පියාඹන තුවක්කුව (විද්‍යා හා තාක්ෂණය)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
සාමාන්යයෙන් වෙන්නේ ප්රහාරක ගුවන් යානාවක් හදලා ඒකට විවිද ආයුධ හයි කරන එක. නමුත් මේ ගුවන් යානාව හදද්දී, විශාල මැෂීන් තුවක්කුව මුළින් හදලා ඒක වටේ තමයි ගුවන් යානාව නිර්මාණය කරලා තියෙන්නේ. ඒ තමයි මීට අවුරුදු 50කට විතර කලින් හදලා තාමත් සේවයෙන් විශ්රාම ගැනීමට ඉඩ නොදී තබාගෙන ඉන්න, ඇමරිකානු හමුදා සොල්දාදුවන් අතර ජනප්රිය, A-10 නැත්නම් “යුධ වල්ඌරා” නැත්නම් “පියාඹන තුවක්කුව” කියල හදුන්වන ප්රහාරක ගුවන් යානාව.
සතුරන් සමග මුහුණට මුහුණ ගොඩබිමදී සටන්වදින සේනාංක වලට සහායවීමට මේ ගුවන් යානාව නිර්මාණය කරලා තියෙනවා. ඉතා පහලින් පියාසර කිරීමට, සතුරු යුධ ටැංකි හා වාහන විනාශ කිරීම සදහා විශාල අවි බලයක් හා හැකියාවක් මෙම ගුවන් යානාව සතුයි. එවැනි මෙහෙයුම් සදහා ප්රයෝගිකව සහභාගිවීමට හැකිවන ලෙස ඉතා රළු ගුවන් පථ වල සිට, අමතර සහයක් නැතිව සුලු මොහොතකින් ගුවන් ගතවීමටත්, සතුරු සේනාංකයන්ගේ වෙඩි පරවල් හමුවේ ගුවන් නියමුවා හා ගුවන් යානය ආරක්ෂා කරගැනීමටත් හැකියාව A-10 යානයට තිබෙනවා. ඊට අමතරව අඩු වියදමකින් එය නිපදවීමත්, ඉතා පහසුවෙන් නඩත්තු කිරීමට හැකිවන ලෙස නිර්මාණය කර තිබීම විශේෂත්වයක්.
ඒ වගේම මේ යානාව හදලා තියෙන්නේ වෙඩි කන්නමයි. වෙනත් යානා රේඩාර් වලට අසු නොවී ප්රහාර එල්ල කරන්න ලෑස්ති වෙද්දී, A-10 යානාව සතුරාට පෙනි පෙනී ඔවුන් අසලටම ගොස් ප්රහාර එල්ල කිරීමට නිපදවා තියෙනවා. යුධ පෙරමුණකදී, වෙඩි වැදුනත් යානාව නිරුපද්රිත නැවත ගමන් කිරීමට, නියමුවාගේ ජීවිතය ආරක්ෂා කිරීමට හා නැවත ක්ෂ්ණිකව යුධ බිමට එවීමට හැකියාවක් මෙම යානය සතුයි.
A-10 යානය තුල ගුවන් නියමුවා සිටින්නේ වෙඩි නොවදින ටයිටේනියම් වලින් සෑදූ ටැංකියක් තුලයි. ගුවන් යානයේ ස්වාදීනව ක්රියාත්මක වන එන්ජින් දෙකක්, මෙහෙයුම් පද්ධති 3ක් හා අනෙක් විශේෂ ආරක්ෂක පද්ධතීන් දෙක බැගින් තියෙන්නේ එකක් විනාශ උනත්, අනෙක මගින් යානාව මෙහෙයුමේ ආරක්ෂාකාරීව තබා ගැනීමටයි. පොළොවේ සිට වෙඩි තියන විට එන්ජිමට පහසුවෙන් ඒවා වැදීම නවත්වන්නට, මෙම යානයේ එන්ජින් දෙක, යානයේ පිටුපසට වෙන්න, තටු වලට ඉහලින් සවිකර තිබෙනවා. වෙඩි වැදී කොටසක් විනාශ උනත් ගුවන් යානයේ සමබරතාව තියා ගන්න පුළුවන් විය හැකි ලෙස යානයේ තටු නිර්මාණය කර තිබෙනවා.
A-10හි තිබෙන විශාල මැෂීන් තුවක්කුවට දමන උන්ඩ ප්රමාණයෙන් ඉතා විශාලයි. එක් වරකට මෙවැනි මේ උන්ඩ 1,350ක් ඇති මැගසීනයක් රැගෙන යන්න මෙම යානයට හැකියි. සාමාන්ය උණ්ඩ වලට අමතරව, න්යෂ්ටික බලාගාර වල භාවිතා කර ඉවත්කල යුරේනියම් (Depleted Uranium) වලින් සැකසූ වෙඩි උණ්ඩත් මෙම තුවක්කුවට නිතර භාවිතා කරනවා. මේ උණ්ඩ වල ඇති අධි ඝනත්වය නිසා ඝනකම් ලෝහ තහඩු ඇති යුධ ටැංකි හා අනෙක් වාහන පහසුවෙන් පසාරු කරගෙන යාමට හැකියි. මීට අමතරව මිසයිල හා බෝම්බ රැගෙන යාමටද A-10 යානයට හැකි බව සදහන්.
A-10 යානාවට සමගාමීව රුසියාව නිපදවා තිබෙන ප්රහාරක යානය වෙන්නේ SU-25 ගුවන් යානාවයි. එය A-10 වලට වඩා වැඩි වේගයකින් ගමන් කල හැකිවන ලෙස සකසා තිබෙනවා. නමුත් ප්රමානයෙන් කුඩා SU-25 වලට වඩා වැඩිපුර ආයුධ ප්රමානයක් ගෙනයාමටත්, එයට වඩා දෙගුණයක් ඉහල උසකින් පියාසර කිරීමටත් A-10 යානයට හැකි බව සදහන්.
මෑතකදී මෙම A-10 ප්රහාරක යානාවේ තැන ගැනීමට, ඊට වඩා තාක්ෂණයෙන් වඩා දියුණු F-22 හා F-35 වැනි යානාවන් පැමියත් ඇමරිකානු හමුදව හා සෙබළුන්, තවමත් මෙම යානයට ඇළුම් කරන බව සදහන්. ඉරාකයේ හා ඇෆ්ගනිස්තානයේ ක්රියාකාරකම් වල නිරත වෙන A-10 ගුවන් යානාවන් වල
වීඩියෝවන් යූටියුබ් හරහා නැරඹිය හැකියි. විශේෂයෙන්ම ඇමරිකානු සෙබළුම් අනතුරට මුහුණදී හෝ සතුරාට කොටුවී තිබෙන අවස්ථාවන් වලදී, ඔවුන් තම සංනිවේදන පද්ධතියෙන් ආධාර ඉල්ලන හැටිත් ඉන් සුළු වේලාවකට පසු අහසේ දිස්වන A-10 ගුවන් යානා එම සතුරු බලමුළු විනාශ කරන හැටිත් දැක ගන්න පුළුවන්.
May be an image of bottle
May be an image of aeroplane and outdoors
May be an image of outdoors
May be an image of aircraft and text that says "This is not the A-10's gun... *THIS* is!"
උපුටා ගැනීම: සංදේශය

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!