මගේ ඉගනීමෙ උනන්දුව කොයිතරම් ද කියනවා නම් අපෙ අම්මා මාව ගෙදර තියාගත්තෙ සෙනසුරාදට ඉරිදට විතරයි. ශිෂ්යත්වෙ ලංවෙලා අම්මා මාව ගිහින් මිස් කෙනෙක්ගෙ ගෙදර නැවැත්තුව. මට මතකයි එදා අම්මා ඇඩුවා මාව හදාගන්න අමාරුයි මන් එක තැනක වැඩි වෙලාවක් පේන්නවත් ඉන්නෙ නෑ කියලා. ඉතින් ඒ මිසුත්.. “” හරි මිස් මන් කොහොමහරි මේ ටිකේ පාඩම් වැඩක් උගන්න ගන්නම්…”” කියලා මාව තියාගත්තා.
ඒ ගෙදර හරි ශෝක් අදටත් හරි ආදරෙයි එයාලා මට. එතකොට එ මිස් බැදලා නැ… ඒ මිසුයි මිස්ගෙ අයියයි අම්මයි තාත්තයි තමයි හිටියෙ. හැමෝම එකට හිටියෙ. කඩ ගානක අයිති කාරයෝ. නම කීවම ඒ පැත්තෙ කවුරුත් දන්නවා. ඕක තමා ඒ පවුල් පසුබිම. කැලේ මාරු උනාට ෆ්රෙන්ස් කොටියගෙ පුල්ලි මාරු වෙන්නෙ නෑ නේ.. සතියක් යන්න කලින් ඔය ගමෙනුත් මට කොල්ලො කෙල්ලො සෙට් එකක් එකතු උනා. මොකද ඔය මිස්ගෙ පුංචියක්ගෙ පුතෙක් හිටියා.. පොරත් මගෙ වයසෙමයි. ඒ හින්දා අපිට යාලුවො ගොඩායි. කොල්ලො කෙල්ලො කීවට කෙල්ලෙක්ට හිටියේ මන් විතරයි.
අර මිස්ලගෙ කඩෙ වැඩට හිටියා කොලුවෙක්. පොර ගමෙ කෙනෙක් නෙමෙයි. වැඩට ඇවිත් නැවතිලා ඉන්න කෙනෙක්. එයා කඩේට නිතරම යන එන ගෑනු කෙනෙක් එක්ක පොඩි පටලැවිල්ලක් තිබ්බා. මන් දන්නෙ නෑ ඕක ආදර හුටපටයක් කියලා. මන් දන්නෙ ඒ නැන්දා ටොපියක් ගන්න හරි හැමදාම කඩේට එනවා කියලා විතරයි. වෙලාවකට ඔය කඩේ මාවත් තියාගෙන ඉන්නවා නැන්දයි මාමයි.. ( මිස්ගෙ අම්මයි තාත්තයි). ඒ කඩේ මුදලාලිගෙ පුටුවෙ කකුල් ගොඩක් උසයි. ඒක හරි උස පුටුවක්. මන් කඩේට ආවොත් ඉන්නෙම ඔය පුටුවෙ. කවුරුහරි මාව උස්සලා තියන්න ඕනා ඒ පුටුවෙන්. කඩේට දුවගෙන ආව ගමන් ඉතින් නැන්දා හරි මාමා හරි මාව ඔය පුටුවෙන් උස්සලා තියලා තමා අනිත් වැඩ කරන්නෙ. කොච්චර සෙනග ඇවිල්ලා කොච්චර වැඩ වැඩි උනත් මන් ඒ පුටුවෙන් බහින්නෙ නැ. නැන්දයි මාමයි හිට ගෙන තමා ගනුදෙනු කරන්නෙ.
ඔන්න ඉතින් දවසක් මන් අර රාජාසනේ ඉදගෙන ඉන්නවා. සෙනග පිරිලා එදා. මට ඈතින්… අර කඩේ කොලුවා බලන්න එන නැන්දා එනවා පේනවා. කොහොමත් අපිට කාටුන් පටන් ගන්න පැය බාගයක් විතර තියලා හැමදාම එයා එනවමයි. ඒක තමා එයාගෙ වෙලාව. මාත් ඉතින් නැන්දව දැක්ක නිසා කොලුවට කීවා..
අමරෝ.. අමරෝ.. අන්න නයනා එනෝ… කියලා..
ඔක ඉතින් මන් ඔහොමත් නෙමෙයි කීවේ. කොලුවගෙ නම කියලා කෑ ගහලා ලස්සනටම කීවා.. ඌත් තබ්බීරිවෙලා එකතැන හිටගෙන මන් දිහා බලාන හිටියා. කඩේ එවුනුත් ටිකක් වෙලා බලන් ඉදලා කඩි ගුල ඇවිස්සුනා වගේ ආයෙත් එක එක ඒවා ඉල්ලන්න පටන් ගත්තා. හැබැයි එදා ගොඩ දෙනෙක් කඩෙන් ගියෙ මගෙ ඔලුව අතගාලා. සතියකට විතර පස්සෙ කොලුවත් ගමෙන් ගිහින් තිබුනා. තනියම නම් නෙමෙයි අර නැන්දා එක්ක. මගෙන් නියත විවරණ ගන්නකන් තමා උන් දෙන්නා ඉදලා තිබුනේ.
තව දවසක් ඔහෙ ඉන්නකොට එයාලා මාව එක්ක ගියා වාරියපොල තොරණ් බලන්න. ඉල්ලන ඉල්ලන සෙල්ලම්බඩු අරන් දුන්නා. ගෙදරට වඩා සුපිරිම කාලයක් මන් ඒ ගෙදර ගතකරා. මන් කොච්චර දග උනත් ඒ නැන්දටයි මාමටයි කිසිම ප්රශ්නයක් උනේ නෑ. ඉතින් මටත් අර කැරකෙන කතුරු ඔංචිල්ලාවක යන්න පුදුම ආසාවක් ආවා. මන් දැන් යන්න ඕන කියලා එතන දෙකක් කරා. ගෙදරින් අවසරත් නැති හින්දා මුලදි ටිකක් අදි මදි කරාට පස්සෙ මාව අඩවන්න අකමැති හින්දා වැඩේට කැමති උනා. හැබැයි තනියම යන්නත් බයයි මට. මාමත් එන්නම ඕනා මාත් එක්ක. මාමත් එන්න කියලා එතන පොලවෙ පස් කකා මන් මැරෙන්න ගිය හින්දා.. හා ඒකටත් කමක් නෑ කියලා මාමා කැමති වෙලා මාමයි මායි ප්ලෙන් එකක ඉදගත්තා. දැන් ඉතින් අපි කැරකෙනවා.. මාත් කැරකෙනවා.. මාමත් කැරකෙනවා.. ළමයි අඩනවා.. මන් නම් ඇඩුවේ නෑ.. ඒත් ඒ මගුල කැරකිලා කැරකිලා ඉවර වෙන පාටක් නෑ.. මට හිතුනෙම යට තියෙන කෑලි ගැලවිලා දැන් වැටෙයි දැන් වැටෙයි කියලා…මටත් ඇඩෙන්න ඔන්න මෙන්න තියද්දි ගැස්සිලා ගැස්සිලා ඒ මගුල නැවතුනා. මගෙ ඇස් දෙකෙනුත් කදුලු බේරිලා.. අඩලා නම් නෙමෙයි අනේ මන්දා මොකට කදුලු ආවද කියලා.
මාව දැන් උස්සලා ගනියි දැන් ගනියි කියලා බලන් හිටියට මාමා හෙල්ලෙන්නෙ නෑ. ටිකකින් මිස් ඇවිත් මාව උස්සලා ගත්තා. නැන්දා ගිහින් මාමව ගත්තා. එයාට ලෝ ප්රෙසර් හයි ප්රෙසර් වගෙ එව්වා මෙව්වා සේරම තියනවා. බුලත් විට හප හප ආපු මාමට කැරකිල්ලත් එක්ක ලාවට වගේ මතේ ඇවිත්. යන්තන් වැටෙන්න නොදී මාමව අරකෙන් බස්සා ගත්තා.
ඊටපස්සෙ තිබුනා සීසෝ වගේ එකක්.. එක පැත්තක් මුදු….නටම අරන් යනකොට අනික් පැත්ත උඩ ඉදලා බිමට පාත් කරනවා එකපාර. ආයෙ ඒ පැත්ත උඩ….ට උස්සනකොට.. උස්සපු පැත්ත බිමට පාත් කරනවා. ඕක පොඩි ළමයින්ට සුදුසු එකක් නෙමෙයි. කොරන්න දෙයක් නෑ මට ඕකෙත් යන්න ඕනා. දැන් ආයේ අඩනවා මන්.. ඊටපස්සෙ එතන ඒ යන්ත්රෙ කියාත්මක කරන්න හිටපු මාමා කීවා එහෙනම් වැඩිහිටියෙක් නැගලා බබාව අල්ලගන්න කියලා. මේ පාර නම් කීයටවත්ම බෑ කියලා මාමා මුලදිම යෝජනාව තරයේ ප්රතික්ෂේප කරා. මූනෙන් මුන බලාගෙන හිටපු නැන්දයි මාමායි ටිකක් වෙලා බලන් ඉදලා.. නැන්දා වැඩේට හා උනා. දැන් අපි දෙන්නම නැග්ගා එක පැත්තකට. මාව තද කරලා අල්ලාගත්තා.
දැන් ඕන්…. අපි උඩ…. යනවා.. අහස ගෑවී නොගෑවී අපි උඩට යනවා.. උඩ……ටම ගිහින් එක පාර දොහ් ගාලා ආයෙ පොලවට එනවා.. ආයෙ උඩ….. යනවා.. ආයෙ.. පොලවට එනවා.. මේක මරු ආතල් එකක්.. මට නම් හෙන ජොලී.. ඒ කාලෙ මගෙ කොන්ඩෙ කපලා තිබ්බේ ඩොන්කි කට් එකක්… මන් උඩ යනකොට මට කලින් මගේ කොන්ඩේ යනවා.. හුලගත් මරු එකට වදිනවා.. මන් ටිකකින් ඇස් දෙක පියාගත්තා.. තුන්පාරක් විතර උස්සලා පොලවෙ ගහපු පාර මට නිකන් වමනෙට එන්න ආවා. එහා පැත්තෙ ඉදගෙන නැන්දත් අම්මේ.. අම්මේ… ගානවා.. මටත් දැන් නැන්දේ නැන්දේ කියාගන්න ඕන උනාට කියාගන්න බෑ.. පස් වෙනි පාර උඩ……ටම ගිය වෙලාම මට තව දුරටත් වමනෙ ටික අල්ලන් ඉන්න බැරි උනා. ඒත් අපි මනුස්සකන් දන්න මිනිස්සු විදියට උඩ ඉදලා වමනෙ දාන්න බෑ නෙ.. උස වැඩියි.. ඒ හින්දා බිමට පාත් කරනකොට දාන්න හිතාගෙන කටින්ම තදකරගත්තා. මොකද අතින් තද කරගන්න බෑ.. අත අතෑරියොත් මන් සුම්මා.. දැන් අපි උඩ ඉදන් පාතට එන්නයි යන්නේ…මට දැන් තේරෙනවා පාතට එන වේගෙට සමානුපාතිකව මගේ කට ඇරෙන වේගෙත් වැඩි වෙනවා කියලා.. කොරන්න දෙයක් නෑ.. මන් හිතන්නත් කලින්.. මගෙ කට ඇරිලා වමනෙ ටික තොහ් ගාලා ඉස්සරහා පේලියක හිටපු කපල් එකක් උඩට කාක් බෙට්ටක් වැටුනා වගේ වැටුනා.. ඒත් මට නම් මාර සනීපයක් දැනුනේ.. දාඩිය දාලා අර තිබ්බ අමුතු අමාරුව හොද වෙලා ගියා. මට නම් වැඩි ගානක් නෑ බහිනකොට අමාරුව හොද වෙලා… නැන්දනම් ගෙදර යනකන්ම ගුජිංත ගුද ගුද කියලා රුයිතෙටමයි ගියේ.
ඔය අලකලංචි ඉවර වෙලා දවසක් අපි හවසක සෙල්ලම් කරන්න දාගත්තා. මන් කීවනෙ කොල්ලො ගොඩයි එක කෙල්ලයි. ඔය පවුලෙ තව කෙල්ලො හිටියා එයාලා සේරම අක්කලා. ඉතින් අර මිස්ගෙ පුංචිගෙ පුතයි පොරගෙ යාලු කොල්ලො සෙට් එකයි එදා අමුතුම සෙල්ලමක් කරනව කියලා මටත් අඩගැහුවා. මොකද උන් කරන ඕන සෙල්ලමකට මාවත් ගත්තා. ඇත්තටම් ඔයාල විශ්වාස කරන්න කැම්පස් නිවාඩුවට ගෙදර ආවමත් නන්ගිලා ටික සෙට් උනාම මන් අදටත් සෙල්ලම් ගෙවල් දනවා. ඒත් අර කොල්ලො සෙට් එකත් එක්ක හිටපු කාලෙ බෝනික්කෙක් තියා බෝනික්කෙක්ගෙ යට ගවුම් කෑල්ලක්වත් දැක්කෙ නෑ. උන් එක්ක යුද්දෙටම තමා ගියේ. කජු ගස් උඩ ඉදලා ඒම් කරලා සතුරාට පහර දුන්නා.. කානු අස්සෙ බඩගාලා බඩගාලා සතුරාට ලං වෙන්න ඕනා.. දවසක් හුබහක් අස්සෙ හැන්ගිලා ඉද්දි කඩි ගුලක් ඇවිස්සිලා කඩි දෙතුන් දෙනෙක්ම කාපු පාර මන් හු තියලා බල්ටියක් ගහලා නැගිටලා යුධබිම නන්නත්තාර කරා. එදා සාම ගිවසුම් ගහලා යුද්දෙ ඉවර කරා. ඒ දවස්වල මන් ගෙදර ගියේ හමුදවෙ ඉදලා නිවාඩුවට ගෙදර යනවා වගේ.
කතාවෙන් කතාව අමුතු සෙල්ලම ගැන කියන්න බැරි උනානෙ. මේකත් ඉතින මිෂන් එකක්.. ටීම් දෙකක් තියනවා. හන්ගලා තියනවා නිධානයක්. නිධානෙ හන්ගන්න ඉන්නවා දෙන්නෙක්. උන් දෙන්නා තමා බහිරවයො දෙන්නා. ඊටපස්සෙ පිල් දෙකකට බෙදිලා නම් දෙකක් දාගන්නවා.. අර බලකාය මේ බලකාය ඕවා තමා නම්.. එදා මන් හිටියෙ මූදු මංකොල්ලකාරයන්ගෙ ටීම් එකේ. අර බහිරවයො දෙන්නා පොදුවේ ටීම් දෙකටම ඉගි දෙනවා. අපී එ ඉගි ඔස්සේ.. වට පිටාව අදුරගෙන මැප් එකක් එහෙම ඇදගෙන නිදානෙ හොයාගන්න ඕනා. අපිට තියනවා චූටි චුටි කලු ගල් කැට.. ඒවා උන්ඩ.. අපි එහා පිලේ එකෙක්ට ඒ ගල් කැටේකින් ගැහලා ඒක වැදුනොත් එයා මැරෙනවා. සමහර වෙලාවට අපි හොරේට ඉන්නවා වැදුනේ නෑම කියලා.. මන් නම් මට ලගට ඇවිත් ගැහුවත් සමහර අවස්තාවල පිලිගත්තෙ නෑ.. කවුද අනේ මැරෙනවට බය නැත්තේ.. ආයෙ අපිට තියනවා කුරුම්බැට්ටි.. ඒවා කුඩා අත් බෝම්බ එයින් එකක් ආවොත් නම් ඉතින් සෙට් එකක්ම මැරෙනවා. හැන්ගි හැන්ගි යන්න ඕනා ඉතින් බේරෙන්න නම්.. පිල් දේකේම කට්ටියම එකට සෙට් වෙනවා වගේ නම් එතනදි වෙඩි තියන්න බෝම්බ දාන්න බෑ. කඩු සරඹ විතරයි.
අපි මේ සෙල්ලම කරෙ මිස්ලගෙ තියනාවා පොල් වත්තක්.. ඒ එක්කම කුඹුරක්.. ඔන්න ඔය වත්තෙ තමයි අපි සෙල්ලම් කරේ. ඔය කුඹුරට වතුර එන චූටි කානුවක් තිබ්බා. ඇලක් වගේ කානුවක්. එදා මගේ අදහසකට අනුව අපි ඕකේ ගියා. හැන්ගිලා යන්නත් පුළුවන් යන ගමන් නාගන්නත් පුළුවන්. දැන් අපි අපිටම කියලා සිතියමක් හදාගෙන අර වතුර කානුවේ බැහලා යනවා. අපි දැන් ටිකක් වෙලා වතුරෙ නොසෙල්වී ඉන්නවා.. මන් හිටියේ කානුවේ බැම්මකට හේත්තු වෙලා.. මට ටිකකින් තේරෙනවා ඉන හරියේ මොකක්දෝ ගෑවෙනවා.. කවුරු හරි ඇගිලි වලින් හිමීට පිරිමදිනවා වගේ.. හොරා වගේ එහා පැත්තේ ඉන්න එකා පිට අත ගානවා ද කොහෙදෝ.. ලග ඉන්න එකා දිහත් ඇහක් ගහලා බලලා..
“” අම්නේ ඔයා නෝම්ටියා..වෙම්න එම්පා..”” කියලා නොකියා කීවා. ඒත් බලනකොට ඒකා දෑත බදලා පොල්පිත්තක් බදාගෙන හිටියා. මොකද එදා උගෙ වෙපන් එක කාලතුවක්කුවක්.
අනේ ඒත් මට ඉන්නම බෑ කිචී… ක්චිය නවතින්නෙම් නෑ… ඒත් වෙලාවෙ හැටියට අපේ අතේ තුවක්කු හෙවත් නා නා ප්රකාර පොලු තිබ්බ.. ඒ අස්සෙ ගොඩ බිමෙන් සතුරෝ.. සටන පාවා දෙන්නත් බෑ.. අපි මිශන් එක කම්ප්ලීට් කරන්න ඔන්න මෙන්න දැන්.. නිදානෙ ඔලුව උඩින් තිබ්බත් දැන් නම් මට ඉන්නම බෑ කිචි.. දගලන්නමයි හිතෙන්නේ. වතුර හපන්න හිතෙනවා මට.. ජබු ගහන්න හිතෙනවා… ඇග නලියන්න එනාවා…
මන් එහාට මෙහාට වෙවී භුමිතෙල් කාලක් ගහපු පත්තෑයා වගේ ඇඹරෙන හැටි දැක්පු එකෙක් මට අතින් සංඥා කරා කෑ ගහන්න එපා කියලා. ඒත් ඉන්නෙ කොහොමද දෙයියනේ……. මොකෙක්හරි මගේ ඉන දිගේ ඇගිලි තිය තියා පිට දිගේ උඩට යනවා. තවත් බලන් ඉන්න බැරිම තැන පිට ඇල බැම්මට තියලා තද…. කරගෙන හිටියා.. ඇගිලි ටික ඇඹරිලා ජිර්ණ වෙලාම පල කියලා…
බුදා……..ම්මෝ……. සාන්ත…… මගේ ලේ ගමනා ගමනය නැවතුනා.. රෝමෝද්ගමනය ඉක්මන් උනා.. කෙස්ගස් ප්රභාසංස්ලේෂණය කරන්න පටන් ගත්තා…. කෘන්තක දත් රදනකව වැලදාගත්තා… හයියෙන් තොල් දෙක හපාගෙන තද කරාන.. හකු දෙක උන්ඩි කරගත්තා..
ඔව් සුපුරුදු පරිදි ඇලට ඇලක් මික්ස් උනා… ජල කදම්බයක් නිර්මාණය උනා.. කොල්ලො ටිකටත් ජලයේ යම් උනුසුමක් දැනෙන්න ඇති.. අපු වේදනාවට අතේ තිබ්බ පොල්ල වතුර දෙබෑ කරගෙන පොලවේ වැදුනා.. මන් හිමීට ජලයට දිය උනා.. පතූලටම ගිලා බැස්සා.. වතුරෙ ඉදගත්තා.. කොටින්ම මන් හොදට ගිලිලා නෑවා..
ඒත් අපි සටන පාවා දුන්නද සහෝදරවරුනි.. නෑ කීයටවත් නෑ.. දත කට පුට්ටු කරගෙන ආයෙ උඩට ආවා.. එතකොට අපේ සෙට් එක ඒවුන් ආයෙ යන්න පටන් අරන්.. එදා කඩි කාලා පැන්නේ අපි පැරදෙන බව මගෙ යටිබඩට දැනුනු නිසා.. ඒත් අද නිදානේ අපේ ඇස් මානයේ දිලිසෙනවා.. කෝමත් මේ වෙලාවෙ මගෙ ඇස් දිලිසෙනවා… කදුලු අතිරින් දුර බලාගෙන මාත් ගියා.. ටිකක් කලන්තෙ ගතියකුත් තිබුනා.. ඒත් යුධ බිමේ තනිවෙලා නෑ මන්.. මාව රකින්න පස් වැටක් තිබුන.. මන් ඒකට තද වෙවී කොන්දෙ වේදනාව ශේප් කරගෙන දියබරියා වගේ ඇදුනා.. යුද උනුසුම නිමා වෙන්න තව මොහොතයි.. නන්දිකඩාල් මෙහෙයුම ජයගත්තා වගේ.. පුදුම සතුටක් දැනුනේ.. හරියටම සතුට විදගන්න අමාරුයි මට.. ලාවට ලාවට විසික් වෙනවා වගේ.. අපේ එවුන් ගියා නිදානෙ ලගට….
වට උනා.. අතට උඩින් අත් තිබ්බා.. මාත් එක අතක් තිබ්බා..අනිත් අත කොන්දේ…
හීරෝ… හීරෝ… හීරෝ…. එකායි දෙකා…. තුන….යි රොක් මේරියන්ස්……. කියලා කෑ ගහලා අපි චියර් කරා.. දැන් නිදානෙ අයිති අපිටයි. හොදම වැඩේ කියන්නෙ එදා නිදානෙට තිබ්බේ බීම එකක්…. මරු ජයපැන් ලගටම හම්බුනා.. කෙල්ලෙක් කියලා නෑ මාත් ජයපැන් බීවා එක හුස්මට…
ක්රෑහ්හ්……. තුහ්…!! ඒ මොන උලව්වක්ද යකුනේ.. මගෙ උගුර කඩාගෙන සුරගෙන පාරගෙන ගියා.. පෙනහලු දෙකෙ පැත්ත මාරු උනා වගේ දැනුනා.. කුඩා බඩවැල එල්ලෙන්න ගත්තා.. අන්නසෝත්රය ස්ත්රෝත්ර කියන්න පටන් ගත්තා.. ටික වෙලාවක් යනකොට මට පේනවා පොල් ගෙඩි වගයක් මගෙ ඔලුව උඩ.. වලකුලු වගයක් කකුල් දෙක ලග.. මාලුවො වගයක් මාව මට කරගෙන මන් දිහා බලාන ඉන්නවා.. තෙප්පිලියෙක් වගේ එකෙක් මගෙ ලගට ආවා.. උස්සපන් ඔය පැත්තෙන් කීවා.. ඒ කියපු පමාවට ලූලෙකුත් ආවා.. මාව අනිත් පැත්තෙන් උස්සා ගත්තා.. තව සාරි ගප්පි ටික දෙනෙක්.. හුංගො කීප දෙනෙක්.. මගෙ වටේට වට වෙලා අල්ලන් ගියා.. අපි දැන් කැලයක් මැද්දෙන් බඩගානවා.. වැවක් උඩින් ඇවිදිනවා.. ගෙදර පෙනී පෙනී තඩි මෝරු දෙන්නෙක් දුවගෙන ආවා…
බුදාම්මෝ…. මේන් යකෝ මෝරු මාව විකන්න එනවෝ.. පුළුවන් උපරිමයෙන් මන් කෑ ගැහුවා.. ඒත් වැඩක් නෑ එතනින් හිටපු තඩිම මෝරා මාව වඩා ගත්තා.. මන් පාවෙන පලසක කොහෙදෝ ගියා.. ඉන්ග්ලන්ඩ් වලින් ඈම්ස්ටර්ඩෑම් හරහා පැරීසියට හැරෙව්ව වගේ මතකයි. තඩි පාර්ලිමේන්තුවකට මාව එක්කන් ගියා. සෝෆා එකකට මාව දාලා කිමිදුම් කරුවො කීප දෙනෙක් වට උනා. එක කිමිදුම් කරුවෙක් නාරාස්සනයක් උඩට උස්සලා.. ටිකක් බලලා.. මගෙ කනටද කොහෙදෝ තියලා මට අනින්නයි ගියේ…
බේරාගනියෝ… මුන් මාව මරන්න එනවෝ.. මේන් යකෝ මට මොක්කුද කනවෝ… බේරගනියෝ… මාව ලංකාවට අරන් පලයල්ලා….. ඒ අස්සෙ මැරුනු අත්තා මන් ඉස්සරහ ඉන්නවා වැනි වැනී!!.. හම්මේ යකෝ… දරාගන්න බැරියෝ… කාපියව් මාව කාපියව්.. මාව මරාගෙන කාපියව්…. මන් මැරෙන්න බය නෑ යකො… තොපි දැනගනියව්.. මන් යුද බිමේ සටන් වැදුනු එල කෙල්ලක්… තොපිට බෑ මාව මරන්.. මන් මුහුදු මංකොල්ලකාරියක් යකෝ…
ඔහොම සද්දෙදාපු මුහුදු මංකොල්ලකාරි පැයකින් දෙකකින් ඇස් ඇරලා වට පිට බලනකොට මන් හිටියෙ ඉස්පිරිතාලෙක. මගෙ ලගම නැන්දත් හිටියා. කෝමහරි ඇලේ ඉන්නකොට මාව ගෝසුන්නෙක් කාලා.. රතුවෙලා තිබ්බා.. ඒකව කවුරුත් ඇහට දැක්කෙ නෑ.. ඩොක්ටර්ස්ලා ගෙස් කරලා තිබ්බෙ එහෙම තමා.. ඒකටම සෙට් වෙන්න අරුන් ජයපැන් කියලා නිදානෙ වෙනුවට හන්ගලා තිබ්බේ.. තැඹිලි හරි පොල් වතුර හරි පල් කරලා හදාගත්තු අමු රා…. ගොසුන්නා ඇනපු එකත් එක්ක රාත් බීලා මරුවට හුරේ වැදිලා තිබුනා මට.. පස්සෙ සාමාන්ය ත්ත්වෙට එනකන් දවසක්ම මාව හොස්පිටල් එකේ තියාගත්තා. ටිකට් කපලා අරන් යන දවසෙ හිටපු ඩොක්ට මාමා මට සෙල්ලම් පිස්තොලයකුත් දුන්නා.
ඔය වගෙම දෙයක් මට ඊට කලින් වෙලා තියෙනවා. ඒ අවුරුදු තුනේදි අත්තම්ම්ගෙ බේත් පෙති වගයක් ඇද යටට අරන් ගිහින් හොරෙන් කාලා ඩෝස් එක වැඩි වෙලා.. මට සිහි නැතුව ගිහින්.. ඊටපස්සෙ අත්තම්මා ඇද යටට කොස්ස දාලා මාව ඇදලා අරන්.. හොස්පිටල් අරන් ගිහින්. අදටත් අම්මා කියනව මාව බලාගත්තෙ හරි අමාරුවෙන් කියලා. එදා අම්මා උදේ ඇදන් හිටපු සාරිය පිටින් පහුවදා වෙනකන්ම මාව වඩාගෙන ඉදලා මට සිහිය එනකන්ම. අම්මගෙ සාරිය මගේ සුලුදිය වලින්ම පෙගිලා. පොඩි දරුවෙක් නිසා මුත්රා වලින් සැර පිටවෙන්න තමයි බෙහෙත් කරලා තිබුනේ.
ඉතින් අපේ අම්මා මට අදත් කිව්වා.. ” දැන්නම් මට උබත් එක්ක ජීවත් වෙලා ඇති වෙලා තියෙන්නේ කියලා.. “” එහෙම කියන්න හේතු උනේ…
අද අම්මා කීවා මල් වලට වතුර දාන්න කියලා.. ඉතින් බාගයක් ද දා ඉන්නකොට බටෙ හිර වෙලා.. ඇද්දට ඇද්දට ආවේ නෑ.. ඉතින් මාත් දෑත බැදලා ෆුල් ඩම් එක දාලා කකුලකුත් ඉස්සරහට තියලා ඇද්දා.. ඇදපු පාර බටේ ආවා.. බටෙත් එක්කා ලස්ස්නට මල් දාලා පිරිලා ඉතිරිලා ගිය ඕකිඩ් පොච්චි දෙකකුත් ආවා.. අද රෑට කෑවෙ නෑ මන්.
පහතින් තියෙන්නේ කැම්පස් එකේ හොස්ටල් එකේ ගත්තු පික්කුවක්!
* ඉල්ලංකනසිංහ*
