විද්යා ප්රබන්ධ වල සොම්බි සංකල්පය ඕනෑ තරම් ඔබ දැක ඇත. මෙහිදී සිදුවන්නේ මිනිසකුට හෝ වෙනත් සත්වයෙකුට යමකු විසින් පහර දී එහි දී ඇතිවන ආසාදනයකින් එම පුද්ගලයාගේ හෝ සත්ත්වයා ගේ චර්යාව දරුණු ලෙස වෙනස් වීමයි. ජෛවීය ලෝකයේ මීට සමාන ආකාරයේ ක්රියාවලියක් සිදු වන අවස්ථාවක් දක්නට ඇත. මෙය සිදුවන්නේ Ophiocordyceps unilateralis දිලීර විශේෂයක් සහ Camponotini වර්ගයට අයත් කුහුඹුවන් අතරය. එය මුලින්ම නිරීක්ෂණය කරන ලද්දේ 1859 බ්රිතාන්ය රිසර විද්යාඥයකු වන Alfred Russel Wallace නිවර්තන කලාපයට අයත් පරිසර පද්ධති තුළය.
මෙම කූඹි විශේෂ වාසය කරන්නේ උස ගස් මතය. වනාන්තරයේ පොළොව මත මෙම දිලීරයේ බීජානු විසිරී පවතී. කූබියන් පොළොවට පැමිණි විට මෙම දිලීර බීජාණු කූඹියන් ගේ ශරීරයේ දැවටුණු විට මෙම බීජාණු කූබියන් ව ආක්රමණය කරයි. දිලීර බීජාණු විසින් නිපදවන එන්සයිම සහ බාහිර පීඩනය හේතුවෙන් කූඹියන්ගේ අස්ථි පද්ධතියට බලපෑම් එල්ල කරයි. මෙම දිලීර බීජාණු කූඹියාගේ අස්ථි පද්ධතිය තමන් යටතට පත් කර ගනිමින් පොළොව මට්ටමේ සිට 26cmක් පමණ උසින් පිහිටන, දිලීරයේ ප්රජනන කාර්යය සඳහා අවශ්ය කරන උෂ්ණත්වය සහ වායුගෝලයේ ආර්දතාවය සහිත සුදුසු ස්ථානයක පිහිටි ශාක පත්රයක් මතට මෙම කූඹියාව රැගෙන යන්නේ මෙම කූබියන් ව සෝම්බි-කූබියන් බවට පත්කර ගනිමිනි. මෙම දිලීර මගින් කූඹියාගේ පේශි පටකවලට ඇති කරන බලපෑමෙන් ශාක පත්රයේ යටි පැත්තේ පවතින ප්රධාන නාරටියට මෙම කුහුඹුවාගේ හනු සම්බන්ධ කරමින් කූඹියා සහ ශාක පත්රය වෙන් නොවන ආකාරයෙන් රඳවා තබා ගනී. ඉන්පසු මෙම කූඹියාව මෙම දිලීර බීජාණු මගින් මරා දමයි. මේ සදහා දින 4-10 ත් අතර කාලයක් ගතවේ. තවද,මීට වසර මිලියන 48 පමණ පැරණි මෙම කූබියන් ශාක පත්රයේ නාරටියට සම්බන්ධ වී පවතින පොසිල විද්යාඥයින්ට හමුවී ඇත. කූබියා මියගිය පසු මෙම බීජාණු පේශී සෛල මත වැඩී පසුව කූඹියාගේ හිසෙන් පිටුපස ඉහලට නික්මෙන දිලීරයේ ප්රජනන කාර්යය සඳහා අවශ්ය කරන දිලීර බීජාණු සහිත බීජාණුධානියක් සාදයි. පසුව මෙහි පවතින බීජාණු විසිරී ගොස් නැවතත් පොළොව මතට වැටී මේ ආකාරයෙන්ම තවත් දිලීර ඇති කිරීමට ඉඩ සලස්වයි. මේ ආකාරයෙන් ශාක පත්රයට සම්බන්ධ වී ඇති මියගිය කූඹියා සහ දිලීර බිජාණූ ඉහළින් ඇති පොළොව මත ප්රදේශ Killing-Zone ලෙස හැදින්වෙන අතර මේ හරහා යන ඕනෑම කූඹියෙකු පොළොව මත විසිරී ඇති මෙම දිලීර මගින් ආසාදනය වේ.
උපුටා ගැනීම: කේලියම්