ස්වාභාවික හුණුගල් පොකුණ (සංචාරක)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
බලන්ගොඩ කල්තොට කැලෑව තුල පිහිටා තිබෙන වටිනා සුන්දර ස්ථානයකි මේ හුණුගල් පොකුණ.
හුණුගල් යනු අවසාධිත පාෂාණයකි. මේවා ප්රධාන වශයෙන් ජලය යට නිර්මාණය වේ. එලෙස නිර්මාණය වීම සඳහා වසර ලක්ෂ ගණනක් පමණ ගතවන අතර තට්ටු අඩි දහස් ගණනක ඝනකමින් යුක්ත වේ. පාෂාණ නිර්මාණය වන ආකාරය අනුව එහි වර්ග ත්රිත්වයකි. එනම්
👉ආග්නේය පාෂාණ (Igneous Rocks),
👉අවසාධිත පාෂාණ (Sendimentary Rocks) 👉විපරීත පාෂාණ (Metamorphic Rocks) වේ.
ශ්රී ලංකාවේ 10% ක හුණුගල් තට්ටුවක්ද 90% ක පසද පිහිටා ඇත. හුණුගල් නිර්මාණය වී ඇත්තේ බොහෝවිට කැල්සියම් කාබනේට් හෝ ඩොලමයිට්වලින් වන අතර හුණුගල් පවතින ඉසව්වක නිතැතින්ම ජලය තිබෙන බව නොඅනුමානය. ක්රිස්තු පූර්ව යුගවල පටන් විවිධ ශිෂ්ටාචාරවලට පාදක වූ ගොඩනැගිලි සහ විවිධ අලංකරණ නිර්මාණ කිරීමට හුණුගල් යොදාගෙන ඇත. හුණුගල් බදාම ලෙසද පැරණි කුලුණු සහ ගොඩනැගිලි ඉදිකිරීමට යොදාගෙන ඇති අතර ඉවුම් පිහුම් කටයුතු කිරීමට පවා හුණුගල් දරලිප යොදාගෙන ඇත.
ලංකාවේ හුණුගල් ගුහා බොහෝමයක් පවතින අතර ඒවායින් කිහිපයක් නම් වවුල්පනේ, මාරපන, පන්නිල, සීතාකොටුව, සඳගිරිය, ස්ත්රිපුර, නිල්දිය පොකුණ, ඉදල්ගස්හින්න, රොටුපිහිල්ල, යාපනය පෙරියමන්ඩපම්, මාතලේ, ඕපනායක ඇඳිරිලෙන ආදී ඉසව් වේ. ස්වභාවයෙන්ම හුණුගල් යනු ජලය තිබෙන පාෂාණ වන අතර අප මීට පෙර හුණුගල් ගුහා ගවේෂණය කළ සියලුම ඉසව්වල පාහේ ජලය උපදින දිය දහරාවන් පිරුණු භූගත ස්ථාන විය.
නමුත් සීතාකොටුව, සඳගිරිය සහ වැල්ලවාය පාසි ඇල්ල නම් ඉසව්වන්, යාපනය පෙරියමණ්ඩපම් ගුහා සංකීර්ණත් හුණුගල් අවශෝධනයෙන් නිර්මාණය වූ එළිමහන් ඉසව් කිහිපයක් වේ. මින් හුණුගල් මතින් ඇදහැලෙන පොළොව අභ්යන්තරයේ පිහිටි එකම කිවුල් දිය ඇල්ල වවුල්පනේ පිහිටා ඇති අතර පොළොව මතුපිට අපට දැකිය හැකි හුණුගල් දිය ඇළි කිහිපයක් බලංගොඩ, සඳගිරිය, වැල්ලවාය, ගුරුළුපොත ආදී ප්රදේශවල දැකගත හැකිය.
අවසාදිත පාෂාණයක් වන හුණුගල් විපරීතකරණයට ලක්වීම හේතුවෙන් කිරිගරුඬ පාෂාණය නිර්මාණය විය හැක. මෙලෙස හුණුගල් බහුලවම ඇති ඉසව් යනු හලාවත, පුත්තලම, මන්නාරම, යාපනය, වයඹ සහ උතුරු වෙරළ බිම් වේ. එලෙසම ස්ඵටිකමය හුණුගල්, අවසාදිත හුණුගල්, කොරල් හුණුගල් සහ කවච හුණුගල් ලෙස නිධි 4 ක් ලංකාවේ දක්නට ලැබේ. යාපනය සිට පුත්තලම දක්වා වෙරළ තීරය තුළ මයෝසීන යුගයට අයත් සුසංගිත අවසාදිත හුණුගල් ඇති අතර ඒවායේ ඇති කැල්සියම් කාබනේට් ප්රමාණය ශුන්යයේ සිට සියයට අනූපහ තෙක් වේ. ලංකාවේ ක්රියාත්මක එකම හුණුගල් කොරිය පුත්තලමට කිලෝමීටර් 20ක් ඈතින් පිහිටි අරුවක්කාරු ප්රදේශයේ පිහිටා අති අතරය එය සිමෙන්ති කළුගල සඳහා අමුද්රව්ය ලබාගැනීමට විවෘත කැනීමකි.
හුණුගල් පොකුණ කියා හඳුන්වන්නේ ස්වභාවිකවම හුණුගල් ඛාදනය වී පොකුණු මෙන් වටවුණු කුඩා තඩාග බොහෝමයක් නිර්මාණය වී ඇති හෙයිනි. මෙම හුණුගල් පතුල කොන්ක්රීට් බදාමයක් දැමුවාක් මෙන් නැතහොත් පිහිනුම් තඩාගයක පතුල මෙන් විනිවිද භාවයෙන් යුක්ත වූ අතර ඒවා කිසිලෙසකත් කැලතී හෝ අපවිත්ර වී නොතිබුණි.
මෙහි ඇති හුණුගල්වල අපි විශේෂත්වයක් දුටුවෙමු. එනම් මෙම හුණුගල් ජලය ගලායන දිශාවට අනුවර්තනය වී තිබීමය. එනම් පොකුණු තුළ ඇති තට්ටු සියල්ලෙම බැම්ම සෑදී ඇත්තේ මෙම හුණුගල් වලිනි. එම බැම්ම තනි හුණුගලින් තිබුණ ද එය ජලය වැටෙන දිශාවට කූරු මෙම නිර්මාණය වී තිබේ එලෙස වී ඇත්තේ වසර ගණනාවක් පුරාවට ජලය කඩා වැටීමේ රටාවට අනුවර්තනය වී හුණුගල් වැටීම මගිනි. එම නිසාම පොකුණු සියල්ලෙම තට්ටු වෙන් වෙන බැව් පහළ ඉතා අලංකාර ලෙස හුණුගල් පහළට වැටෙන ලෙස පිහිටා තිබුනේ ගුහා අභ්යන්තරයේ පිහිටා ඇති හිරිලඹ පරිද්දෙනි. මෙහි ආසන්න වශයෙන් දුසිමකට අධික කුඩා පොකුණු ප්රමාණයක් පවතින අතරමෙම හුණුගල් තුළ වැටුනු විවිධ කුඩා ජලජ ශාක සේම දිය පහර මැද හුණුගල් මධ්යයේ වැඩුණු සුවිසල් ගස් දක්නට ලැබේ. විටෙක මෙහි යම් ස්ථාන නිරීක්ෂණය කළවිට මුහුදු පත්ලේ පිහිටි කොරල්පරවල ආකාරයෙන්ම ජලය යට දැකගත හැකිය.
බළන්ගොඩ රජවක රක්ෂිතයේ තංජන්තැන්න ගල්ලැල්තොට පරදේශයෙන් හමුවී ඇති හුණුදිය පොකුණු මහජනතාවට නැරඹීම සදහා විධිමත් වැඩපිළිවෙළක් සකස් කරන තුරු ඒවා නැරඹීමේ අරමුණින් පරදේශයට ඇතුළු නොවන ලෙස වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව මහජනතාවගේ ඉල්ලීමක් කරයි.
යම් ආකාරයකින් උපදෙස් නොතකා රක්ෂිතයට ඇතුළු වන සියලූ දෙනාම අත්අඩංගුවට ගෙන ඔවුන්ට එරෙහිව නීතිමගින් කටයුතු කරන බවද එම දෙපාර්තමේන්තුව දන්වයි. හුණුගල් පොකුණු වලට ඇතුලූවන මාර්ගයේ රක්ෂිත මායිමේ සිවිල් ආරක්ෂක බළකායේ නිලධාරීන් දෙදෙනකු සේවයේ යොදවා මහජනතාවට ඇතුළු නොවන ලෙස දනවන බවත් විවිධ දැනුවත් කිරීමේ පුවරු මගින් ජනතාව දැනුවත් කර ඇත….
………….අන්තර්ජාලය ඇසුරෙනි……………..
Joy Travel - 🔴Hunugal Pokuna is a limestone pond which is... | Facebook
Hunugal Pokuna: Limestone Pond In Kalthota - Sri Lanka
Hunugal Pokuna: Limestone Pond In Kalthota - Sri Lanka

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!