ලෝකය වටා ඇති ගුප්ත ස්ථාන 20 ක් (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

පෘථිවියේ ඇති ඇතැම් ස්ථාන ගැන ඇසෙන කතා අපව මවිතකරවන සුලුය.ලෝකයේ නන් දෙසින් එවැනි අභිරහස් ගුප්ත ස්ථාන අපට හමුවේ. මෙම ස්ථාන ආශ්‍රිතව සිදුවන ඇතැම් සංසිද්ධින් විද්‍යාත්මකව පැහැදිලි කරගැනීමට තවමත් ලෝකයාට හැකි වී නැහැ.හිතනකොටත් ඇඟ හිරි වැටෙන , පෘථිවි මතුපිට පිහිටා ඇති අරුම පුදුම ස්ථාන කිහිපයක් ගැනයි මේ.

1.බර්මියුඩා ත්‍රිකෝණය

  • ලොව ප්‍රසිද්ධම අභිරහස් ස්ථානය ලෙස සැලකෙන මෙය අත්ලාන්තික් සාගරය හා බර්මියුඩා, පුඒර්ටෝ රීකෝ, මියාමි-ෆ්ලොරිඩා අතර විහිදී ඇති වර්ග සැතපුම් 500,000 ක් තරම් විශාල ප්‍රදේශයකි.ගුවන් යානා 20 කට අධික ගණනක්,නෞකා 50 කට අධිකව මෙම කලාපයේදි අතුරුදහන්ව ඇති බව වාර්තා වේ. මෙම ත්‍රිකෝණාකාර සාගර කලාපයේදි යානා අතුරුදහන්ව යාම නිශ්චිත පැහැදිලිකිරීමක් හෝ අභිරහස් වල සවිස්තර තොරතුරක් තවමත් හමුවෙලා නෑ.

2.බ්ලඩ් ෆෝල්ස්’ (Blood Falls)- ඇන්ටාර්ක්ටිකාව

  • පෘථිවිය මත ඇති සීතල අධිකම සහ වියළිතම ස්ථානයක් වන ඇන්ටාර්ක්ටිකාවේ සුදු හිම ග්ලැසියරයක් මතුපිටින් රතු පැහැයට හුරු ජලය ගලන දිය ඇල්ලක් දැකිය හැකියි.මේ සම්බන්ධයෙන් හරි නිගමනයකට එලඹීමට කල් ගත වුවත් අවසානයේ විද්‍යාඥයින් විසින් මෙය විද්‍යාත්මක පදනමක් යටතේ පැහැදිලි කර ඇත.ඔවුන් පවසන්නේ මෙම ජලයේ වර්ණය රතු වී ඇත්තේ ඔක්සිකරණයට ලක්වෙමින් ඇති ග්ලැසියරය අභ්‍යන්තරයේ ඇති යකඩ බහුල ලවණ ජලය නිසා බවයි. ඒවා ඔක්සිජන් වලට නිරාවරණය වීමත් සමඟ මලකෑමට පටන්ගැනිම ඊට හේතුව බවයි ඔවුන්ගේ මතය වන්නේ.

3.කෲක්ඩ් ෆොරස්ට් (Crooked Forest)- පෝලන්තය

  • පෝලන්තයේ පිහිටි මෙම වක ගැසුණු ගස් සියගණනකින් පිරුණු වනාන්තරය පෙනුමින් ගුප්ත ස්වභාවයක් ගනියි.මේවා 1930′ දශකයේ පමණ වගාකරන්නට ඇති බව සැලකේ.මේවායේ පහළ කොටස දගර ගැසි ඇති අයුරු පුදුමාකාරය.ඇතැම් පිරිස් මෙය හිතාමතා උපකරණයක් හෝ උපක්‍රමයක් භාවිතයෙන් සිදුකරන ලද්දක් බව විශ්වාස කරති. ඇතැම් අය මෙය ශිත සෘතුවේ හිම කුණා‍ටු නිසා සිදුවූවක් බව සිතති. කෙසේ වෙතත් ඒ ගැන නිශ්චිත මතයක් නැත.

4.(අපායේ දොර‍ටුව) ‘ඩෝර් ‍ටු හෙල්’ (Door To Hell)- ටර්ක්මෙනිස්තාන්

  • මීට වසර 50 කට පමණ ඉහතදී උතුරු ටර්ක්මෙනිස්තාන කාන්තාරයේ ලාව ආවාටයක් විවෘත වීම සිදුවිය.‘දර්වාසා ආවාටය’ ලෙස හඳුන්වන මෙය අදටත් දහනය වෙමින් පවතින සක්‍රීය ස්ථානයකි.රාත්‍රියේදී එහි දිප්තිය සැතපුම් ගණනක් ඈතට පෙනේ.

5.ඊස්ටර් අයිලන්ඩ් (Easter Island)- චිලී

  • පැසිපික් සාගරයේ පිහිටා ඇති මෙම හුදකලා දූපතක් වන මෙය අතිතයේ රපා නූයි ශිෂ්ඨාචාරය පැවති භූමිය විය. මෙහි ගල් ප්‍රතිමා 1000 කට අධික සංඛ්‍යාවක් දක්නට ලැබෙන අතර ඒවා ‘මො ආයි’ යනුවෙන් හැඳින්වේ.වසර 900 ක් පමණ පැරණි ප්‍රතිමාවක සාමාන්‍ය උස අඩි 13 ක් වන අතර බර ටොන් 14 ක් පමණ වේ.මේවා ප්‍රථමයෙන්ම ඇස ගැටී තිබුණේ 1722 යුරෝපීය ජාතික මුහුදු ගවේෂකයින් පිරිසකටය.ඉපැරණි පොලිනේසියානුවන් මෙවැනි ප්‍රතිමා කැටයම් කොට දූපත පුරා ස්ථාපිත කලේ ඇයි ද යන්න අදටත් අභිරහසකි.

6.එටර්නල් ෆ්ලේම් ෆෝල්ස් (Eternal Flame Falls)- නිව්යෝර්ක්

  • නිව් යෝක් හි චෙස්ට්නට් රිජ් පාක් හි මෙම දිය ඇල්ල පි‍ටුපස අමුතු තැඹිලි පැහැයට හුරු රතු ආලෝකයක් දැකිය හැක.මෙසේ ගිනි දළු නැගෙන්නට ප්‍රධානම හේතුව එහි ඇති පලුදු වූ පාෂාණ තුලින් නැගෙන ස්වභාවික මීතේන් වායුවයි.නමින් එසේ අදහස් වුණත් මෙම ගිනි දළු නොනිවී තිබෙන්නේ නම් නැහැ.වතුර බිඳු වැටෙන විට මෙය නිවී යනවා.එතැනට යන ඇතැම් සංචාරකයින් ලයිටරයකින් එහි යලි ගින්නක් දල්වන බව පැවසෙනවා. ඒ අයුරින් එතැනට යන අනෙක් අයටත් මේ අරුම පුදුම සංසිද්ධිය දැකගැනීමට ලැබෙන්නේ ඒ ආකාරයටයි.

7.ෆෙයාරි සර්කල්ස්’- නැම්බියාව

  • නැම්බියානු කාන්තාරයක මෙසේ රවුම් පැල්ලම් මිලියන ගනණක් පොලොව මත සෑදී ඇති අයුරු දර්ශණය වේ.තණකොල වලින් වට වූ පස් රවුම් හඳුන්වන්නේ සුරංගනා රවුම් යන අරුත් ඇති Fairy Circles යනුවෙනි.මේවා එවැනි ශුද්ධ වූ ආත්මයකගේ හාස්කමකින් ඇතිවූවක් ලෙස ඇතැම් අය විශ්වාස කරති.ඇතැම් විද්‍යාඥයින් මේ සම්බන්ධයෙන් මත පළ කරමින් සඳහන් කරන්නේ මෙසේ පොලොවේ රවුම් රටා සෑදෙන්නේ ශාක වර්ග ජලය සොයා තරඟවැදීම නිසා බවයි.

8.(මහා නිල් කුහරය) ‘ග්‍රේට් බ්ලූ හෝල්’(Great Blue Hole) – බෙලීස්

  • මෙම මුහුදු කුහරය පිහිටා ඇත්තේ බෙලීස් වෙරළේය.හරහට අඩි 1000 ක් ද ගැඹුරින් අඩි 400 ක් පමණ විශාලය. සුපැහැදිලි ජලයේ පිහිනමින් කොරල් පර නැරඹීමට මුහුදු කිමිදුම්කරුවන් මෙහි පැමිණෙයි.

9.ගීසා හි මහා පිරමීඩ -ඊජිප්තුව

  • වසර දහස් ගණනක් තිස්සේ නොනැසී පවතින මානව ඉදිකිරීමක් ලෙස සැලකෙන ගිසා හි පිරමීඩ ගැන ඉතිහාසය මවිතකරවන සුලුය.පැරණි ලෝකයේ ලෝක පුදුම 7 න් එකක් ලෙස සැලකෙන මෙය ලොව වැඩිම සංචාරක ආකර්ෂණයක් ඇති ස්ථාන අතරින් එකකි.අඩි 455 ක් පමණ උසින් යුත් මෙම පිරමිඩ සැකසූ තාක්ෂණය ගැන ඇත්තේ නොවිසඳුණු අභිරහස් ‍රැසකි.

10.(බෝනික්කන් දූපත) ‘අයිලන්ඩ් ඔෆ් ඩෝල්ස්’ (Island of Dolls)- මෙක්සිකෝව

  • මීට සම්බන්ධ පුරාවෘත්තය නම් මීට වසර 50 කට ඉහතදී මෙම දූපතේ ආරක්ෂකයා හට වරක් වතුරේ ගිලෙමින් සිටි එක් කුඩා දරුවෙකු මුදාගැනීමට නොහැකි වීම නිසා එම සිද්ධියෙන් කම්පනයට පත්වූ එම තැනැත්තා පූජාවක් ලෙස දූපත වටා බෝනික්කන් එල්ලීමට කටයුතු කර ඇත. ඇස්,අත්,කකුල්, හිස රහිත එම බෝනික්කන් තවමත් එසේම ගස් වල එල්ලී තිබේ. ඇතැම් අය පවසන්නේ මෙම දූපතේ හොල්මන් අවතාව වලින් පිරී ඇති බවයි.

11.කවා ඉජෙන් ජලාශය (Kawah Ijen lake)-ඉන්දුනීසියාව

  • ලෝකයේ ඇති ආම්ලික බවින් වැඩිම ජලාශයයි.නිල් මැණික් පැහැයට සමාන ජලය පිරුණු මෙම ජලාශයේ පත්ලේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 200 ක් පමණ වේ.මාරාන්තික මීතේන් වායුවෙන් පිරුණු මෙම ජලාශය රාත්‍රි කාලයේදි ගුප්ත නිල් පැහැයකින් දිලිසීමට පටන්ගනියි. අඩි 16 ක් පමණ ඉහළට නිල් පැහැති ගිනි සිලු නැගෙන අතර සල්ෆර දියර කන්ද දිගේ නිල් පැහැති ඉලෙක්ට්‍රික් ලාවා මෙන් පහළට ගලායයි.කෙසේවෙතත්,ඒ අවට ප්‍රදේශවාසීන් කිසිඳු ආරක්ෂිත ආවරණයක් නොපැලඳ අවදානම් ලෙස ඒ වටා ගොඩබිමේ ‍රැස් වී ඇති ගෙන්දගම් පාෂාණ (සල්ෆර්) එකතු කිරීමට පුරුදුව සිටින බව පැවසේ

12.ඒබ්‍රහම් ජලාශය (Lake Abraham) -කැනඩාව

  • උණුසුම් මාස වලදි ඒබ්‍රහම් ජලාශය දිස්වන්නේ නිල්මැණික් පිරුණු ජලාශයක් ලෙසයි.සීත සෘතුවේදී මිදුණු ජලය අවලම්බිත සුදු ගෝල මෙන් සෑදී හිම බෝල මෙන් දිස්වෙන්නට ගනියි.මෙය මැජික් එකක් ලෙස කෙනෙකුට සිතිය හැකියි.නමුත් මේවා ඇත්තෙන්ම භයානකය.මෙම අයිස් බුබුළු සෑදී ඇත්තේ ජලාශය පත්ලේ ඇති කාබනික ද්‍රව්‍ය දිරාපත්විමේදි ඇතිවන දහනක මීතේන් වායු වලිනි.

13.හිලියර් ජලාශය (Lake Hillier) -ඕස්ට්‍රේලියාව

  • රෝස පැහැති ජලය, කපුරු ගස් වලින් පිරුණු වනාන්තර සහිත මේ ප්‍රදේශය ඉතා භයානයකය.පැසි‍ෆික් සාගරයට යාබදව පිහිටි මෙම ස්ථානය මාලුන්ගෙන් පවා ගහණ වී ඇති අතර පිහිනීමට පවා ආරක්ෂිත වුවත් සංචාරකයින් හට ඊට බැසීමට ඉඩ ලබාදෙන්නේ නැහැ.නමුත් මෙම පැහැය සම්බන්ධ ස්ථීර නිගමනයක් තවමත් නැහැ,විද්‍යාඥයින් පවසන ආකාරයට මෙම ජලාශයේ ඇති ජලය රෝස පැහැ වී ඇත්තේ එහි වාසය කරන විවිධාකාරයේ ක්ෂුද්‍ර ජීවීන් නිසා බවයි

14.නැට්‍රෝන් ජලාශය (Lake Natron) -ටැන්සානියාව

  • කුරුල්ලන් ගල් කරවීමේ බලයක් ඇති ජලාශයක් ලෙසයි මෙය හැඳින්වෙන්නේ.ජලයේ උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක 140 කට අධික වන අතර Ph අගය 10.5 ක් පමණ වේ(ඇමොනියා වල තරම් වැඩිය).ලොව භයානකම ජලාශයක් වන නැට්‍රොන් හි ජලය දීප්තිමත් රතු පැහැයක් ගනියි.මෙම ජලාශයේ ජීවත් වන ජීවින් මිය ගිය පසු ප්‍රතිමා ලෙස ගල් ගැසී ඉවුරට ගොඩගසයි.විද්‍යාඥයින් මෙය පැහැදිලි කරන්නේ මෙලෙසයි: හයිඩ්‍රජන් සහ ක්ෂාරීය ද්‍රව්‍ය (ඇල්කලයින්) ලුණු සහ හුණුගල් නිර්මාණය කරයි.එම ජලයේදී මිය යන සත්වයින් දිරාපත් වීම වැළැක්වී ගොස් ස්වභාවිකව සංරක්ෂණය වීම සිදුවේ. සතුන් දිරාපත් නොවූ ප්‍රතිමා වන්නේ ඒ නිසයි.

15.නැස්කා රේඛා- පේරු

  • නස්කා රේඛාවන්(Nazca Lines) නම් ප්‍රසිද්ධ විශාල භූ ලක්ෂණ වලට සාපේක්ෂව ඉතා වෙනස් මෙම ස්ථානයේ පිහිටීම සහා නිර්මාණකරුවන් කවුරුන්දැයි යන වග 1933 වසරේ පටන් අද දක්වාම අභිරහසක්ව පවතියි. කෙසේවෙතත් ,පුරාවිද්‍යාඥයින් විසින් මේ සම්බන්ධයෙන් අනුමානයන් කිහිපයක් ඉදිරිපත් කර ඇත.උදාහරණයක් ලෙස ඔවුන් පවසන්නේ මෙය ඉපැරණි සුසාන භූමියක් විය හැකි බව හෝ යම් ගබඩා ස්ථානයක් ලෙස භාවිතා වූවක් බවයි.නමුත් අදටත් මේ සම්බන්ධයෙන් පිලිතුරු වලට වඩා ඇත්තේ කුතුහලයෙන් පිරුණු ගැටලු ‍රැසක් පමණි.

16.’ඩෙත් වැලේ ‘ ජාතික උද්‍යානය (The Death Valley National Park) -කැලිෆෝර්නියාව

  • කොට්න්වුඩ් සහ ලාස්ට් චාන්ස් කඳු පන්ති අතර පිහිටි මරණයේ නිම්නය යන අරුත් ඇතු ‘Death Valley’ හි කර්කෂ බවින් වැඩි ගමන් කිරීමට අපහසු තැනකි.මෙම ස්ථානය වියළී ගිය ජලාශ ප්‍රදේශයකි.එහි ඇති පාෂාණ ගුප්ත ලෙස රේස් පථයක මෙන් පාර හිටින සේ ඉදිරියට ඇදී ගොස් තිබෙනු දැකිය හැකිය.එය ඇත්තටම අභිරහස් බලයකින් පාෂාණ තල්ලු වී ඇති බවක්.ඇදගෙන ගොස් ඇති බවක් පෙන්නුම් කලත් විද්‍යාඥයින්ගේ මතය අනුව එය එසේ නොවන බවයි පෙනී යන්නේ.ඔවුන් පවසන ආකාරයට මෙම භූමිය හිමෙන් වැසීගිය කාල වලදී සුලඟත් සමඟ මෙම පාෂාණ ඉදිරියට චලනය වීම සිදුවන බවයි.

17.රිචට් ආකෘතිය (Richet Structure)- මවුරිටේනියා

  • සහරාහි ඇස යන අන්වර්ථ මිථ්‍යා නාමයෙන් හැඳින්වෙන මෙය සැතපුම් 30 පළල ගුවනත සිට බැලූ විට කාන්තාරයක් මැද ඇති ගොනෙකුගේ ඇසක් මෙන් පෙනෙන වක්‍රාකාර ලක්ෂණයකි.ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිටින ගගනගාමීන් හට මෙම ස්ථානයේ පැහැදිලි හැඩය දැකීමට හැකි බව සඳහන් වේ.

18.සලාර් ඩි උයුනි (Salar de Uyuni)- බොලීවියාව

  • ලොව විශාලතම ලවණ තට්‍ටුව වන මෙය වර්ග සැතපුම් 4000 කට අධික ප්‍රදේශයකට විහිදී ඇත.එහි සමතලාබව සහ වියළිබව මෙන්ම අතිශය දීප්තිමත් පැහැදිලි නිල් අහස එක්ව අපූරු ප්‍රතිබිම්බයක් නිර්මාණය කරවයි.වියළි කාලයේදි මෙහි අපූරු බහුකෝණික පළුදු රටාවන් ඇතිවී ටයිල් ආකාරයෙන් සැකසී ඇති අයුරු දැකිය හැකි වේ.

19.තරු මුහුද (Sea of Stars)- වාදූ දූපත, මාලදිවයින

  • වාදූ දූපත වටා ඇති සාගර ජලය රාත්‍රියට අපූරු පෙනුමකින් දිස්වේ.ජලය කැලතූ විට එහි ජීවත්වන ‘ඩයිනොෆ්ලැගෙල්ලාට්ස්’ නම් ස්වයංදීප්තියක් ඇති ක්ෂුද්‍රජීවින් බිලියන ගණනක් ජලයේ සිට දීප්තිමත් නිල් පැහැති ආලෝකයක් විහිදුවයි.එය පෙනුමින් ජලයේ කණාමැදිරියන් ගමන් කරනවා වැනි දර්ශණයක් මවයි.එය ඇතැම් අවස්ථාවල හිරු බැස යමින් තරු නැගෙන එන අහසේ දර්ශණයටත් වඩා අලංකාරය.

20.ස්ලෝප් පොයින්ට්’ (Slope Point)- නවසීලන්තය

  • නවසීලන්තයේ දකුණුදිග දූපතේ දකුණු ප්‍රදේශය ඇන්ටාක්ටිකාව දෙසින් අඛණ්ඩව,ඉතා ප්‍රබලව හමා එන සුලඟට නතුවී ඇති නිසා එහි වැඩෙන ගස් පවා සුලඟට එකම පැත්තකට නැවී වර්ධනය වී තිබේ. සුලඟ හමන දිශාවට ස්ථීරව නැවුණු හැඩයක් ගන්නා මේ වනාන්තර අපූරු දර්ශණයක් මවයි.                                                      උපුටා ගැනීම:  The Lanka Post   

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!