රාත්‍රිය උණුසුම් වුවත් පොරවන් නැතිව නිදාගැනීමට නොහැකි හේතුව (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

රෑට සුව නින්දක් ලබා ගන්න බ්ලැන්කට් එකක් අපිට නැතුවම බැරි දෙයක්. අපිට හිතෙන විදියට බ්ලැන්කට් එකට හරි පුදුම මැජික් බලයක් තොයනවා. මොකද අපි බ්ලැන්කට් එකෙන් අපිව වහගත්තම ඉක්මනින් වගේම සනීපෙට නින්ද යනවා. උණුසුම් රාත්‍රීන් වලදී වුණත් අපිට බ්ලැන්කට් එකක් නැතුවම බෑ. බ්ලැන්කට් එකට අපිත් එක්ක ඒ තරම් සමීප බැඳීමක් තියෙන්න හේතු කිහිපයක් තියනවා.

අද අපි ඔයාට කියන්නෙ අපිට බ්ලැන්කට් එකක් නැතුව නිදාගන්න බැරි වෙන්න හේතු මොනවද කියලයි.

01. එමගින් අපේ ඇඟේ උෂ්ණත්වය පාලනය කරනවා

අපි උණුසුම්-ලේ තියන ජීවීන් වර්ගයක්. ඒකෙ තේරුම තමයි, අපේ ඇඟ එහි අභ්‍යන්තර උෂ්ණත්වය පාලනය නිසා අපිට උණුසුම්ව ඉන්න පුලුවන්. කොහොම වුණත් අපි තද නින්දේ ඉන්නකොට, අපේ ඇඟට උෂ්ණත්වය පාලනය කරන්න තියන හැකියාව අඩු වෙනවා. ඒ නිසා අපේ අවට තියන දේවල්වලින් ඇඟේ උෂ්ණත්වය පාලනය කරන්න උදව් ගන්න අපේ ඇඟට සිදුවෙනවා. ඒ වගේම බ්ලැන්කට් එකක් මගින් අපේ ඇඟට අවශ්‍ය උෂ්ණත්වය සැකසීමට හා පවත්වා ගැනීමටත් උපකාරී වෙනවා.

02. බ්ලැන්කට් කියන්නෙ අපේ නින්දට නැතුවම බැරි දෙයක්.

බ්ලැන්කට් එක පෙරවීමෙන් අපිට දැන් අපි ආරක්ෂිතයි කියලා හැඟීමක් දැනෙන්නෙ නෑ. ඒත් අපි අපේ මුළු ජීවිත කාලය පුරාම බ්ලැන්කට් භාවිතා කරලා තියනවා. ඉතින් දැන් අපිට බ්ලැන්කට් එකක් පොරවන එක පුරුද්දක් බවට පත් වෙලා. අපි නිදාගන්න ගිහිල්ල බ්ලැන්කට් එකක් පොරවගත්තම, අපේ ඇඟට සංඥාවක් ලැබෙනවා දැන් නිදාගන්න වෙලාව හරි කියලා.

03. බ්ලැන්කට් එක මගින් ආතතිය හා කාංසාව අඩු කරනවා.

සෙරොටොනින් කියන්නෙ අපව සතුටින් හා සන්සුන්ව තියන්න වැදගත් වෙන හොඳ රසායනික සංයෝගයක්. අපි ආතතියට හා දුකට පත් වුණාම අපිට නින්ද යන්නෙ නෑ. කොහොම වුණත්, බ්ලැන්කට් එකක් පොරවගත්තට පස්සෙ මේ රසායනික ද්‍රව්‍යයේ ප්‍රමාණය වෙලා ආතතිය හා දුක වගේ නිදාගන්න කරදර කරන හැඟීම් අඩු වෙලා යනවා.

04. බ්ලැන්කට් අපිට නින්දට යන්න උදව් වෙනවා.

බ්ලැන්කට් එක මගින් වෙනම අපිට නොපෙනෙන කාලගුණයක් ඇති කරනවා. එමගින් අපේ සම උණුසුම් කරනවා. ඒ වගේම අපේ ඇඟ සිසිල් කරන අවට සාධක අපට දැනෙන එක අඩු කරනවා. ඒ නිසා තමයි අපිට බ්ලැන්කට් එකක් පොරවගත්තම ඉක්මනින් නිදාගන්න පුලුවන් වෙන්නෙ. ඒ වගේම හොඳ සුවපහසු නින්දක් ලබාගන්නත් බ්ලැන්කට් එක උදව් වෙනවා.

05. අපට ආරක්ෂිත බවක් දැනෙනවා.

අපි පොඩි කාලෙ ඉඳන්ම කලුවරට බයයි. ඒත් බ්ලැන්කට් එකකින් අපිව වහගත්තම අපිට කලුවරට තියන බය ටිකක් අඩු වෙනවා කියලා ඔයාට දැනිලා තියනවද? බ්ලැන්කට් එක මගින් අපිව ආරක්ෂා කරනවා කියලා හැඟීමක් අපිට දැනෙනවා. එතකොට බය නැතුව නිදාගන්න පුලුවන් වෙනවා.

ඔයාටත් කොච්චර රස්නෙ දවසක වුණත් නිදාගන්නකොට බ්ලැන්කට් එක නැතුවම බෑ නේද? ඔයාට ඉක්මනින් නින්දට යන්න බ්ලැන්කට් එක උදව් වෙනවද? මේ ගැන ඔයාගෙ අදහස් අපට කියන්න.

 

උපුටා ගැනීම: adobe

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!