නිරෝගී මුඛ සෞඛ්‍යක් සදහා දවසට දෙවරක්වත් දත් මැදීම සිදු කළ යුතුය. මෙහිදී ඔබ භාවිතා කරන ටූත් පේස්ට් එක නැති නම් දන්තාලේපය පිලිබද සැළකිලිමත් වීම වැදගත් වේ. මන්ද දන්තාලේප වල පිටුපස ඇති වර්ණකේත (රතු,කළු,කොළ,නිල්) මගින් ඔබ භාවිතා කරන දන්තාලේපය කෙබදු එකක් දැයි ඔබටම බලා ගත හැක. අද ලිපියෙන් අප ඔබට විස්තර කරන්නේ දන්තාලේප ටියුබ් එකේ පිටුපස පහළ කෙළවරෙහි ඇති වර්ණ කේත මගින් කියැවෙන දෑ පිලිබදවය.
ඔබේ දන්තාලේපයේ වර්ණ කේතය පරීක්ෂා කිරීම සදහා දන්තාලේප ටියුබ් එකේ පිටුපස පහළ කෙලවර බලන්න.
1. නිල් වර්ණ කේතය
ඔබ භාවිතා කරන දන්තාලේපය නිල් වර්ණ කේතය සහිත එකක් නම් එයින් අදහස් වන්නේ එම දන්තාලේපය ස්වභාවික අමුද්‍රව්‍ය වලින් සාදා ඇති අතර එම දන්තාලේපය කිසියම් බෙහෙත් වට්ටෝරුවකට අනුව සාදා ඇති බවයි. නිල් වර්ණකේත සහිත දන්තාලේප බොහෝ විට භාවිතා කරන්නේ මුඛ සහ දත් ආශ්‍රිත රෝග සදහාය.
2. කොළ වර්ණ කේත
ඔබ භාවිතා කරන දන්තාලේපය කොළ වර්ණ කේතය සහිත එකක් නම් කොළ පැහැයෙන් අදහස් වන්නේ මෙම දන්තාලේපය සම්පූර්ණයෙන්ම ස්වභාවික අමුද්‍රව්‍ය පමණක් භාවිතා කර නිෂ්පාධනය කර ඇති බවත් කිසිදු ආකාරයක රසායනික ද්‍රව්‍යක් මෙම දන්තාලේපයේ නොමැති බවත්ය.
3. රතු වර්ණ කේතය
ඔබ භාවිතා කරන දන්තාලේපය රතු වර්ණ කේතය සහිත නම් එයින් අදහස් වන්නේ එම දන්තාලේපය නිෂ්පාධනය කර ඇත්තේ ස්වභාවික සහ කෘතීම අමුද්‍රව්‍ය යොදාගෙන බවය.
4. කළු වර්ණ කේතය
ඔබ භාවිතා කරන්නේ කළු වර්ණ කේතය සහිත දන්තාලේපයක් නම් එයින් කියැවෙන්නේ එම දන්තාලේපය නිෂ්පාධනය කර ඇත්තේ 100% රසායනික සහ කෘතීම අමුද්‍රව්‍ය යොදාගෙන බවය. කළු වර්ණය සහිත දන්තාලේප භාවිතයෙන් වැළකී සිටීමට වග බලා ගන්න.
උපුටා ගැනීම: BENIPOST