මගේ නෝනට බබා ලැබෙන්න ඉන්න කාලේ බොහොම අමාරු උනා, අමාරු උනා කියන්නේ මුල් මාස කිහිපයේ එයාට උයන ඒවා තියා උයන එලවළු කපන තැන හිටියත් ඔක්කාරයට වගේ වමනේ එනවා
දෙයියනේ කියලා කවුරු හරි පොල් සම්බෝල එක්ක හරි උයලා දුන්නොත් කනවා
අපි දෙන්නට අපි දෙන්නා විතරයි මහා ලොකුවට බලා පොරොත්තු තියාගෙන මගේ අම්ම අප්පත් ඔයාට දුවෙක් වගේ සලකයි කිව්වට හැම තැනම වෙනවා වගේ පල නොකියා පලා බෙදනවා
හරියට මම ගෙදරට වැඩකාරියක් වහලියක් ගෙනාවා වගේ
එක වේලකට කෑමට වෑන්ජන හතර පහක් හදන්න ඕනෑ
ඒ හදලත් ඒවායේ ලුණු ඇඹුල් කියන්න එනවා
ඒවා අවුලක් නෑ කියමුකෝ දැන් ඇය ගැබිණියක් , ඇය දරා සිටින්නේ තමන්ගේ ලේ ධාතුවක් එහෙම වෙනකොටවත් අඩුම තරමේ හිතේ නිදහසෙන් ඇයට ඉන්න ඕනෑ නේද කියලා තප්පරේකටවත් හිතිලා නෑ
අන්තිමට තාත්තා මගෙන් ඇහැව්වා අවුරුදු විසිපහක් කන්න දීපු දෙමාපියෝද ලොකු අවුරුදු දෙකක් ආදරේ කරලා බැදපු කෙල්ලද ලොකු කියලා
මොනා කරන්නද ජන්ම දීපු පවනේ කියලා
තාත්තේ
එහෙමයි මගේ උප්පැන්නේ ඔයාට තියෙන අයිතිය ලියලා තියෙන්නේ
ඔයා අම්මව බැන්දට පස්සේ පවුලේ උන් ලොකු කරගෙන ගියානම් අද වෙනකොට අවුරුදු හතලිහක් පවුල් කාපු අම්මත් නෑ එතකොට අපිත් නෑ
මේ අත් මෙච්චර ගොරෝසු වෙලා තියෙන්නේ පස්ස හෝදලා නෙමෙයි අම්ම එක්ක රබර් වතු වල කිරි මැදලම .
ස්තූතියි
අම්මා අපි යනවා මේ ගෙවල් දොරවල් ඔයාලම තියාගන්න අම්මට තාත්තව මොන ප්රශ්නෙදි උනත් දාලා යන්නේ නෑ වගේ තමයි මට මගේ ගෑණිවත් මොන ප්රශ්නයක් උනත් දාලා යන්න බෑ
උබේ ජාතක කතාව උබම තියාගනින් තාත්තේ මේ ලැබෙන්න ඉන්න මගේ දරුවටත් මගේ ගෑණිගේ වාසගම දෙනවා ඒක මට ආඩම්බරයක් .
ප්රශ්නය විසදා ගැනීම නොහැකිනම් කලයුතු හොදම දේ අතහැරීමයි .
ඉතින් මාත් මගේ දෙමාපියන් අත හැරලා කෑගල්ලේ ඉදලා මාවනැල්ලට ආවා .
මට නෝනාත් නෝනට මාත් විතරයි මොන දේ නැතත් අපි දෙන්නත් ලැබෙන්න ඉන්න දරුවාටත් දැන් සැනසීමක් තියෙනවා
ඔය ඉන්න අතරේ දවසක් අවාරේ කාලේ පොළොස් ඇඹුලක් කන්න හිතිලා දොළදුකනේ අපරාදේ කියන්න බෑ ඒ වෙනකොට මටත් පොඩි පොඩි කෑම ජාති හදන්න පුලුවන් කමක් තිබ්බා .
මුළු මාවනැල්ලම පීරලා දවසක් පොළොස් ගෙඩියක් ගෙනල්ලා හදන්න ගත්තා පොලොස් ඇඹුල රහ තියෙන්නේ අද උයලා හෙට කාපුවාම නිසා එදා දවසේ රෑ වැඩ ටික ඉවර කරලා නෝනත් නිදාගත්තට පස්සේ මම පොළොස් ගෙඩිය කපලා කෑලි කරා ලොකු ගෙඩියක් නිසාම ලොකු ඇතිලියක උයන්න ලෑස්ති කරගෙන ලුණු ගොරකා ටික දාලා ගෑස් එකේ වතුර ටිකක් වැඩිපුර දාලා තැම්බෙන්න තිබ්බා
පැය තුන හතරක් හොදට කහට යන්න තැම්බෙන්න ඕනෑ නිසාම මමත් පොඩ්ඩක් ඇල උනා
කොච්චර ඇල උනාද කියනවානම් නෝනා උදේ කතා කරණකොට තමයි ඇහැරුණේ
ඇහරුනු ගමන් මතක් උනේ පොලොස් හැලිය ලිපේනේ කියලා
දඩි බිඩි ගාලා කුස්සියට දුවගෙන ගියා
හත් දෙයියනේ
දැකපු දේත් එක්ක ඔලුවේ අත තියඋනේ.
පොලොස් හැලිය වහලා තියෙන්නේ ප්ලාස්ටික් භාජනේකින් භාජනේ රස්නෙට උනු වෙලා පොලොස් එක ඇතුලේ
කිසීම අවුලක් නෑ නෝනා ඇවිල්ලා මට කිව්වා අයියේ මට දොළදුක තමයි කෑම කන්න අප්රියයි තමයි ඒත් කමක් නෑ මම ඒකට හුරු වෙන්නම් මීට පස්සේ උයන වැඩ කරන්න එපා කියලා .
කෙතරම් දුර්ගන්ධයත් හැමුවත් ඇය කිසිවිටකත් මා හට නැවත ඉවීමට අවස්තාවක් ලබා නොදුන්නේය .
අද අපි දෙදෙනා දරුවන් හතර දෙනෙකුගේ දෙමාපියන් ය.
එදා දෙමාපියන් අත හැර ඒමට සිදු වීම ගැන අදටත් හිතට දැනෙන්නේ මහත් සැනසීමකි .
නමුත් මට අදටත් හිතාගන්නට බැරි දරුවන් හැදු වැඩිහිටියෝ හැටියට ඔවුන් ඒ කාලේ අපේ වයස පසු කර පැමිණියන් උවත් ඔවුන්ගේ අනුවන ක්රියාකලාපය තුල ඇත්තේ මටනම් නීරසක් පමණි .
නිසැකවම ඔවුන්ට නිවන දුරය .
මේ සසරේ මතු ආත්ම වල ඉපදී ඉපදී දුක් විදින්නේය .
උපුටා ගැනීම: අයිති නැති අකුරු