පැණි මී මැස්සා (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
හැමදාම එක එක කතන්දර කිව්වෙ මං අල්ලපු අඩව් ගැනනෙ. අද මට හිතුනා මී මැස්සෙක් ගැන කියන්න.
පැණි මී මැස්සා කොච්චර ආදරේ හිතෙන සතෙක්ද කිව්වොත් එක පාරක් විද්දම ලූණු ගෙඩිය ඔලුවෙන් හිටගෙන ඉලුවත් දනවා දෑමක් ආයි හොයාගෙන ගිහින් කූර දෙකට කඩන්න හිතෙන තරම්.
ඒ උනාට මී මැස්සෙක්ගේ ජීවිත කතාව වාඩිවෙලා අහගෙන හිටපු දවසෙන් පස්සෙ මම ඒ දෙකට කඩන අදහස අතෑරගත්තා. මොකද ඒක ඒ තරම් සංවේදී. මී මැස්සන්ගෙත් ඉන්නවා අපි වගේ කම්කරු ජනතාව. උන්ට මැයි දිනයක් නෑ. මොකද කම්කරු මී මැස්සො පැණි හදන කාලෙට උපරිම ජීවත් වෙන්නෙ සති හයයි. නැත්තම් හතයි. අප්රේල් අග ඉපදිච්ච උන්ට විතරයි මැයි දිනේ තියෙන්නෙ. හැබැයි උන්ට පෙලපාලියට එන්න බෑ පැණි හදන්න තියනවා හුස්මක් කටක් ගන්නැතුව. නැත්තම් රැජිණ පඩි කපනවා.
කම්කරු මී මැස්සෝ කරන්නෙ පැණි ගබඩා කරන එකයි, කීටයෝ පෝෂණය කරන එකයි. හැබැයි, මෙයාලා සති හයෙන් ගැහිලා ගියා කියලා මී මැස්සො වඳ වෙලා යන්නෙ නෑ.
මී මැසි ජනපදයක පැවැත්ම තීරණය වෙන්නේ ඒක ඇතුලෙ ඉන්න එක එක මී මැසි කොටස් වලින්. ඒ කියන්නෙ මේ මැසි රැජින විතරක් ඉතුරු වුණොත් ඒ ජනපදයට පැවැත්මක් නෑ, මොකද රැජිනට තනියම පරාගණය කරන්නවත් පැණි හදන්නවත් බෑ. ජනපදයක් එකතු වෙලා කරපු එකක් තනියම කරන්න බෑනෙ, කලන්තෙ හැදෙනවා අපිට උනත්.
මී මැස්සන්ගේ හැදෙන පැටවු ඔක්කොම පිරිමිද කියල මට ලොකු ප්රශ්නයක් තිබ්බා. එක ගෑණු කෙනෙක්ට කොහොමද එහෙම රජ කරන්න දෙන්නෙ හුහ්! නෑ මිත්රෝරුණි, තව ගෑනු සත්තු ඉන්නවා. එයාලා වැඩ කරන ජනතාව. වැඩ කරන මී මැස්සොන්ට ප්රජනන ක්රියාවලිය කරන්න බෑ. බැරිද නැත්තම් කරන්නෙ නැද්ද නම් දන්නෙ නෑ. කොහොමහරි එයාලා කැපවීමෙන් වැඩ කරනවා.
මී මැසි ජනපදයක රැජින සංසේචනය වෙලා නැති (Unfertilized) බිත්තර නිපදවනවා. ඒවා ඩ්රෝන් බවට පත් ( පිරිමි මී මැස්සො) බවට පත් වෙනවා. සංසේචනය වෙලා හැදෙන බිත්තර තමයි ගෑණු සත්තු වෙන්නෙ. ඒ ගෑණු සත්තු වැඩ කරන ජනතාව වෙනවා. සමහරක් Virgin Queens (වර්ජින් ක්වීන්) ලා වෙනවා. රැජිනියො වෙන්න හැදෙන බිත්තර මී වදයේ විශේෂිත කුටි වල තැන්පත් කරනවා.
ඩ්රෝන් එකක් කියන්නෙ තනිකරම රැජින සමඟ සංසර්ගයේ යෙදෙන්න හැදිච්ච කොටසක්. දැන් ඉතින් මේක කියවන පිරිමි ලමයි මී මැස්සෙක් වෙන්න පාරමී පුරන්න පටන් ගන්නෙපා. වැඩේ ඉවර වෙද්දි අරූ මැරෙනවා. ඩ්රෝන් එකක ආයු කාලය කෙලින්ම මේ සංසර්ග ක්රියාවලියට සම්බන්දයි. පරිණත වෙච්ච ඩ්රෝන් එකක් හරියට ක්රියාවලිය කරොත්, ඒකෙන් පස්සෙ මිනිහා ඉක්මනට මැරෙනවා.
පරිණත වෙච්ච නැති දෙදාහෙන් පස්සෙ ඩ්රෝන් එකක් ඕක කරන්න ගිහින් අල කරගත්තොත් එයාව නෙරපා හරිනවා. ඉතින් සීතලට අහු වෙලා හරි, බඩගින්නෙ හරි ඒත් මිනිහා මැරෙනවා. කොහොම කරත් පිරිමින්ට අසාධාරණේ එතන.
කම්කරු, එහෙම නැත්තම් වැඩ කරන සේවක මී මැස්සො තමා ජනපදයේ ඉන්න පොඩිම මී මැස්සො. හැබැයි සංඛ්යාවෙන් එයාලා තමයි ගොඩක්ම ඉන්නෙ. එක ජනපදයක සේවකයො 20,000 ත් 30,000ත් අතර ගාණක් ඉන්නවා. මෙයාලා වැඩ කරන්නෙ ජපනා වගේ. මැරීගෙන වැඩ කරනවා ජනපදය හදන්නයි පැණි එකතු කරන්නයි පරාගණය කරන්නයි.
මී මැසි රැජිනගේ වැඩේ තමයි බිත්තර දාන එක. එයා අවුරුදු කීපයක් ජීවත් වෙනවා දිගටම බිත්තර දම දමා. අනිත් මී මැස්සො තමන්ගේ වැඩේ කරල ඉවර උනාම මැරෙනවා. මැරෙනවා කියල දැන දැනත් එයාලා ඒක කරනවා. හරියට කෙලවෙනවා කියල දැන දැන අපි චන්දෙ දෙනවා වගේ.
පැටව් දැම්මට පස්සෙ රැජිනට දෙනවා රාජකීය ජෙලි (Royal Jelly) කියල දෙයක්. ඒවා හැදෙන්නෙ කම්කරුවන්ගේ ලවණ ග්රන්ථි මගින්. රැජිනව හරිහමන් රාජකීය ජෙලි වලින් පෝෂණය කරේ නැත්තම්, ඒ කියන්නෙ කම්කරුවා බුලක් කෙලල තිබ්බොත්, ඒ රැජිණ කම්කරුවෙක් බවට පත් වෙන්න ගන්නවා. රංචු ගැහෙන කාලෙදි ජනපදයට රැජිනක් නැත්තම් හරි, ඉන්න රැජිණ දුර්වලයි නම් හරි, කම්කරුවන්ට සංසේචනය නොවූ බිත්තර දාන්න හැකියාවක් තියනවා.
ඔයාලා දන්නවනෙ, එක හොද්දට කුක්ලා ගොඩක් හිටියම හොද්දට ලුණු වැඩි වෙනවා කියලා. මෙතනත් රැජිණියො වැඩි උනාම වැඩේ කචල්. ඊටත් මී මැස්සො උනත් අපි ගෑණුනෙ අප්පා. ඔන්න ඕක නිසා රැජිනියො වෙන්න හැදිච්ච බිත්තර වලින් කට්ටිය එලියට ආවට පස්සෙ රැජිනියො ටික ෆයිට් කරගන්නවා.. අන්තිමට එකෙක් ඉතුරු වෙනකම් මරාගන්නවා. අලුත් රැජිනක් ආවම පරණ රැජිනයි එයාගෙ හෙන්චයියො ටිකයි ජනපදේ අතෑරලා යනවා. අපේ දේශපාලනේ වගේ තමා. එයාලා ගිහින් බෙදිලා වෙන වෙන පක්ෂ හදාගන්නවා.
ඔන්න ඔහොමයි ඒ කතන්දරේ වෙන්නෙ. ලස්සන වෙන්නයි තොල් පාට වෙන්නයි බෙහෙත් වලටයි කෑම හදන්නයි මී පැණි ගත්තට ගොඩක් අය දන්නෑනෙ මී මැස්සා ජීවත් වෙන්නෙම පැණි හදන්න විතරයි කියලා. එයාලගේ ජනපද වල තව රස කතා බොහොම ඇති මම දන්නෙත් නැති. ඔයාලත් හොයල බලන්න විනෝදෙට වගේ. මටත් පසිඳු තමා කිව්වෙ පිරිමි මී මැස්සො මෙහෙම අසාධාරණේට ලක් වෙනවා කියලා. කොහොම වුණත් ජීවිත කාලෙම එක දිගට බිත්තර දදා ඉන්න එකත් ආස හිතෙන වැඩක් කියලා මට නම් හිතෙන්නෙ නෑ.
නිකම් හිතල බැලුවොත් මී මැසි ජනපදයක් ඇතුලෙ ඉන්න අය හිතන විදිය කොහොම ඇතිද කියලා, හොඳ කාටුන් එකක් හරි කතාවක් හරි ලියන්න තිබ්බා. ඔයාලා නම් මී මැස්සෙක් වෙන්න හිතන්නවත් එපා ලමයි. එක්කො බිත්තර දාලා මැරෙනවා. නැත්තම් සංසර්ගයේ යෙදිලා මැරෙනවා. ඒක කරගන්න බැරි උනත් මැරෙනවා.
සංවේදී නැද්ද ඉතින්!
 උපුටා ගැනීම:   -තක්ෂිලා පැතුම්-

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!