තරුණයන් විසි දෙනකුට වස පෙවූ අනුලා දේවිය (ශ්‍රී ලාංකීය ඉතිහාසය)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

අනුලා දේවිය කියලා කියන්නේ ශ්‍රී ලංකාවේ රාජ්‍ය බලය ලබා ගත් පළවෙනි රැජින. ඒ වගේම ඇය ආසියාවේ ප්‍රථම පාලිකාව ලෙස හඳුන්වනවා .අනුරාධපුරයේ රජකම් කළ වළගම්බා රජුගේ පුත්‍රයා වන චෝර නාග හෙවත් මහානාග නමැති පුද්ගලයා  ඇගේ ස්වාමි  පුරුෂයා වූ බව ඉතිහාසයේ සඳහන් වෙනවා.

අනුලා දේවිය

ඉතිහාසයේ සඳහන් වන ආකාරයට මේ මහානාග කියලා කියන්නේ භික්ෂූන්ට නිරන්තරයෙන් ම හිරිහැර කළ, වස්තූන් සොරකම් කළ සොරකු ලෙස ප්‍රසිද්ධියට පත්වූ පුද්ගලයෙක්.නමුත් කාලයාගේ ඇවෑමෙන් ඔහු රජ කමට පත් වීමෙන් පසු රූමත් බවින් අග තැන්පත් අනුලා දේවිය ඔහුගේ බිසව ලෙස පත් කර ගන්නවා.

අනුලා දේවිය කියන්නේ කම්සැපට නිරන්තරයෙන්ම ලොල්බැදි ස්ත්‍රියක්.චෝරනාග රජු ද ඒ හා සමානව කම් සැප අපේක්ෂාකළ පුද්ගලයෙක්.

අනුලා දේවියගේ වෙනස් වීම

මෙසේ රජ සමඟ කාලයක් ගත කරන විට අනුලා දේවියට තමන්ගෙ  ආශාවන් සපුරා ගැනීමට රජුගේ පහස මදිබව හැගෙනවා.ඒ නිසාම ඇය නොයෙක් අවස්ථාවන්  වල දී රජවාසලේ නොයෙක් පුද්ගලයන්ට හොර රහසේ පෙම් බදිනවා. මේ අතර එක්තරා දිනක ඇය උඩු මහලේ සිටින අවස්ථාවක රජවාසලේ කසල ශෝධකයෙකු තමන්ගේ රාජකාරිය ඉවර වෙලා සැදෑ සමයේ රජ මිදුල හරහා නිවස බලා පිටත් වෙනවා දකිනවා.මේ සේවකයාගේ ආරෝහ පරිනාහ දේහය දකින බිසවට ඔහු පිළිබඳ ආශාවක් ඇති වෙනවා. ඇයට අවශ්‍ය වෙනවා ඔහුව තමන්ගේ ස්වාමියා කරගන්න.

ඉතින් ඇය  මිදුලේ ගමන් කරන සේවකයාට අතින් සංඥා කරනවා තමන්ගෙ දෙසට එන්න කියලා .බිසවට පිටුපස සැඟවී මේ දෙස බලා සිටින රජුට සියල්ල වැටහෙනවා. රජු ඇගේ සිත තේරුම් ගන්නා අතර තදබල ලෙස ඇයට බැන වදින්න පටන් ගන්නවා. නමුත් රජු ඇයට ඇති  ආසාව නිසාම ඇය මරන්නෙනම් නැහැ.

ඉන් පසු රජුට හොර  රහසේ මුලින් කී සේවකයා  සමඟ පෙමින් බැඳෙන්න මේ දේවිය තීරණ කරනවා. මේ තරුණයාද අනුලා බිසවගේ පහසට ලොල් වුණා.ඔහු බිසව කියන ඕනම දෙයක් කරන තත්වයට පත්වුනා. ඉන් පසු බිසව ඔහු ලවා විස වර්ගයක්  ගෙන්වාගෙන රජු මධුවිත පානය කරන කෝප්පෙට එම විස මුසු කරා. විස ශරීර ගත වන රජතුමා සිහිසුන්ව මිය ගිය බව අතීතය සඳහන් වෙනවා.

නැවත විවාහ වීම 

රජුගේ මරණයෙන් පස්සේ කුඩාතිස්ස නම් පුද්ගලයා බිසවගේ උදව් උපකාර මත රජ බවට පත් වෙනවා. ඉන් පසු වසර තුනක් පමණ කාලයක් තමන්ගේ අගබිසව ලෙස අනුලා දේවිය පත්කර ගනිමින් මේ රජතුමා රාජ්‍ය පාලනය කරා. මේ අතරතුර අලුත් පෙම් හබේක පැටෙලෙන අනුලා දේවිය ශිවනැමැති තරුණයෙක්ට ආලය කරනවා. ඇය ශිව සමඟ රති සුව විඳින අතර කුඩා තිස්ස මරණයට පත් කරන ආකාරය නිරන්තරයෙන්ම හිතුවා. ඉන් පසු  චෝරනාග රජු මැරුවා ආකාරයට ම අනුලා දේවිය ඔහුට ද වස ලබා දුන්නා.

ඉන් පසු ඇගේ අලුත් පෙම්වතා වන ශිව නැමැති පුද්ගලයාට රාජ්‍ය බලය ලබා දෙන අතර අවුරුද්දක් පමණ කාලය ගත කරන විට ඇයට ශිවගේ පහසින් සැනසීමටත්  නොහැකි  වෙනවා. ඒ නිසාම ඇය පෙර පුරුදු ආකාරයටම   ඔහුටත් වස ලබා දී මරණයට පත් කරනවා. ඉන් පසු එතැනින් නොනවතින මේ කාමාශක්ත අනුලා දේවිය වඩු කර්මාන්තයේ නියැළෙන වටුක නම් තැනැත්තෙක් ගේ පහසට පෙම් බඳිනවා. ඔහුද රජ තනතුරේ තබා රජකම් කිරීමට අවස්ථාව ලබා දෙන අනුලා දේවිය ඔහුගේ පහසිනුත් සෑහීමකට පත් පත් නොවන අතර පෙර  පරිදි ම ඔහුට ද වස ලබා දී මරණයට පත් කරනවා.

ඇගේ කාම සිතුවිලි හේතුවෙන්ම දුරදිග නොබලා ක්‍රියා කරන අනුලා දේවියට රාජ්‍ය බලය ගැන කිසිම ලෝබ කමක් තිබ්බෙ නැහැ.මීළඟට ඇය පෙම් බඳින්නේ මාලිගාවට දර සපයන පුද්ගලයෙක්ට. කාලයක් ඔහු සමග ජීවත් වන අනුලා දේවියට ඔහුගේ පහසු නුත් සෑහීමකට පත් වෙන්න බැරි තැන ඔහුට ද වස දී මරණයට පත් කරනවා .

ඇය අතින් මෙලෙස තරුණයන් 20ක් පමණ අකාලයේ මියගිය බව ඉතිහාසයේ සඳහන් .මේ අතරතුර කාලයේ රටේ තත්ත්වය බොහෝ සෙයින් ව්‍යාකූල  වුණා.රාජ භාණ්ඩාගාරය පවා හිස් වෙන්න පටන් ගත්තා .රටේ තත්ත්වය දුටු මකල තිස්සගේ සේනාව විසින් මාලිගාව හතරවටින් වටලා ගිනි තිබ්බා.ඉතින් ඉතිහාසයේ සඳහන් වන ආකාරයට රාග ගින්නෙන් ඇවිලුණු මේ අනුලා බිසව මේ මහා ගින්නට දැවි අලු වී ගිය බව සඳහන් වේ.

 උපුටා ගැනීම:   M.ශෂිකලා මදුෂානි
B.A in Communication Studies

    The Lanka Post

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!