ඇත්තටම මෙහෙම දෙයක් දැක්ක ගමන් හිතේ තිගැස්මක් ඇති වුනත් කොයි මොහොතක හරි උපකාර විය හැකි දෙයක් තමයි මේ.
මෙහෙම දෙයක් ලියන්න හේතු වුනේ දැන් පවතින කොරෝනා උවදුරත් එක්ක අවිනිශ්චිත මරණ අවධානම ඉතාම ලගට ඇවිත් .මේක අපි හැමෝටම පොදු දෙයක්.
මේ සිද්ද වෙන හදිසි මරණත්, ඒ පවුල් වල අය, දරුවො කොහොම ඒවට මුහුණ දෙනවද කියලා යාළුවො එක්ක කතාවකදි කියවුනු අදහස් මේ.
එක්කෙනෙක් කිව්වා එයා දරුවන්ව ලගට (අවුරුදු 10 වැඩි අය) අරන් කිව්වලු
පුතේ මේ ලෝකෙම ලොකු ලෙඩක් තියෙනවා ඒ නිසා අම්මා තාත්තා උනත් මැරෙන්න පුළුවන් ඔයාල තනියම වැඩ කර ගන්න ඉගෙන ගන්න . ආච්චිලගෙ ගෙදර හරි , ලොකු අම්මාගෙ ගෙදර හරි යන්න . බය නැතුව අඩන්නෙ නැතුව ජීවත් වෙන්න කියලා .
දැන්මම ඇයි දරුවන්ගෙ හිත්වලට බය ඇති කරන්නෙ කියලා තව කෙනෙක් ඇහුවා. එයා කිව්වෙ බය කරා නෙවෙයි දරුවන්ව සූදානම් කරා කියලා .
මෙන්න මේ කතාවෙන් පස්සේ මට හිතුණා අපිට කියා ගන්න ඕන දේවල් ලියලා තිබුණා නම් අපෙන් පස්සේ ජීවත් වෙන අයට ඒක හොඳ මතකයක් වෙයි කියලා.
ඩයනා කුමරිය එයාගෙ ලොකු පුතාගෙ 18 වන උපන්දිනයට දෙන්න කියලා .කාලෙකට උඩදි ලියපු ලිපියක් ඇගේ මිතුරියකට දීලා තිබිලා. අම්මා මියගිහින් අවුරුදු 04 කට පස්සේ විලියම් කුමරුගෙ 18 වන උපන්දිනය දවසෙ ඔහුට මේ ලිපිය ලැබිලා තියෙන්නේ. එහි තිබුණා කියන්නෙ එයා කොච්චර ආදරේද ඔහුට, පුතා ගැන තියෙන ඉදිරි බලාපොරොත්තු .ඇත්තෙන්ම ඔහුට කොයිතරම් වටිනව ඇතිද ඒ ලිපිය.
දරුවන්ට කියන්න තියෙන අවවාද, බලාපොරොත්තු විතරක් නෙවෙයි අපේ අම්මාට තාත්තාට වුනත් කියන්න තියෙන දෙයක් ලියලා තියා ගන්න .
තව ඔබේ බැංකු ගිණුම් ,රක්ෂණාවරණ පිළිබඳ විස්තර, ඔබට අයිති දේපල ගැන,ණය ගණුදෙනු පිළිබඳ විස්තර අවශ්ය ලියකියවිලි තිබෙන තැන් ලියා තබන්න .
උපුටා ගැනීම: සෙව්වන්දි ද සිල්වා