පෙම්වතුන් වෙලා ඉන්න කාලේ හොදම මතක තිබ්බේ බස් එකේ පිටිපස්ස ශීට් එකේ මුල්ලක නැද්ද මම කියන්නේ.
පුළුවන් තරම් කෙටි පාරවල් තිබ්බත් යන්නම ආස වට රවුමකින්.අපිත් ඒ වගේ 176 කෙලින්ම නුගේගොඩ ඉදන් බොරැල්ලට එන්න පුළුවන් කම තියෙද්දි.එන්නේ යන්නේ දෙකම 168 බස් එකේ ඒක ඉතින් වට රවුමක් එනවා.
දවසක් රොටරි ක්ලාස් යන්න අපේ ගෙවල් පාරේ බස්එක ඒ කියන්නේ 172 ඉතින් පිටිපස්සේ ශීට් එකේ ඉඳගෙන එනවා.අම්මෝ කියවනවා කියවනවා තොර තෝංචියක් නැහැ.දැන් වගේ බස්සෙක් නෙවෙයිනේ ඒ කාලේ ගිරවෙක් වගේ
ඉතින් බස් එකට ටිකට් ගත්තා.ඉස්සර පුංචි ටිකට් එකක්කේ තියෙන්නේ ඉතින් අපේ එක්කෙනා ඕක අතේ තියන් ඉන්නේ ඒකෙන් මගේ අතේ වෙලාවකට චිත්රත් අඳිනවා.එදත් කොහොම හරි ටිකට් දෙක අතේ.
මට මතකයි මෙයා එදා බස් ටිකට් දෙක චුටියට රෝල් කරා කටෙත් දැම්මා හැපුවා ඒ වෙලාවේ එච්චරටම රොමැන්ටික් සීන් එකේ හිටියේ.බොරැල්ල බෝ ගහ ලගට ආවා අර ඉරැනු බස් ටිකට් දෙක බෝ ගහ ළඟ බිමට විසික් කලා.ඔන්න දැන් දෙන්නම යනවා ස්ටෑන්ඩ් එකෙන් බහින්න.අපි දෙන්නයි තව දෙන්නෙකුයි අන්තිමට බහින්න හිටියේ.
දෙයියනේ බහින්න යනකොට පැන්න කියන්නකෝ ටික්කෝ.ඔය බස් එකේ හොරට ටිකට් ගන්න යන්නේ නැතිව යන අයව අල්ලන්නේ මම දන්නේ ටික්කෝ කියලා.දැන් මොකද කරන්නේ මේ යකා ඒක මෙලෝ සිහියක් නැතුව හප කලා නේ…
කෝ ගන්න ටිකට් කියපි.මම ඒ මුණ දිහා බැලුවා බෙරි වෙලා.කිව්වා ඉතින් වෙච්ච සංසිද්ධිය.අනේ අර මිනිස්සු දෙන්නා කට කොනින් හිනා වුනා.කෙල්ලව තියලා ගිහින් හපපු ටිකට් දෙක ගේන්න කිව්වා.
ඔන්න ඉතින් ගියා.පැය බාගයක් ගිහින් ටිකට් දෙක හොයන් ආවා ඒකේ කෑලි එකට ගුලි වෙලා තිබ්බ නිසා අහුඋනා.පස්සේ ඉතින් මම ඒ මුණ දිහා බැලුවා රොමැන්ටික් ලුක් එක හොරැ ගෙනිහින්..දාඩිය සට සට ගාලා වැටෙනවා.
අදටත් ඒ මිහිරි මතක ආදරේ අළුත් කරනවා..
(පින්තූරය අන්තර්ජාලයෙන්).
උපුටා ගැනීම: Madushani Thenuwara