලපෑම හීන වීමත් එක්ක ඔබේ කෙස් ටිකෙන් ටික සුදු වෙනව වගේම ඔබට යම් යටිබඩ ආශ්රිත යම් වේදනාවක් තියෙනව කියලත් මට ස්ථීරවම කියන්න පුලුවන්..
චන්දන – ආ.. හරි අපි තරඟෙට යමුද?
ඉන්දික – වද කහ මිශ්ර පිච්ච මල් වතුර එකක් මං ඉල්ලුව ඒක ගේන්න කියන්න. ඒකෙන් උගුරක් ඔබ පානය කල යුතුයි. ඒත් එක්ක මට හම්බවුනු වටිනා පුස්කොලපොතක තිබිල හදාගත්ත සුවිශේෂී සුවඳ දුම් වලින් මං මේ පරිශ්රය පුරා දුම් අල්ලන්න කිව්ව. කරුණාකරල ඒක ඉවරද බලල පස්වරු 7.43යි 7.45යි අතර මගෙන් ප්රශ්නය අහන්න. ඔබට අවශ්යනම් මට මේ යන්ත්රය අතගාලා ඔබ අහන්න යන ප්රශ්ණය මොනවගේ එකක්ද, ඊට අදාල වර්ෂය, විෂය, උදෘතය විතරක් නෙවෙයි උත්තරය පිළිබඳව සීයට 97.3333ක නිරවද්යතාවයක් ඇතිව අනාවැකියක් කියන්න පුලුවන්..
චන්දන – නෑ අපිට වැඩි කාලයක් නෑ මං ප්රශ්ණෙ ඔබට ඇහෙන්න කියන්නං..
ඉන්දික – මට දැන් ස්ථීරවම කියන්න පුලුවන් ඔබ අහන ප්රශ්ණයට පිළිතුරු හතරක් තියෙනව. ඉන් එකක් හරියටම හරි..
චන්දන – හරි ඉන්දික මහත්මය මෙන්න මේකයි ඔබේ පළමු ප්රශ්ණය..
****************************************
චන්දන – මේක ගොඩක් අය බලාපොරොත්තු නොවන විදියෙ වැඩසටහනක් වෙයි. අද අපි හොට් සීට් එකේ වාඩි කරල තියෙන්නෙ මේ දවස්වල බොහොම ජනප්රිය චරිතයක්.. සරා… ඉතිං කොහොමද?
සරා – කෝමද කියන්නෙ ඉතිං ආතල් එකේ මෂා එකේ හීනියට ගේමක් ගහගෙන ඉන්නව ඉතිං.. ඒකනෙවෙයි බොක්ක මොකක්ද අර හොට් සීට්ටු කතාවක් කිව්වෙ.. අන්න අන්න අන්න මට ඒම සීට්ටු සීන් එකක් කිව්වෙ නෑ හරී.. කලිං කිව්වනං පැත්තපලාතෙ එන්නෑ..
චන්දන – නෑ නෑ සරා.. මං කිව්වෙ හොට් සීට් එක.. ඒ කිව්වෙ ඔය වාඩි වෙලා ඉන්න පුටුවට.. ඕකට එන්න අමාරුයි.. ආවට පස්සෙ ලේසි නෑ.. ඒකයි එහෙම කියන්නෙ..
සරා – මොන පුටුවට එන්නද ලොක්ක ලේසි.. ආවත් ඉතිං ඔය මොන පුටුවත් එකයි.. මටනං ඔය කොයි පුටුවටත් වඩා මගෙ වාඩියෙ ලෑලි බංකුව සැපයි ආ..
චන්දන – හරි හරි සරා දැන් මේකෙ නීති රීති එහෙම දන්නවද?
සරා – ඔව් ඔව් ඔව්.. මං එව්වා ගාණට තිතට අහගත්ත. හැබැයි ලොක්කා හොර බොරු බෑ. මට බැරිනං බෑ කිව්ව අපි කැපුන. පුලුවන් එකක් දන්න දෙයක් ඇහුවොත් බොක්කෙං දෙන්නං උත්තර.. ආයි ඉතිං මේ සරා ලෝස් නෑ.. දෙනව ආයි සුපරි පිරි ඉතිරි වෙන්න..
චන්දන – මං ඔබ මේ ගැන කොච්චර දැනුවත්ද කියල දැනගන්න අහන්නෙ. කෝල් අ ෆ්රෙන් අවස්ථාවට කවුද යොදාගන්නෙ?
සරා – මොකට?
චන්දන – උත්තර දෙන්න අපහසු ප්රශ්ණයක් ආවොත් කාටද කතාකරන්න දාගත්තෙ?
සරා – ආ.. ආයි ඉතිං වෙන කවුද.. මගෙ බොක්ක කවඩියයි.. මගෙ මචං එකයි පිට් එකයි මලමාලං ලොක්කවයි.. ආයි ඉතිං මගෙ තාත්ත වගෙ ඉන්න මාස්ටර්වයි තමයි..
චන්දන – මාස්ටර්වනං හරි. ඇයි කවඩියයි මාලනුයි..
සරා – අන්න අන්න අන්න.. මගෙ නෑනෙ ඔය ලොකු සීන්. කවඩිය දන්න මඟුලක් නෑ කියල මං දන්නව. මං අහන ඕක එකකට ඌ ඒකතමයි කියයි. හැබැයි ඉතිං ඌ මගෙ බොක්ක. මං මොකට ගියත් මාත් එක්ක ඉන්න එකා. අනික මලමාලං කියන්නෙ ටිකක් දැනුම තියෙන එකා හරි. අනික උගෙ හිත හොඳයි. වෙන එකෙක් මගෙ අතට කීයක් හරි එන වැඩක් කියල දැනගත්තොත් ලොවෙත් පචයක් ගහල මට කෙලවනව. ඊටවඩා මුං හොඳයි..
චන්දන – හරි අපි ටිකක් කතා කරපු නිසා පොඩි විරාමයකට ගිහිං අපි වැඩේ පටන්ගමු..
සරා – අන්න අන්න මේ මේ මේ.. මට මේ කාලෙ කන්න වෙලාවක් නෑ. එන්න කිව්ව නිසා ආවා.. වැඩේ කරනවනං පට්පට් ගාලා කරල දාලා අපි ගියා.. ආයි විරාම ගන්නයි නැලවෙන්නයි හුරතල් වෙන්න බෑ. මේව අපිට මේ කීයක් හරි හොයාගන්න තියෙන වෙලාව. අනික අපිට මෙහෙම පුටු රත්කරල සල්ලි හොයල පුරුදු නෑ. වැඩේ කරනවනං කරමු.. නැත්තං අපි ගියා..
චන්දන – හරි හරි අපි එහෙනං කෙලින්ම පළවෙනි ප්රශ්ණෙට යමු..
උපුටා ගැනීම: Asanka Warnakulasooriya

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!